ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 78 ලිපිය
  • දෙවි කෙනෙක් ඉන්නවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි කෙනෙක් ඉන්නවාද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • දෙවි කෙනෙක් ඉන්නවද? හොයලා බලන්න ඕන ඇයි?
    2015 පිබිදෙව්!
  • මට කිසි සතුටක් දැනෙන්නේ නැහැ. මට උදව් කරන්න ආගමට, බයිබලේට හෝ දෙවියන්ට පුළුවන්ද?
    බයිබලයෙන් උත්තර
  • මැවුම්කරුට ඔබේ දිවියට අරුතක් එක් කළ හැකියි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මැවුම්කරු ගැන පොතකින් ඔබට උගත හැක්කේ කුමක්ද?
    ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 78 ලිපිය
වලාකුළු අතරින් රැස් විහිදුවන හිරු

දෙවි කෙනෙක් ඉන්නවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

දෙවි කෙනෙක් ඉන්නවා කියන එකට බයිබලයේ ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ නිසා අපි නිකම්ම දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැතුව අපේ ‘බුද්ධිය’ සහ “වටහාගැනීමේ හැකියාව” පාවිච්චි කරලා ඒ ගැන තියෙන සාක්ෂි හොඳට හොයලා බලන්න ඕනේ. (රෝම 12:1; 1 යොහන් 5:20) දෙවි කෙනෙක් ඉන්නවා කියන එකට බයිබලයේ තියෙන සාක්ෂි මොනවාද?

  • මේ විශ්වයේ තියෙන හැම දේම පිළිවෙළකට නිර්මාණය කරලා තියෙන එකෙන් පැහැදිලි වෙන්නේ නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියන එකයි. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.” (හෙබ්‍රෙව් 3:4) ඒක හරිම සරල උදාහරණයක් වුණත් උගතුන්ට නම් ඒක ලොකු බලපෑමක් වෙලා තියෙනවා.a

  • සාමාන්‍යයෙන් මිනිසුන්ට එදිනෙදා අවශ්‍යතා සපුරගන්න විතරක් නෙමෙයි ජීවිතේ අරමුණ ගැන දැනගන්නත් ආසාවක් තියෙනවා. බයිබලේ කියන විදිහට අපිට ඒ වගේ අවශ්‍යතාවක් දැනෙන්නේ ‘දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවක්’ ඇතුව අපිව නිර්මාණය කරලා තියෙන නිසයි. ඒ කියන්නේ දෙවියන්ව දැනගෙන ඔහුට නමස්කාර කිරීමේ අවශ්‍යතාවක් ඇතුවයි. (මතෙව් 5:3; එළිදරව් 4:11) ඒකෙන් පේන්නේ දෙවි කෙනෙක් ඉන්නවා කියන එක විතරක් නෙමෙයි, ඔහුට ළං වෙන්න අවශ්‍ය දේවලුත් අපිට සපයන ප්‍රේමණීය දෙවි කෙනෙක් කියන එකයි.—මතෙව් 4:4.

  • බයිබලයේ අනාවැකියක් ගැන සඳහන් කරද්දී ඒ ගැන නිශ්චිත තොරතුරු සඳහන් කරලා තියෙනවා. ඒවා අවුරුදු ගාණකට කලින් ලියවුණත් සඳහන් කරලා තිබුණ විදිහටම ඒවා ඉටු වුණා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒ අනාවැකි වාර්තා කරන්න මිනිස්සුන්ට වඩා බලවත් කෙනෙක්ගේ මඟ පෙන්වීම් ලැබුණා කියන එකයි. —2 පේතෘස් 1:21.

  • අභ්‍යවකාශයේ සිට පෘථිවිය පෙනෙන විදිහ

    එදා සමාජයේ හිටපු අය විශ්වාස කරපු දේවලට වඩා වෙනස් දේවල් තමයි බයිබල් ලේඛකයන් ලිව්වේ. උදාහරණයකට, ඒ කාලේ ගොඩක් අය හිතුවේ පෘථිවිය අලියෙක්, වල් ඌරෙක් නැත්නම් හරකෙක් උස්සන් ඉන්නවා කියලයි. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි බයිබලයේ තියෙන්නේ. ඒකේ කියන්නේ ‘පොළොව හිස් අවකාශයේ එල්ලා’ තියෙනවා කියලයි. (යෝබ් 26:7) ඒ වගේම පෘථිවියේ හැඩය ගැන බයිබලයේ කියලා තියෙන්නේ ඒක “ගෝලයක්” කියලයි. (යෙසායා 40:22) ඒ වගේ දේවල් පවා බයිබලයේ හරියටම වාර්තා කරන්න ලේඛකයන්ට පුළුවන් වුණේ දෙවියන් ඒ අයට තොරතුරු දැනුම් දුන්න නිසා කියලා ගොඩක් අය විශ්වාස කරනවා.

  • ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට බයිබලයේ උත්තර තියෙනවා. උදාහරණයකට, දෙවියන් බලවත් වගේම ප්‍රේමණීය කෙනෙක් නම් පොළොවේ දුෂ්ට දේවල් වෙන්නේ ඇයි, ආගමේ මුවාවෙන් දුෂ්ටකම් සිද්ධ වෙන්නේ ඇයි වගේ වැදගත් ප්‍රශ්නවලට බයිබලයේ උත්තර තියෙනවා. (තීතස් 1:16) හැබැයි ඒ ගැන නොදන්න ගොඩක් අය හිතන්නේ දෙවි කෙනෙක් නැහැ කියලයි.

a උදාහරණයකට, තාරකා විද්‍යාඥයෙක් වෙන ඇලන් සන්ඩේජ් කියපු දේ බලන්න. “විශ්වයේ තියෙන පිළිවෙළ දිහා බලද්දී ඒවා එකපාරටම ඇති වුණා කියලා හිතන්න අමාරුයි. මම නම් දෙවි කෙනෙක් ගැන එච්චර දන්නේ නෑ. හැබැයි මේ හැම දේම පිළිවෙළට නිර්මාණය කරලා තියෙන එකෙන් පේන්නේ ඒවා හදන්න කවුරු හරි කෙනෙක් ඉන්න ඕනෙ කියන එකයි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න