ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 114 ලිපිය
  • ජීවත් වුණා ඇති කියලා හිතුණොත්?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවත් වුණා ඇති කියලා හිතුණොත්?
  • යොවුන් සිතේ ගැටලු
  • සමාන තොරතුරු
  • සිය දිවි හානි කරගන්න හිතෙන කෙනෙක්ට බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙයිද?
    බයිබලයෙන් උත්තර
  • මැරුණා නම් හොඳයි කියලා හිතෙන්නේ ඇයි?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • ඔයාත් මානසික අවපීඩනය නිසා දුක් විඳින කෙනෙක්ද?
    යොවුන් සිතේ ගැටලු
  • එකම විසඳුම සියදිවි නසාගැනීමද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 114 ලිපිය
මානසිකව වැටිලා ඉන්න යෞවනියක් වහිද්දී ජනේලෙන් එළිය බලන් ඉන්නවා.

යොවුන් සිතේ ගැටලු

ජීවත් වුණා ඇති කියලා හිතුණොත්?

“කාලෙකට කලින් මට ලොකු පීඩනයක් දැනුණා. කොච්චරද කියනවා නම් මට දැනුණේ හරියට හැමදාම මං ලොකු ගින්නක් නිවන්න ට්‍රයි කරනවා වගේ. ඒ කාලේ මට ජීවිතේ නැති කරගන්න හිතුණා. ඇත්තටම මට මැරෙන්න ඕන වුණේ නෑ. මට ඕන වුණේ කොහොමහරි කරලා මේ වේදනාවෙන් නිදහස් වෙන්න.”—ජොනතන්, 17.

උසස් පෙළ ශිෂ්‍යයන් 14,000ක් විතර යොදාගෙන කරපු සමීක්ෂණයකදී එයාලගෙන් පහෙන් එකක්ම කිව්වේ පහුගිය අවුරුද්ද ඇතුළත එයාලට ජීවිතේ නැති කරගන්න හිතුණා කියලා.a ඔයාටත් එහෙම හිතනවා නම් කරන්න පුළුවන් මොකක්ද?

  • හදිස්සි වෙන්න එපා. හිතට ආපු පළියට හැඟීම්වලට වහල් වෙලා ඔයාගේ ජිවිතේ නැති කරගන්නේ නෑ කියලා ඔයාටම පොරොන්දු වෙන්න. සමහරවිට ‘තවත් නම් ඉවසන්න බෑ’ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඉවසීමෙන් තමයි සැනසීම ලැබෙන්නේ. ඔයාගේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා.

පාරවල් ගොඩක් තියෙන ප්‍රහේලිකාවක අතරමං වෙලා ඉන්න යෞවනියක්.

සමහර වෙලාවට ඔයාට හිතෙයි පාරවල් ගොඩක් තියෙන ප්‍රහේලිකාවක් මැද ඔයා අතරමං වෙලා කියලා. හැබැයි ඔයාට දෙයක් දැනුණා කියලා ඒක හැම වෙලේම ඇත්තක් වෙන්නේ නැහැ. ඒ වගේම ගැලවීමක් නැහැ කියලා හිතුණාට මේ ප්‍රශ්නෙටත් විසඳුමක් තියෙනවා. හරි තැනින් උදව් ගත්තොත් ඔයා හිතනවාටත් වඩා ඉක්මනින් හරි පාර හොයාගෙන මේ ප්‍රහේලිකාවෙන් එළියට එන්න ඔයාට පුළුවන්.

  • බයිබල් ප්‍රතිපත්තිය: “අපව සෑම ආකාරයකින්ම තළාපෙළා දැමුවත් අපගේ ගමන ඉන් නතර වන්නේ නැත. අප කොතරම් ව්‍යාකූල වී සිටියත් අපට ගැලවීමට මඟක් තිබෙන නිසා අපගේ බලාපොරොත්තු සුන් වන්නේ නැත.”—2 කොරින්ති 4:8.

