ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 27 ලිපිය
  • යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යාච්ඤාව තුළින් දෙවිට ළංවීම
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • ස්වාමීන්ගේ යාච්ඤාවේ කියන විදිහටමද අපි යාච්ඤා කරන්න ඕනේ?
    බයිබලයෙන් උත්තර
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 27 ලිපිය

යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

බයිබලයේ ඒ ගැන කියන දේ

දෙවියන් දෙන්න කැමති ඕනම දෙයක් ගැන ඔයාට යාච්ඤා කරන්න පුළුවන්. ‘දෙවියන්ගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවියන් ඒ සෑම දෙයකටම සවන් දෙනවා’ කියලා බයිබලයේ කියනවා. (1 යොහන් 5:14) අපේ හිතේ තියෙන ප්‍රශ්න, හිතට වද දෙන දේවල් ගැනත් දෙවියන්ට යාච්ඤා කරන්න පුළුවන්. “ඔබේ හදවතේ ඇති සියල්ල දෙවිට පවසන්න” කියලා බයිබලයේ කියලා තියෙන්නේ ඒ නිසයි.—ගීතාවලිය 62:8.

මේ දේවල් ගැන යාච්ඤා කළොත් දෙවියන් අනිවාර්යයෙන්ම සවන් දෙනවා

  • දෙවි ගැන තියෙන විශ්වාසය තව වැඩි කරන්න කියලා යාච්ඤා කරන්න පුළුවන්.—ලූක් 17:5.

  • හරි දේ කරන්න දෙවියන්ගේ බලය දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්.—ලූක් 11:13.

  • ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නත් වැරදි දේවලින් වළකින්නත් ශක්තිය ඉල්ලලා යාච්ඤා කරන්න පුළුවන්.—ෆිලිප්පි 4:13.

  • හිතට සැනසීමක් දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න පුළුවන්.—ෆිලිප්පි 4:6, 7.

  • හොඳට හිතලා බලලා තීරණ ගන්න ඥානය ඉල්ලන්න පුළුවන්.—යාකොබ් 1:5.

  • එදිනෙදා ඕනෑ එපාකම් ගැනත් දෙවියන්ට යාච්ඤා කරන්න පුළුවන්.—මතෙව් 6:11.

  • කරපු වැරදිවලට සමාව ඉල්ලන්නත් පුළුවන්.—මතෙව් 6:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න