ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 25 ලිපිය
  • මේ පොළොව බේරගන්න පුළුවන් කාටද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ පොළොව බේරගන්න පුළුවන් කාටද?
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මිනිස්සුන්ගේ වෑයම් සාර්ථක වෙයිද?
  • බලාපොරොත්තුවක් තියන්න පුළුවන්ද?
  • පෘථිවිය කවදා හරි විනාශ වෙයිද?
    බයිබලයෙන් උත්තර
  • මිනිසුන් කරන හානිය කවදා හෝ නතර වෙයිද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පෘථිවියේ ආරක්ෂාව ගැන දෙවියන්ගෙන් සහතිකයක්!
    2023 පිබිදෙව්!
  • නිර්මාතෘගෙන් ලැබුණු සදාකාලික තෑග්ගක්
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
තවත් ලිපි
mrt 25 ලිපිය
පොඩි ගැහැනු ළමයෙක් මල් පැළයකට වතුර දානවා. ඈතින් කර්මාන්ත ශාලා නිසා පරිසරය දූෂණය වෙන විදිහ පේනවා.

මේ පොළොව බේරගන්න පුළුවන් කාටද?

මිනිස්සු මේ පොළොවට, ඒකේ ඉන්න ජීවීන්ට කරන හානිය ගැන හුඟක් අය වධ වෙනවා. පරිසර විශේෂඥයන් කියන විදිහට ඒ හානිය වෙන කවදාටත් වඩා ජෛව විවිධත්වයට බලපාලා තියෙනවා. ඒ නිසා හුඟක් සත්ව සහ ශාක විශේෂ වඳවීමේ තර්ජනයටත් ලක් වෙලා.

මෙහෙම ගියොත් මිනිස්සු මේ පොළොව නැත්තටම නැති කරලා දායිද? එහෙමත් නැත්නම් පොළොව රැකගන්න මිනිස්සුන්ට පුළුවන් වෙයිද?

මිනිස්සුන්ගේ වෑයම් සාර්ථක වෙයිද?

හුඟක් ප්‍රවීණයන් විශ්වාස කරනවා මේ පොළොවට වෙන හානිය නවත්තලා ඒක බේරගන්න මිනිස්සුන්ට පුළුවන් කියලා. හැබැයි සමහර පර්යේෂකයන් කියන්නේ එයාලා කියන දේ වෙන්න නම් එකම කාලෙක විවිධ පැතිවලින් හුඟක් වෙනස්කම් කරන්න වෙනවා කියලා. ඒ වෙනස්කම්වලට මේ දේවලුත් ඇතුළත්.

  • ගොඩබිම්, වගුරුබිම්, වනාන්තර සහ සාගර මීට වඩා හොඳින් රැකබලා ගන්න ඕනේ.

  • පරිසර හිතකාමී විදිහට බලශක්තිය නිපදවන්න, කෘෂිකාර්මික කටයුතු කරන්න අලුත් ක්‍රම හොයාගන්න ඕනේ.

  • මස්, මාළු කන එක අඩු කරලා පුළුවන් තරම් එළවළු, පලතුරු කෑමට ගන්න ඕනේ. ඒ වගේම ඒවා අනවශ්‍ය විදිහට පරිභෝජනයට ගන්න එකත් නාස්ති කරන එකත් අවම කරන්න ඕනේ.

  • ජීවිතේ සතුටින් ගත කරන්න අත්‍යවශ්‍යම දේ සල්ලි හම්බ කරන එක නෙවෙයි කියලා මිනිස්සු තේරුම්ගන්න ඕනේ.

ඔයා හිතන්නේ මොකක්ද? මෙච්චර කාලෙකට එකට එකතු වෙලා වැඩ කරපු නැති ආණ්ඩු, ව්‍යාපාරිකයන් සහ මිනිස්සු එකතු වෙලා පරිසරය සුරකින වැඩපිළිවෙළක් ඇති කරයි කියලා හිතන්න පුළුවන්ද? එයාලා එහෙම කළා කියලා හිතමු. ඒත් කෑදර, ආත්මාර්ථකාමී, දුර දිග බලලා වැඩ කරන්නේ නැති මිනිස්සු ඒ වගේ දේකට ඉඩ දෙයිද?—2 තිමෝති 3:1-5.

බලාපොරොත්තුවක් තියන්න පුළුවන්ද?