    යෝජනාවක්: දිගින් දිගටම ජීවිතේ නැති කරගන්න ඔයාට හිතෙනවා නම් උදව් ගන්න පුළුවන් කාගෙන්ද කියලා ටිකක් හොයලා බලන්න. ඔයාට ඩොක්ටර් කෙනෙක්ගෙනුත් උදව් ගන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ සිතුවිලි එක්ක පොරබදින අයට උදව් කරන්න වෙනමම හදිසි ඇමතුම් අංකයකුත් තියෙනවා. ඒ අංකයට කතා කරන්නත් ඔයාට පුළුවන්. මේ වගේ දේවල්වලදී උදව් කරන්න එයාලා හොඳ පුහුණුවක් ලබලයි තියෙන්නේ. ඒ නිසා එයාලා අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි.

  • කෙනෙක් එක්ක කතා කරන්න. ඔයා ගැන ගොඩක් සැලකිලිමත්, ඔයාට උදව් කරන්න ආසාවෙන් ඉන්න ගොඩක් අය ඉන්නවා. ඒ අතරින් පවුලේ අයව, යාළුවන්ව අමතක කරන්න බැහැ. හැබැයි ඔයා මේ වගේ ප්‍රශ්නෙක ඉන්නවා කියලා කිව්වේ නැත්නම් කොහොමද එයාලා ඔයාට උදව් කරන්නේ?

යෞවනියක් කණ්ණාඩි දෙකක් දාගන්නවා.

සමහර අයට දේවල් හොඳට පේන්න කණ්ණාඩි දාන්න ඕනේ. ඒ වගේ ඔයාගේ යාළුවෙක්ට පුළුවන් ඔයාගේ කණ්ණාඩිය වෙන්න. එතකොට ප්‍රශ්න දිහා හරි විදිහට බලලා, ජීවත් වෙන්න ඔයාට තියෙන ආසාව ආයෙත් ඇති කරගන්න එයා ඔයාට උදව් කරයි.

  • බයිබල් ප්‍රතිපත්තිය: ‘සැබෑ මිතුරෙකු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.’—හිතෝපදේශ 17:17.

    යෝජනාවක්: ඒත් කතාව කොහෙන් පටන්ගන්නද කියලා ඔයාට හිතාගන්න බැරිද? එහෙමනම් මෙහෙම අහන්න. “මං මේ දවල්වල ඉන්නේ ටිකක් අප්සෙට් එකේ. ඒ ගැන ඔයාත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?” එහෙමත් නැත්නම් මෙහෙම අහන්න. “මං ඉන්නේ ලොකු ප්‍රශ්නෙක. ඒක විසඳගන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ. ඔයාට පුළුවන්ද මට උදව් කරන්න?”

  • දොස්තර කෙනෙක්ගෙන් උදව් ගන්න. කනස්සල්ල, මානසික පීඩනය වගේ දේවල් නිසා කෙනෙක්ට ජීවත් වෙන්න තියෙන ආසාව නැති වෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න එපා, ඒකට බෙහෙත් තියෙනවා.

අසනීපෙන් ඉන්න යෞවනියක් කෑම කන්නේ නැතුව ඔහේ බලන් ඉන්නවා.

වයිරස් එකක් හැදුණොත් ඔයාට කෑම රුචිය නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මානසික අවපීඩනය හැදුණොත් ජීවත් වෙන්න තියෙන රුචියත් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය අසනීප දෙකම සනීප කරන්න එච්චර අමාරු නැහැ.

  • බයිබල් ප්‍රතිපත්තිය: “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.”—මතෙව් 9:12.

    යෝජනාවක්: හොඳ නින්දක් ගන්න. හොඳට ව්‍යායාම් කරන්න. ඒ වගේම පෝෂ්‍යදායී කෑම කන්න. එහෙම කරලා ඔයා හොඳ ෆිට් එකේ ඉන්නවා නම් ඔයාගේ ජීවිතෙත් ෆිට් තමයි.

