ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 44 ලිපිය
  • මුඛ සංවාසය ලිංගික ක්‍රියාවක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුඛ සංවාසය ලිංගික ක්‍රියාවක්ද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔයා හිතන්නේ මොකක්ද?
  • ඇත්ත මොකක්ද?
  • ඇත්ත දැනගන්න ඕන ඇයි?
  • ලිංගික කාරණා ගැන මගේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • ලිංගික කාරණා ගැන දරුවන්ව දැනුවත් කළ යුත්තේ ඇයි?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලිංගික සම්බන්ධකම් පවත්වන්න එන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • මේ පොරොන්දුවෙන් පලක් ඇද්ද?
    2007 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 44 ලිපිය
යෞවනයෙක් සහ යෞවනියක්

යොවුන් සිතේ ගැටලු

මුඛ සංවාසය ලිංගික ක්‍රියාවක්ද?

එක්සත් ජනපදයේ රෝග මර්දන හා වළක්වාගැනීම සඳහා තියෙන ආයතනවලින් අවුරුදු 15ත් 19ත් අතර යෞවනයන්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳෙව්වා. ඔවුන්ගේ වාර්තාවට අනුව ඒ අයගෙන් අඩක් විතර මුඛ සංවාසයේ, ඒ කියන්නේ තමාගේ මුඛය භාවිත කරලා තව කෙනෙක් එක්ක ලිංගික ක්‍රියාවල යෙදිලා තිබුණා. එක පොතක කර්තෘවරියක් වන ෂාර්ලීන් ඒසම් මෙහෙම කියනවා. “මුඛ සංවාසය ගැන යෞවනයන්ගෙන් ඇහුවොත් ඒ අය කියන්නේ ‘ඒක එච්චර දෙයක් නෙමෙයිනේ’ කියලා. ඒක ලිංගික ක්‍රියාවක් කියලා ඒ අය හිතන්නේ නැහැ.”—Oral Sex Is the New Goodnight Kiss.

  • ඔයා හිතන්නේ මොකක්ද?

  • ඇත්ත මොකක්ද?

  • ඇත්ත දැනගන්න ඕන ඇයි?

ඔයා හිතන්නේ මොකක්ද?

පහත ප්‍රශ්නවලට ඔව්ද, නැද්ද කියලා උත්තර දෙන්න.

  1. මුඛ සංවාසයේ යෙදෙන දැරියක් ගැබ්ගනියිද?

    1. ඔව්

    2. නැහැ

  2. මුඛ සංවාසයෙන් ලෙඩ රෝග බෝ වෙයිද?

    1. ඔව්

    2. නැහැ

  3. මුඛ සංවාසය ලිංගික ක්‍රියාවක්ද?

    1. ඔව්

    2. නැහැ

ඇත්ත මොකක්ද?

ඔයාගේ උත්තර පහත තියෙන උත්තරමද කියලා බලන්න.

  1. මුඛ සංවාසයේ යෙදෙන දැරියක් ගැබ්ගනියිද?

    උත්තරය: නැහැ. මුඛ සංවාසය හින්දා ගැබ්ගන්නේ නැති නිසා එහෙම කෙරුවට කමක් නෑ කියලා හුඟක් අය කියනවා.

  2. මුඛ සංවාසයෙන් ලෙඩ රෝග බෝ වෙයිද?

    උත්තරය: ඔව්. මුඛ සංවාසයේ යෙදෙන කෙනෙක්ට හෙපටයිටිස් A හෝ B, ලිංගේන්ද්‍රියන් ආශ්‍රිතව ඇති වන ඉන්නන්, ගොනෝරියා, හර්පිස්, ඒඩ්ස් සහ සිෆිලිස් කියන රෝග බෝ වෙන්න ඉඩ තියෙනවා.

  3. මුඛ සංවාසය ලිංගික ක්‍රියාවක්ද?

    උත්තරය: ඔව්. සම්මත ලිංගික සම්බන්ධකම්, මුඛ සංවාසය, ගුද සංවාසය සහ වෙනත් කෙනෙකුගේ ලිංගේන්ද්‍රියන් අතින් පිරිමැද ලිංගික වින්දනයක් ලබා දීම ඇතුළු වෙනත් කෙනෙකුගේ ප්‍රජනන ඉන්ද්‍රියයන් යොදාගෙන කරන ඕනම ක්‍රියාවක් ලිංගික ක්‍රියාවක්.

ඇත්ත දැනගන්න ඕන ඇයි?

මුඛ සංවාසය සම්බන්ධ විෂය ගැන බයිබලයේ තියෙන අදහස් කීපයක් බලන්න.

බයිබලේ දෙන උපදෙස: “දෙවි කැමති වන්නේ ඔබ ශුද්ධව සිටිනවාටය. එහෙයින් ඔබ වේශ්‍යාකමින් වැළකී සිටිය යුතුයි.”—1 තෙසලෝනික 4:3.

