ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 118 ලිපිය
  • මං චරිත දෙකක් තියෙන කෙනෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මං චරිත දෙකක් තියෙන කෙනෙක්ද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • චරිත දෙකක් තියෙනවා කියන්නේ මොකක්ද?
  • ඒ වගේ ජීවිතයක් ගත කරනවා කියන්නේ මං නරක කෙනෙක් කියන එකද?
  • ජීවිතේ වෙනස් කරගන්නේ කොහොමද?
  • ගෙදරට එකක් එළියට තව එකක් ප්‍රශ්නයක්ද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • දෙයාකාර ජීවිතයක් ගත කීරීම—නුසුදුසු මන්ද?
    1994 පිබිදෙව්!
  • දෙයාකාර ජීවිතයකින් මිදීමට මට හැක්කේ කෙසේද?
    1994 පිබිදෙව්!
  • තුල්‍ය පීඩන සමඟ කටයුතු කිරීමට මට හැක්කේ කෙසේ ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 118 ලිපිය
යෞවන සහෝදරියක් දෙබිඩි ජීවිතයක් ගත කරන විදිහ පෙන්නන පින්තූරයක්. 1. එයා ඉන්නේ එයාගේ යාළුවොත් එක්ක. එයාලාගෙන් සමහරු අරක්කු, සිගරට් බොනවා. පිරිමි ළමයෙක් එයාගේ කරට අත දාගෙන ඉන්නවා. 2. ඒ සහෝදරියම හොඳට ඇඳ පැලඳගෙන නමස්කාර මධ්‍යස්ථානයක ගීතිකා කියනවා.

යොවුන් සිතේ ගැටලු

මං චරිත දෙකක් තියෙන කෙනෙක්ද?

දෙවියන්ට සේවේ කරන සමහර අයට හිතෙන්න පුළුවන් බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න මහන්සි වෙන එකෙන් වැඩක් තියෙනවාද කියලා. (ගීතාවලිය 73:2, 3) එයාලා සමහරවිට දෙවියන් අකමැති දේවල් කරන ගමන් දෙවියන්ගේ සෙනඟ ඉස්සරහා හොඳ මූණ පෙන්නගෙන ඉන්නයි හදන්නේ.

ඔයාත් චරිත දෙකක් තියෙන කෙනෙක් නම්, ඒ දෙකෙන් හරි චරිතේ තෝරගන්න ඔයාට ඕනෙ නම් මේ ලිපිය ලියලා තියෙන්නේ ඔයා වෙනුවෙන්.

මේ ලිපියෙන්

  • චරිත දෙකක් තියෙනවා කියන්නේ මොකක්ද?

  • ඒ වගේ ජීවිතයක් ගත කරනවා කියන්නේ මං නරක කෙනෙක් කියන එකද?

  • ජීවිතේ වෙනස් කරගන්නේ කොහොමද?

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

චරිත දෙකක් තියෙනවා කියන්නේ මොකක්ද?

චරිත දෙකක් තියෙන කෙනෙක් යෙහෝවාට ආදරේ නැති යාළුවෝ එක්ක ඉද්දී එයා වැරදියි කියලා දන්න දේ වුණත් කරනවා. හැබැයි සාක්ෂිකරුවන් එක්ක ඉද්දී එයා පෙන්නන්න හදන්නේ යෙහෝවාට සේවේ කරන්න එයාට ලොකු වුවමනාවක් තියෙනවා කියලා.

“ඔයා දෙබිඩි ජීවිතයක් ගත කරද්දී ඒ දෙපැත්තටම ඔයා කවුද කියලා ඔයා හංගනවා. ඇත්තටම ඔයා කරන්නේ ඒ දෙගොල්ලන්වම රවට්ටන එක. ඒ දෙගොල්ලන්ටම ද්‍රෝහි වෙන එක.”—එරින්.

ඔයා දැනගෙන හිටියාද? දෙබිඩි ජීවිතයක් ගත කරන එකට ඔයා තනියම ඉද්දී යෙහෝවා අකමැති දේවල් කරන එකත් ඇතුළත්.

“මට අවුරුදු 14දී තමයි මං ඉන්ටනෙට් එකෙන් නරක දේවල් බලන්න පටන්ගත්තේ. හැබැයි මං අනිත් අය ඉස්සරහා පෙන්නන්න හැදුවේ නං මට ඒ වගේ දේවල් අප්පිරියයි කියලා. ඒත් මගේ හිත දන්නවානේ මං කවුද කියලා.”—නොලාන්.