  • යාච්ඤා කරන්න. අපි හැමෝවම නිර්මාණය කළේ යෙහෝවා දෙවියන්. ඒ නිසයි බයිබලේ කියන්නේ ‘අපිට වඩා හොඳින් දෙවි අපේ සිත් ගැන දන්නවා. ඔහු සියලු දේ දන්නවා’ කියලා. (1 යොහන් 3:20) ඒ නිසා කල් දාන්නේ නැතුව අදම ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම ඔහුට කියන්න. යාච්ඤා කරද්දී යෙහෝවා කියන ඔහුගේ නම පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා.

යෞවනියක් ලොකු පෙට්ටියක් උස්සනවා.

අපි මුහුණ දෙන සමහර දේවල් අපේ ජීවිතේට බර වැඩියි. හැබැයි ඒ බර උහුලගෙන යන්න ඔයාට උදව් කරන්න ඔයාගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් ආසාවෙන් බලන් ඉන්නවා.

  • බයිබල් ප්‍රතිපත්තිය: ‘ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එවිට දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’—ෆිලිප්පි 4:6, 7.

    යෝජනාවක්: යෙහෝවා දෙවියන්ට ඔයාගේ ප්‍රශ්න ගැන කියනවාට අමතරව හැම දවසකම අඩුම තරමින් ඔහු ඔයාට දීලා තියෙන එක දෙයක් ගැනවත් ඔහුට ස්තුති කරන්න. (කොලොස්සි 3:15) ඒ විදිහට දැනටමත් ලැබිලා තියෙන හොඳ දේවල් ගැන ඔයා හිතනවා නම් ජීවිතේට සතුට එකතු කරගන්න ඔයාට පුළුවන්.

ජීවත් වෙලා වැඩක් නැහැ කියලා ඔයාට තාමත් හිතෙනවා නම් දිගටම උදව් ගන්න. කලින් සඳහන් කරපු ජොනතන් කළෙත් ඒකමයි. එයා මෙහෙම කියනවා. “මං අම්මායි, තාත්තායි එක්ක මේ ගැන ගොඩක් කතා කළා. ඩොක්ටර් කෙනෙක්ගෙනුත් උදව් ගත්තා. දැන් මගේ තත්වේ සෑහෙන්න හොඳයි. ඉඳලා හිටලා දුක හිතෙන වෙලාවල් නැතුවම නෙවෙයි. ඒත් දැන් ඉස්සර වගේ මැරෙන්න ඕනෙ කියලා මට හිතෙන්නේ නෑ.”

a 2019දී මේ සමීක්ෂණය කළේ ඇමරිකාවේ රෝග මර්දන සහ වැළැක්වීමේ ආයතනවලින්.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ඇලෙක්සැන්ඩර්.

“ශාරීරික සෞඛ්‍යය වගේම මානසික සෞඛ්‍යයත් ගොඩක් වැදගත්. අතක් පයක් කැඩිලා වේදනාවෙන් ඉද්දී ඒක අනිත් අයට පේනවා. හැබැයි හිත ඇතුළේ ප්‍රශ්නයක් තියෙද්දී ඒ වේදනාව හැමෝම දකින්නේ නෑ. ඒ නිසා ඒක හංගන් ඉන්නේ නැතුව ඒ ගැන කාට හරි කියන්න. අනිත් අයගෙන් උදව් ගත්තා කියලා කිසි පාඩුවක් වෙන්නේ නෑ.”—ඇලෙක්සැන්ඩ්‍රා.

ඉයන්.

“මං පොඩි කාලේ අම්මායි, තාත්තායි නිතරම කියපු දෙයක් තමයි ‘විසඳන්න බැරි, දරාගන්න බැරි ප්‍රශ්නයක් මේ ලෝකේ නෑ’ කියලා. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම කියන්න කවුරු හරි ඉන්න එක ගොඩක් වටිනවා. මට හිටියේ මගේ අම්මායි, තාත්තායි. කාරණා දිහා හරි විදිහට බලන්න එයාලා මට ගොඩක් උදව් කළා.”—ඉයන්.

