Comstock Images/Stockbyte via Getty Images
දූෂිත දේශපාලනයට දේවරාජ්‍යයෙන් විසඳුමක්!
මිනිස්සුන්ට ඕනෙ සම්පූර්ණයෙන්ම විශ්වාසය තියන්න පුළුවන් පාලකයන්ව. හැබැයි 2023 ලෝකේ පුරාම කරපු සමීක්ෂණයකින් හෙළි වුණේ පාලකයන් ගැන මිනිස්සුන්ට තඹ දොයිතුවක තරම්වත් විශ්වාසයක් නැහැ කියලා. මොකද ජනතාවගෙන් ගසා කන ඒ වගේ පාලකයන්ව මිනිස්සුන්ට තිත්ත වෙලා!a
හැබැයි අපිට සම්පූර්ණයෙන්ම විශ්වාසය තියන්න පුළුවන්, කවදාවත් වංචාවක් කරන්නේ නැති පාලකයෙක් ගැන බයිබලයේ කියනවා. ඒ තමයි දේවරාජ්‍යයේ රජ වන යේසුස් ක්‍රිස්තුස්.—යෙසායා 9:7.
යේසුස් මේ පොළොවේ ඉද්දී පෙන්නුවා ඔහු ඇත්තටම මිනිස්සු ගැන සැලකිලිමත් කියලා. (මතෙව් 9:35, 36) දේවරාජ්‍යයේ රජ විදිහට ඔහුව පිළිගන්න අයට ඔහු ළඟදීම යුක්තිය ඉෂ්ට කරලා සාමය උදා කරනවා.—ගීතාවලිය 72:12-14.
a 2023 Edelman Trust Barometer Global Report.