බයිබල් ප්‍රතිපත්තිය: “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි.”—මතෙව් 6:24.

ඒ වගේ ජීවිතයක් ගත කරනවා කියන්නේ මං නරක කෙනෙක් කියන එකද?

එහෙම කියන්න බැහැ. ඇත්ත, සමහරු බයිබල් ප්‍රතිපත්ති පැත්තකට දාලා එයාලට ඕන විදිහට ජීවත් වෙන්න තීරණය කරලා තියෙනවා. හැබැයි ඔයා එයාලා වගේද? නැත්නම් ඇත්තටම දෙබිඩි ජීවිතයක් ගත කරන්න ඔයාට බලපාලා තියෙන්නේ මේ වගේ හේතුද?

  • යාළුවෝ ඉස්සරහා ඔයා වෙනස් කියලා පෙන්නන්න තියෙන බය.

  • සභාවේ අයට වඩා ඉස්කෝලේ යාළුවෝ ඔයා ආස දේවල්වලටම ආසයි කියලා හිතෙන එක.

  • දෙවියන් කියන හැම දෙයක්ම කරන්න අමාරුයි කියලා හිතෙන එක.

“මං හිතන්නේ දෙබිඩි ජීවිතයක් ගත කරන අය වැඩියෙන්ම ආස ලෝකේ අයත් එක්ක ඉන්න. එයාලට ඕනෙ කා එක්ක හරි කමක් නෑ, සෙට් වෙලා ජොලියේ ඉන්න. මොකද එයාලා කොහේ වුණත් කොන් වෙන්න ආස නෑ.”—ඩේවිඩ්.

හැබැයි ඔය මොන හේතුවවත් දෙබිඩි ජීවිතයක් ගත කරන්න නිදහසට කරුණක් කරගන්න බැහැ. ඒ වුණත් ඒ දේවල්වලින් පේනවා හොඳ කෙනෙක් වුණත් ඒ වගේ හේතු නිසා ඒ උගුලට වැටෙන්න පුළුවන් කියලා. ඔයාත් ඒ වගේ කෙනෙක් නම් ඒකෙන් ගොඩ එන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ජීවිතේ වෙනස් කරගන්නේ කොහොමද?

  1. 1. ඔයාගේ ජීවිතේ ගැන ටිකක් හිතලා බලන්න. ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘ඇත්තටම මට ඕනෙ ගෙදරට එක මූණක් පෙන්නලා පිටට තව මූණක් පෙන්නන කෙනෙක් වෙන්නද? මෙහෙම ගියොත් මගේ ජීවිතේ කොහෙන් නතර වෙයිද?’

    බයිබල් ප්‍රතිපත්තිය: ‘බුද්ධිමත් තැනැත්තා අවදානම දුර තියාම හඳුනාගනියි. එහෙත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.’—හිතෝපදේශ 27:12.

  2. 2. ඇත්ත හංගන්න එපා. ඔයා ඉන්න තත්වය ගැන ඔයාගේ අම්මායි, තාත්තායි එක්ක නැත්නම් යෙහෝවාගේ ප්‍රතිපත්ති ගැන ලොකු අගයක් තියෙන, අවබෝධයෙන් වැඩ කරන යාළුවෙක් එක්ක කතා කරන්න. ඔයා එයාලා ගාවට ආපු එක ගැන එයාලා අනිවාර්යයෙන්ම ගොඩක් සතුටු වෙයි. ඒ වගේම හරි දේ කරන්න ඔයාට තියෙන වුවමනාව දැකලා එයාලා ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි.

    හුඟක් අධෛර්යය වෙලා ඉන්න යෞවනයෙක් ගැඹුරු වළකට වැටිලා ඉන්නවා. උඩ ඉඳන් පහත් වෙලා අත දික් කරගෙන ඉන්න කෙනෙක්ගේ අත එයා අල්ලන්න හදනවා.