උදව් වෙන බයිබල් පද

මානසිකව වැටිලා ඉන්න වෙලාවක සහනයක් වෙන බයිබල් පද ටිකක් ලියලා තියාගන්න. කැමති නම් මේ බයිබල් පදත් ඒ ලිස්ට් එකට දාගන්න.

ගීතාවලිය 34:18: “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”

තේරුම: තවත් නම් දරාගන්න බැහැ කියලා හිතලා මානසිකව වැටිලා ඉන්න අය ගැන යෙහෝවා දෙවියන් විශේෂ සැලකිල්ලක් පෙන්නවා. ඔහුට ඕනෙ ඒ වගේ අයට උදව් කරන්න.

ගීතාවලිය 46:1: “දෙවි අපේ රැකවරණයය. අපේ ශක්තියය. දුක් කරදරවලදී අපිට පිහිට වීමට ඔහු සූදානමින් සිටින්නේය.”

තේරුම: ඔයාට පීඩනයක් දැනෙන ඕනම වෙලාවක යෙහෝවා දෙවියන්ට කතා කරන්න. ඔයාට උදව් කරන්න ඔහු ලෑස්ති පිට ඉන්නේ.

ගීතාවලිය 94:18, 19: “‘මාගේ පය ලිස්සන්න ආසන්නයි’ කියා මා සිතුවත් යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය නිසා ඔබ මට වැටෙන්න ඉඩ නොදුන්නෙහිය. මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.”

තේරුම: ඔයාට ඕනෙ සහනය යෙහෝවා දෙවියන් බයිබලය මාර්ගයෙන් දෙනවා. ඒ නිසා එක දවසකටවත් බයිබලේ කියවන එක මිස් කරන්න එපා.

ගීතාවලිය 139:23, 24: ‘අනේ දෙවියනි, මාව සෝදිසි කර බලා මාගේ සිතට වධ දෙන දේ දැනගන්න. මාව නොමඟට යවන දෙයක් මා තුළ තිබේද කියා සොයා බලා මට සදහටම මඟ පෙන්වන්න.’

තේරුම: ඔයාටත් වඩා ඔයා ගැන හොඳටම දන්නේ යෙහෝවා දෙවියන්. ඒ නිසා ඔයාව මානසිකව වට්ටන සිතුවිලි අයින් කරලා ඔයාගේ ජීවිතේ නැති වුණ ඒ සතුට ආයෙත් ළං කරගන්න ඔහු ඔයාට උදව් කරයි.

යෙසායා 41:10: “කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි.”

තේරුම: අපි මොන දේට මුහුණ දුන්නත් ඒක දරාගන්න ශක්තිය දෙන්න දෙවියන්ට පුළුවන්.

සාරාංශය: ජීවත් වුණා ඇති කියලා හිතුණොත්?

  • හදිස්සි වෙන්න එපා. හැඟීම්වලට වහල් වෙලා මෝඩ දෙයක් කරගන්නේ නැහැ කියලා ඔයාටම පොරොන්දු වෙන්න. මොකද ඔයාගේ ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දෙන්න කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.

  • කෙනෙක් එක්ක කතා කරන්න. පවුලේ අයට, යාළුවන්ට ඔයාගේ ප්‍රශ්නේ ගැන කිව්වේ නැත්නම් එයාලට බැරි වෙයි ඔයාට උදව් කරන්න.

  • දොස්තර කෙනෙක්ගෙන් උදව් ගන්න. ගොඩක් වෙලාවට මානසික අවපීඩනයෙන් ඉන්න අය තමයි ජීවිතේ නැති කරගන්න හිතන්නේ. හැබැයි ඒකෙන් ගොඩ එන්න ප්‍රතිකාර තියෙනවා.

  • ඔයාට හැඟෙන විදිහ ගැන දෙවියන්ට කියන්න. ඔයාටත් වඩා හොඳට ඔයා ගැන යෙහෝවා දෙවියන් දන්නවා. ඔයාට උදව් කරන්න ඔහු ආසාවෙන් ඉන්නවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න