මුල් භාෂාවට අනුව “වේශ්‍යාකම” හැටියට පරිවර්තනය කරලා තියෙන වචනය පාවිච්චි කරන්නේ විවාහ වෙලා ඉන්න පුරුෂයෙක් හා භාර්යාවක් අතර සිද්ධ වෙන ලිංගික සම්බන්ධකම් හැර මුඛය හෝ ගුද මාර්ගය ලිංගික ක්‍රියාවන් සඳහා යොදාගැනීම සහ වෙනත් කෙනෙකුගේ ලිංගේන්ද්‍රියන් පිරිමැද ලිංගික වින්දනයක් ලබා දීම ඇතුළු ඕනම විදිහේ ලිංගික ක්‍රියාවක් සඳහායි. වේශ්‍යාකම් කරන කෙනෙක් නෙළාගන්නේ දරුණු ප්‍රතිඵල. දරුණුම එක තමයි දෙවියන් එක්ක තියෙන බැඳීම කැඩෙන එක.—1 පේතෘස් 3:12.

බයිබලේ දෙන උපදෙස: “වේශ්‍යාකම ශරීරයට ඍජුවම බලපාන පාපයකි. එහෙයින් එසේ කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි.”—1 කොරින්ති 6:18.

මුඛ සංවාසය නිසා ලෙඩ රෝග හැදෙනවා විතරක් නෙමෙයි දෙවියන් එක්ක තියෙන බැඳීමටත් හානියක් වෙනවා. මානසිකව පීඩා විඳින්නත් ඉඩ තියෙනවා. එක පොතක කියන්නේ මෙහෙමයි. “විවාහ වුණ කෙනෙක් විවාහයෙන් පිට කෙනෙක් එක්ක හරි අවිවාහකයෙක් තවත් අවිවාහකයෙක් එක්ක හරි අඹු සැමියන් වගේ ලිංගික සම්බන්ධකම් පැවැත්තුවාට පස්සේ ‘එයා මගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා,’ ‘මං එයාට ගොදුරු වුණා’ වගේ හැඟීම් ඇති වෙනවා. ඒ නිසා මානසිකව වැටෙනවා. ඒ ගැන හොඳටම කලකිරෙනවා. මුඛ සංවාසය වැනි ලිංගික ක්‍රියාවකින් පසුවත් ඒ විදිහට දැනෙනවා. වැරදි විදිහට සිදු කරන ඕනම ලිංගික ක්‍රියාවකින් මානසික පීඩා ඇති වෙන එක වළක්වන්න බැහැ. ඒක තමයි ඇත්ත.”—Talking Sex With Your Kids.

බයිබලේ දෙන උපදෙස: ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නේ මමයි.’—යෙසායා 48:17.

ලිංගික ක්‍රියා ගැන දෙවියන් දීලා තියෙන නීති ප්‍රයෝජනවත් කියලා ඔයාට විශ්වාසද? නැත්නම් ඒවා නිසා ඔයාගේ නිදහස ඇහිරෙනවා කියලා ඔයා හිතනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න මේ උදාහරණය බලන්න. වාහන නිතරම එහා මෙහා ගමන් කරන මහා මාර්ගයක වේග සීමා සටහන් පුවරු, මාර්ග සංඥා සහ නවතින්න කියන සංඥා තියෙනවා. ඒවා නිසා ඔයාගේ නිදහස ඇහිරිලා කියලද හිතෙන්නේ? නැත්නම් ආරක්ෂාවක් ලැබෙනවා කියලද හිතෙන්නේ? ඔයා හරි අනිත් රියදුරන් හරි ඒවා නොසලකාහැරියොත් මොනවා වෙයිද?

මාර්ග සංඥා නොසලකාහරිමින් ඉදිරියට යන රියදුරෙක්

මාර්ග නීතිවලින් ඔයාගේ නිදහස සීමා වුණත් ඔයාට ඒවා ආරක්ෂාවක් වෙනවා. ඒ වගේ දෙවියන්ගේ නීතිවලින් ඔයාගේ නිදහස ඇහිරුණත් ඒවායින් ඔයාට ආරක්ෂාවක් ලැබෙනවා

දෙවියන් දීලා තියෙන ප්‍රමිතිත් ඒ වගෙයි. ඒවා නොසලකාහැරියොත් සිද්ධ වෙන්නේ වපුරපු දේ නෙළාගන්නයි. (ගලාති 6:7) “වැරදියි කියලා දැනුණත් ඔයාගේ විශ්වාසයන් සහ සාරධර්ම පැත්තකට දාලා ඒ ක්‍රියාවන්වල නියැලුණොත් ඔයාට ඔයා ගැන තියෙන හොඳ හැඟීම නැති වෙලා ඔයාගේ හිත වධ දෙන තත්වයකට පත් වෙන්න පුළුවන්” කියලා එක පොතක තියෙනවා. (Sex Smart) හැබැයි දෙවියන්ගේ ප්‍රමිති අනුව ඔයා ජීවත් වෙනවා නම් ඔයා සදාචාරවත් කෙනෙක් කියලා අනිත් අය දකියි. ඊටත් වඩා, ඔයාට පිරිසිදු හෘදය සාක්ෂියක් තියාගන්නත් පුළුවන් වෙයි.—1 පේතෘස් 3:16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න