    දෙබිඩි ජීවිතය කියන ගැඹුරු වළට ඔයාත් වැටිලා නම් ඉන්නේ අනිත් අයගෙන් උදව් ඉල්ලන්න

    “මගේ අතින් වෙච්ච දේවල් ගැන තව කෙනෙක්ට කියන එක තමයි මගේ ජීවිතේ කරන්න වුණ අමාරුම දේ. හැබැයි කොහොමහරි ඒක කළාම මට පුදුම සහනයක් දැනුණේ.”—නොලාන්.

    බයිබල් ප්‍රතිපත්තිය: “තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.”—හිතෝපදේශ 28:13.

  3. 3. ප්‍රතිඵල භාරගන්න. මතක තියාගන්න ඔයා මෙච්චර කල් ඔයාගේ දෙමාපියන්ට, සභාවේ සහෝදරයන්ට ගොඩක් දේවල් හැංඟුවා. ඒ නිසා එයාලාගේ හිතේ ඔයා ගැන තිබ්බ විශ්වාසේ බිඳිලා ඇති. ඉතින් ඔයාගේ අම්මා, තාත්තා නැත්නම් වැඩිමහල්ලෝ ඔයාට සමහර සීමා තහංචි දායි. ඔයා කරපු දේවල්වලට ලැබෙන ඒ ප්‍රතිඵල භාරගන්න. මෙතන ඉඳලා “සෑම දෙයකදීම අවංකව වැඩ කරන්න” අධිෂ්ඨානයක් ගන්න.—හෙබ්‍රෙව් 13:18.

    බයිබල් ප්‍රතිපත්තිය: “උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න. එවිට ඔබ අනාගතයේදී ප්‍රඥාවන්ත කෙනෙකු වන්නෙහිය.”—හිතෝපදේශ 19:20.

  4. 4. දෙවියන් ඔයාට ගොඩක් ආදරෙයි කියලා සහතික කරගන්න. යෙහෝවා අපිට ගොඩක් ආදරෙයි. ඒ වගේම අපි කරන හැම පුංචි දෙයක්ම ඔහු දන්නවා. ඉතින් ඔයාට චරිත දෙකක් තියෙනවා නම් ඔහු ඒකත් දන්නවා. ඒක දකිද්දී ඔහුගේ හිතට දැනෙන්නේ ලොකු වේදනාවක්. හැබැයි ඔහු “ඔයා ගැන සැලකිලිමත් වෙන නිසා” ජීවිතේ වෙනස් කරගන්න ඔයාට උදව් කරන්න ඔහු ගොඩක් ආසාවෙන් ඉන්නවා.—1 පේතෘස් 5:7.

    බයිබල් ප්‍රතිපත්තිය: “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.”—2 ලේකම් 16:9.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

මේසි.

“මට ඕනෙ වුණේ කොයි වෙලෙත් ඉස්කෝලේ යාළුවෝ සෙට් එකත් එක්කම ඉන්න. හැබැයි සභාවේ යාළුවන්ට තව ළං වුණ එක තමයි මං හිතන විදිහ වෙනස් කරගන්න උදව් වුණේ. යෙහෝවාට ආදරේ කරන යාළුවෝ එක්ක ෆිට් වෙද්දී ඉස්කෝලේ යාළුවොත් එක්ක ඉන්න තිබිච්ච ආසාව ටිකෙන් ටික අඩු වුණා.”—මේසි.

අල්බාන්.

“සභාවට එකක්, ඉස්කෝලෙට එකක්! මාත් කාලයක් ඒ වගේ ජීවිතයක් ගත කළාද? ඇත්තටම කිව්වොත් ඔව්. පොඩි පන්තිවල ඉඳලා ටික ටික ලොකු පන්තිවලට එද්දී ඉස්කෝලේ ළමයි ෆුල් ෆන් එකේ ඉන්න විදිහ මං දැක්කා. හැබැයි පස්සේ කාලෙක එයාලාගෙන් හුඟදෙනෙක් කුඩු, අරක්කු වගේ දේවල්වලට ඇබ්බැහි වුණා. මුලදී වැඩ්ඩෝ වගේ හිටියාට අන්තිමේදී මැට්ටෝ වෙලා තමයි එයාලා නතර වුණේ.”—අල්බාන්.

තවත් තොරතුරු දැනගන්න එලී සහ ලීසාගේ ජීවිත කතා කියවන්න. එයාලත් තරුණ කාලේදී දෙබිඩි ජීවිතයක් ගත කරලා පස්සේ යෙහෝවා ගාවට හැරිලා ආපු අය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න