Top left: Marek M. Berezowski/Anadolu Agency via Getty Images; bottom left: Halfpoint Images/Moment via Getty Images; center: Zhai Yujia/China News Service/VCG via Getty Images; top right: Ismail Sen/Anadolu Agency via Getty Images; bottom right: E+/taseffski/via Getty Images
සෝදිසියෙන් ඉන්න!
2023: හදවත් ගිනිගත් වසරක් - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
අපි ජීවත් වෙන මේ කාලය බයිබලයේ හඳුන්වන්නේ ‘අවසාන කාලය’ විදිහට. (2 තිමෝති 3:1) අවසාන කාලේ වෙනවා කියලා බයිබලයේ කියපු හැම දෙයක්ම අද ඒ විදිහටම වෙනවා. 2023 ලෝකේ පුරාම වෙච්ච දේවල්වලින් ඒක හොඳින්ම පැහැදිලියි. මේ, ඒකට උදාහරණ.
ලෝකේ පුරාම වෙනවා කියලා බයිබලයේ කියපු දේවල්
“යුද්ධ ගැනත් යුද්ධ පිළිබඳ ආරංචි ගැනත් අසන්න ලැබෙයි.”—මතෙව් 24:6.
“ලෝකේ ගොඩක් තැන්වල යුද ගිනි ඇවිළෙනවා.”a
“සිවිල් වැසියන්ට පිහිට වෙන්නේ කවුද?” සහ “ලෝක නායකයන් යුද්ධ වෙනුවෙන් වියදම් කරපු මුදල ඩොලර් ට්‍රිලියන 2 ඉක්මවයි!” කියන ලිපි බලන්න.
“එක් තැනක් පාසා තවත් තැනක භූමිකම්පා.”—මාක් 13:8.
“2023 රික්ටර් මාපක 7ට වඩා වැඩි භූමිකම්පා 13ක් වෙලා තියෙනවා. මීට කලින් එච්චර ලොකු භූමිකම්පා ඒ තරම් ප්‍රමාණයක් අවුරුද්දක් ඇතුලත වාර්තා වෙලා නැහැ.”b
“තුර්කිය සහ සිරියාව කම්පා කරපු භූමිකම්පා” කියන ලිපිය බලන්න.
“බිහිසුණු දේවල්.”—ලූක් 21:11.
“ගෝලීය උණුසුම වැඩි වෙන යුගය අවසන් වෙලා. දැන් ගෝලය ගිනිගන්න යුගය පටන් අරන්.”—එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්.c
“2023 ලොවක් දැවූ තාප තරංග” කියන ලිපිය බලන්න.
“ආහාර හිඟකම්.”—මතෙව් 24:7.
“2023: පවුලේ අයගේ බඩ කට පුරවන්න දහඩිය හෙළන අය කබලෙන් ලිපට වැටුණ තවත් වසරක්.”d
“යුද්ධ සහ දේශගුණය බඩගින්නටත් ගිනි තියයි!” කියන ලිපිය බලන්න.
“ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්.”—2 තිමෝති 3:1.
“ලෝකේ පුරාම ඉන්න මිනිස්සු අටදෙනෙක්ගෙන් එක් කෙනෙක් මොකක් හරි මානසික ගැටලුවකින් දුක් විඳනවා.”e
“මානසිකව කඩා වැටෙන යෞවනය” කියන ලිපිය බලන්න.
2024 මොනවා වෙයිද?
2024 මොනවා වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. ඒත් ලෝකේ වෙන දේවල්වලින් තේරෙනවා ළඟදීම දෙවියන්ගේ ආණ්ඩුව මේ පොළොව පාලනය කරන්න යනවා කියලා. ස්වර්ගයේ තියෙන ඒ ආණ්ඩුව මේ පොළොව පාලනය කරන හැම ආණ්ඩුවක්ම අයින් කරලා මිනිස්සුන්ගේ දුකට, කනස්සල්ලට හේතු වෙන හැම දෙයක්ම නැති කරනවා.—දානියෙල් 2:44; එළිදරව් 21:4.
ඒ කාලේ එන කල් අපිට බයක් දැනෙන, හිතට ලොකු බරක් වෙන දේවල් වෙයි. ඒ වගේ වෙලාවලදී අපිට දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න පුළුවන්. බයිබලයේ මෙහෙම කියනවා.
“මට භයක් දැනෙන ඕනෑම අවස්ථාවක මාගේ විශ්වාසය ඔබය.”—ගීතාවලිය 56:3.
දෙවියන් ගැන ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්නේ කොහොමද? අපි ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා බයිබලයේ තියෙන පොරොන්දු ගැන හොයලා බලන්න කියලා. දුක වේදනාව නැති අනාගතයක් ගැන බයිබලයේ පොරොන්දු වෙනවා. ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ඒ වගේ කාලෙක ජීවත් වෙන්න පුළුවන්. අපි නොමිලේ කරන බයිබල් සාකච්ඡාවලින් ඒ කොහොමද කියලා ඔයාට දැනගන්න පුළුවන්.
a Foreign Affairs, “A World at War: What Is Behind the Global Explosion of Violent Conflict?” by Emma Beals and Peter Salisbury, October 30, 2023.
b Earthquake News, “Year 2023: Number of Major Earthquakes on Course for Record,” May, 2023.
c United Nations, “Secretary-General’s Opening Remarks at Press Conference on Climate,” July 27, 2023.
d World Food Programme, “A Global Food Crisis.”
e World Health Organization, “World Mental Health Day 2023,” October 10, 2023.