JenkoAtaman/stock.adobe.com
සෝදිසියෙන් ඉන්න!
2023 බලාපොරොත්තු ඉටු වෙන වසරක් වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
2023 වසරට අපි හැමෝම වගේ පය තිබ්බේ බලාපොරොත්තු පොදි බැඳගෙන. ඒත් ඇත්තටම මේ අවුරුද්දේ අපිටයි, අපේ පවුල්වල අයටයි හොඳ කාලයක් උදා වෙයිද?
බයිබලෙන් බලාපොරොත්තුවක්!
දැන් අපි මුහුණ දෙන ප්‍රශ්න තාවකාලිකයි කියලත් ළඟදීම ඒ හැම එකකටම විසඳුම් ලැබෙනවා කියලත් බයිබලේ කියනවා. බයිබලේ ලියලා තියෙන ‘හැම දෙයකින්ම අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. ඒකෙන් අපි සැනසිල්ල අද්දකිනවා. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් අපිට උදව් වෙනවා.’—රෝම 15:4.
බයිබලේ දීලා තියෙන බලාපොරොත්තුව ගැන තවත් විස්තර දැනගන්න “සතුටින් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුවක්” කියන ලිපිය බලන්න.
ඒ බලාපොරොත්තුව දැනුත් උදව් වෙනවා
බයිබලේ තියෙන බලාපොරොත්තුව “අපේ ජීවිතය නමැති නැවට නැංගුරමක් වගේ.” (හෙබ්‍රෙව් 6:19) දැන් තියෙන ප්‍රශ්නත් එක්ක පොරබදින්න, අධෛර්යය වෙන්නේ නැතුව ඉන්න, දිගටම සතුටින් ඉන්න ඒ බලාපොරොත්තුව අපිට උදව් වෙනවා.
ඇබ්බැහි වීමක් නිසා ජීවිතේ තිත්ත වෙලා හිටපු කෙනෙක්ට බයිබලේ තියෙන බලාපොරොත්තුව උදව් වුණේ කොහොමද කියලා දැනගන්න ‘මටම එපා වුණා මං ගත කරපු ජීවිතේ’ කියන වීඩියෝ එක බලන්න.
ආදරේ කරන කෙනෙක් මැරුණාම දැනෙන දුක දරාගන්න බයිබලේ තියෙන බලාපොරොත්තුව උදව් වෙන විදිහ දැනගන්න ‘වියෝදුකින් ඉන්න අයට සහනයක්’ කියන වීඩියෝ එක බලන්න.
බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න
හුඟක් අය හිතනවා ඉස්සරහට එයාලාගේ ජීවිතවලට මොකක් හරි හොඳ දෙයක් වෙයි කියලා. හැබැයි ඒක වෙනවාමයි කියලා එයාලටවත් විශ්වාසයක් නැහැ. හැබැයි බයිබලේ තියෙන පොරොන්දු ඒ වගේ නෙවෙයි. මොකද ඒ පොරොන්දු දීලා තියෙන්නේ ‘කිසි බොරුවක් කියන්නේ නැති’ යෙහෝවා දෙවියන්.a (තීතස් 1:2) ඔහුට විතරයි ඒ පොරොන්දු ඉටු කරන්න බලය තියෙන්නේ. ඇත්තම කිව්වොත් ‘ඔහු කැමති ඕනෙම දෙයක්’ ඉටු කරන්න ඔහුට පුළුවන්.—ගීතාවලිය 135:5, 6.
බයිබලේ තියෙන බලාපොරොත්තුව ගැන අපි ඕනෙම කෙනෙක්ට බය නැතුව විශ්වාස කරන්න පුළුවන්. ඔයාත් ‘ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කරලා බැලුවොත්’ ඒ ගැන විශ්වාසයක් ඇති කරගන්න ඔයාටත් පුළුවන්. (ක්‍රියා 17:11) ඒකට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක නොමිලේ බයිබල් සාකච්ඡාවක් පටන්ගන්න කියලා අපි ඔයාට ආරාධනා කරන්න කැමතියි. අනාගතය ගැන ශුභවාදීව බලන්න 2023 අවුරුද්ද උදව් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා!
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.