මේ පොළොව කවදාවත් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නේ නැහැ කියලා බයිබලේ සහතික කරනවා. ඒ වගේම මේ පොළොවට වෙන විනාශය මිනිස්සුන්ගේ තනි උත්සාහයෙන් නවත්වන්න බැරි ඇයි කියලත් වෙනස් වෙන්න ඕනෙ කොතැනද කියලත් බයිබලේ පැහැදිලි කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනස සිද්ධ වෙන විදිහත් ඒකේ කියලා තියෙනවා.

මිනිස්සුන්ගේ තනි උත්සාහයෙන් පොළොව රැකගන්න බැරි ඇයි? යෙහෝවාa දෙවියන් මේ පොළොව නිර්මාණය කරලා ඒක රැකබලා ගන්න වගකීම මිනිස්සුන්ට බාර දුන්නා. (උත්පත්ති 1:28; 2:15) එයාලා දෙවියන් දීපු මඟ පෙන්වීම් පිළි අරන් ඒවාට කීකරු වුණා නම් ඒ වගකීම හරියට කරන්න එයාලට තිබුණා. (හිතෝපදේශ 20:24) හැබැයි එයාලා යෙහෝවා දෙවියන්ව ප්‍රතික්ෂේප කරලා එයාලට හරියි කියලා හිතෙන විදිහට දේවල් කරන්න පටන්ගත්තා. (දේශනාකාරයා 7:29) ඒ විදිහට මිනිස්සු එයාලගෙම හැකියාවෙන් මේ පොළොව රැකබලා ගන්න කොච්චර මහන්සි වුණත් එයාලා හිතන තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.—හිතෝපදේශ 21:30; යෙරෙමියා 10:23.

වෙනස් වෙන්න ඕනෙ කොතැනද? මිනිස්සු මේ පොළොවට කරන විනාශය දෙවියන් ළඟදීම නවත්තනවා. (එළිදරව් 11:18) හැබැයි ඔහු ඒක කරන්නේ මේ පොළොව විනාශ කරන ආණ්ඩුවත් මිනිස්සුන්වවත් පාවිච්චි කරලා නෙවෙයි. ඒ වෙනුවට දෙවියන් එයාලව විනාශ කරනවා කියලා බයිබලේ කියනවා. (එළිදරව් 21:1) ඒ නිසයි යෙහෝවා දෙවියන් කියන්නේ “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි” කියලා.—එළිදරව් 21:5.

ඒ වෙනස වෙන්නේ කොහොමද? දෙවියන් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට මිනිස් ආණ්ඩු මේ පොළොවෙන් අයින් කරලා දෙවියන්ගේ ආණ්ඩුවක් ගේන්න යනවා. ඒක හඳුන්වන්නේ දේවරාජ්‍යය කියලා. ඒ ආණ්ඩුවේ රජ විදිහට දෙවියන් පත් කරලා තියෙන යේසුස් මුළු පොළොවම පාලනය කරන්න යනවා.—දානියෙල් 2:44; මතෙව් 6:10.

දේවරාජ්‍යයෙන් එදාට දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති මිනිස්සුන්ට උගන්වනවා. මිනිස්සු නිර්මාතෘව අඳුරගෙන ඔහු දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී පරිසරයට පුංචිම විදිහකින්වත් හානියක් නොකර ජීවත් වෙන්න එයාලට පුළුවන්. (යෙසායා 11:9) දේවරාජ්‍යයෙන් මිනිස්සුන්ට ඉස්සරහට ලස්සන ජීවිතයක් දෙන්නේ කොහොමද කියලා බයිබලේ පැහැදිලි කරලා තියෙනවා. එදාට . . .

  • හැමෝටම ඇති තරම් කෑම තියෙනවා.—ගීතාවලිය 72:16.

  • විනාශ වුණ පරිසරය, ස්වභාවික සම්පත් යථා තත්වයට පත් වෙනවා.—යෙසායා 35:1, 2, 6, 7.

  • සත්තු සහ මිනිස්සු සාමයෙන් ඉන්න යනවා.—යෙසායා 11:6-8; හොෂෙයා 2:18.

  • කිසිම ස්වභාවික විපතක් සිද්ධ වෙන්නේ නැහැ.—මාක් 4:37-41.

දේවරාජ්‍යයෙන් ළඟදීම ඒ වෙනස්කම් කරන්න යනවා. ඒ ගැන තවත් තොරතුරු දැනගන්න “දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නේ කවදාද?” කියන ලිපිය බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.

පොළොව රැකගන්න දැන් කරන්න පුළුවන් මොනවාද?

දේවරාජ්‍යයෙන් පාරිසරික ගැටලුවලට සම්පූර්ණ විසඳුමක් ගේන කල් මේ පොළොව රැකගන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. උදාහරණෙකට අපිට පුළුවන් නාස්ති කරන්නේ නැතුව දේවල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය ගැන රජයෙන් දාලා තියෙන නීතිවලට කීකරු වෙන්න.—යොහන් 6:12, 13; රෝම 13:1, 5.

  • බ්‍රෙට්.

    බ්‍රෙට් කියන්නේ විශ්‍රාමික පරිසර උපදේශකයෙක්. සතුන් හා ගහකොළ අතර තියෙන සහජීවනය ගැන එයා ඉගෙනගත්තා. ඒ දැනුම එයාට උදව් වුණා මේ හැම දෙයක්ම නිර්මාණය කරපු දෙවි කෙනෙක් ඉන්නවා කියලත් ඔහු මේ පොළොව ආරක්ෂා කරන්න ළඟදීම පියවර ගන්නවා කියලත් තේරුම්ගන්න. එයාගේ ජීවිත කතාව කියවන්න.

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ අලුතින් හදලා තියෙන ගොඩනැඟිලි දිහා වැඩකරුවන් දෙන්නෙක් බලන් ඉන්නවා.

    යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ නිර්මාතෘට ගෞරව කරන විදිහක් තමයි විශාල ඉදි කිරීම් ව්‍යාපෘතිවලදී පරිසරයට හානි වෙන්නේ නැති ක්‍රම පාවිච්චි කරන එක. එයාලා ඒක කරලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න “යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන පරිසර හිතකාමී ඉදි කිරීම් - කෙටි වීඩියෝව” බලන්න.

පොළොව ගැන සඳහන් බයිබල් පද

උත්පත්ති 2:15: “යෙහෝවා දෙවි මිනිසාව ඒදන් උයනෙහි පදිංචි කළේය. උයන බලාගන්නා පිණිසද එහි වගා කරන පිණිසද මිනිසාව එහි තැබුවේය.”

තේරුම: මේ ලස්සන නිවහන රැකබලා ගන්න වගකීම දෙවියන් මිනිස්සුන්ට බාර දුන්නා.

උත්පත්ති 1:28: “තවද දෙවි ඔවුන්ට ආශීර්වාද කර මෙසේ කීවේය. ‘දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න. පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න.’”

තේරුම: සත්තුන්ව බලාගන්න වගකීමත් දෙවියන් මිනිස්සුන්ට බාර දුන්නා.

යෙසායා 45:18: “අහස නිර්මාණය කළ යෙහෝවා දෙවි, සැබෑ දෙවිය. ඔහු පොළොවද නිර්මාණය කර එය ස්ථිර ලෙස පිහිටෙව්වේය. ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය. ඔහු ඔබට මෙසේ පවසයි. ‘මා යෙහෝවා දෙවිය. මට සමාන කිසිවෙක් නැත.’”

තේරුම: පොළොව ගැන දෙවියන්ට තිබුණ මුල් අරමුණ අදටත් වෙනස් වෙලා නැහැ. ළඟදීම දෙවියන්ගේ මුල් අරමුණට එකඟව ජීවත් වෙන මිනිස්සුන්ගෙන් මේ පොළොව පිරෙන්න යනවා.

ගීතාවලිය 37:29: “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”

තේරුම: දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකින අයට මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.

ගීතාවලිය 98:6-8: “හොරණෑ හා නළා පිඹිමින් රජු වූ යෙහෝවා දෙවි ඉදිරියේ ජය නාද නඟන්න. මුහුදත් එහි ඇති සියල්ලත් ඝෝෂා නඟත්වා! භූමිය හා එහි ජීවත් වන සියල්ලෝ ප්‍රීති ඝෝෂා නඟත්වා! ගංගාවෝ අත්පොළසන් දෙත්වා! සියලු කඳු එක්ව යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීති නාද නඟාවා!”

තේරුම: දේවරාජ්‍යය පාලනය කරන කාලේදී මේ පොළොව ලස්සන තැනක් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න