ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 102 ලිපිය
  • මං ඉස්කෝලේ ගමන නතර කළාට කමක් නැද්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මං ඉස්කෝලේ ගමන නතර කළාට කමක් නැද්ද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සමහරු ඉස්කෝලේ යන එක නවත්වන්නේ ඇයි?
  • වාසි අවාසි ගැන හිතන්න
  • මෙහෙම කරලා බලන්න
  • පාසැල් ගමන මම නතර කළ යුතුද?
    2010 පිබිදෙව්!
  • ඉස්කෝලේ යන එක මං නතර කරන්නද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • මා පාසල හැර යා යුතු ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • ඉස්කෝලේ යන්න ආස නැත්නම් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 102 ලිපිය
කලකිරුණු ස්වාභාවයකින් ඉන්න යෞවන පිරිමි ළමයෙක් ඉස්කෝලෙන් පිට වෙලා යන ගමන් ළමයින් පිරිසකට අත වනනවා.

යොවුන් සිතේ ගැටලු

මං ඉස්කෝලේ ගමන නතර කළාට කමක් නැද්ද?

“තවත් නම් ඉස්කෝලේ යන්න බෑ!” ඔයාටත් එහෙම හිතෙනවාද? ඉස්කෝලේ ගමන නවත්වනවා වෙනුවට ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන මේ ලිපියෙන් දැනගන්න.

  • සමහරු ඉස්කෝලේ යන එක නවත්වන්නේ ඇයි?

  • වාසි අවාසි ගැන හිතන්න

  • මෙහෙම කරලා බලන්න

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

සමහරු ඉස්කෝලේ යන එක නවත්වන්නේ ඇයි?

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියන විදිහට ඒකට මේ වගේ හේතු බලපානවා.

  • ඉගෙනීමේ දුර්වලතා. ‘මං කොච්චර පාඩම් කළත් එන්න එන්නම ලකුණු අඩු වෙනවා.’

  • උනන්දුවක් නැතිකම. ‘මං ඉගෙනගන්න දේවල්වලින් මට කිසි ප්‍රයෝජනයක් නෑ.’

  • ආර්ථික අමාරුකම්. ‘මගේ පවුලේ අයට උදව් කරන්න මං ජොබ් එකක් කරන්න ඕනේ.’

වාසි අවාසි ගැන හිතන්න

බයිබලයේ කියන්නේ “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි” කියලයි. (හිතෝපදේශ 14:15) ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඉස්කෝලේ ගමන නතර කරන්න ඔයා හිතාගෙන ඉන්නවා නම් එහෙම කළොත් ඔයාට අද්දකින්න වෙන්නේ මොන වගේ දේවලටද කියලා කල්පනා කරලා බලන්න.

මේ ගැන හිතන්න

  • ‘මං මඟදී ඉස්කෝලේ යන එක නතර කළොත් ඉස්සරහාට හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන් වෙයිද?’

    “දවසක ඔයාට ජොබ් එකක් කරලා පවුලේ අයව බලාගන්න වුණා කියලා හිතන්න. එදාට ජොබ් එකකට අවම සුදුසුකම හැටියට ඒලෙවල් කරලා තියෙන එක ආයතන ප්‍රධානීන් වැඩිදෙනෙක් බලාපොරොත්තු වුණොත් ඔයා මොකද කරන්නේ?”—ජූලියා.

  • ‘මං මඟදී ඉස්කෝලේ යන එක නතර කළොත් ඉස්සරහාට එන අභියෝගවලට මුහුණ දෙන්න මට පුළුවන් වෙයිද?’

    “පාසැල් ජීවිතය ඔයාට උදව් වෙනවා අනාගතයට මුහුණ දෙන්න. මොකද ඉස්සරහාට ආශ්‍රය කරන්න වෙන අය, එන පෙලඹීම්, කරන්න තියෙන වැඩ වගේ හැම දෙයක්ම හුඟක් පැතිවලින් ඉස්කෝලේදී ඔයා අද්දැක්ක දේවලට සමානයි.”—ඩැනියෙල්.

  • ‘මං මඟදී ඉස්කෝලේ යන එක නතර කළොත් වැඩිහිටියෙක් වුණාම මට තියෙන්න ඕනෙ හැකියාවන් මට තියෙයිද?’

    “ඉස්කෝලේ යන එකෙන් කිසි වැඩක් නෑ කියලා දැන් ඔයාට හිතෙයි. ඒත් අවුරුදු 23දී විතර වියහියදම් ගණන් බලද්දී ඔයාට හිතෙයි ‘හොඳ වෙලාවට මං ගණන් පීරියඩ් එකේ උගන්වපු දේවල් අහන් හිටියේ කියලා.’”—ඇනා.

මෙහෙම කරලා බලන්න

  • උදව් ගන්න. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.” (හිතෝපදේශ 15:22) එන්න එන්නම ඔයාගේ ලකුණු අඩු වෙනවා නම් ලකුණු වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලා ඔයාගේ අම්මාගෙන් තාත්තාගෙන් ගුරුවරයෙක්ගෙන් ශිෂ්‍ය උපදේශකයෙක්ගෙන් එහෙමත් නැත්නම් විශ්වාස කරන්න පුළුවන් වැඩිහිටියෙක්ගෙන් අහන්න.

    “පාඩම් වැඩ ගැන ඔයාට මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටීචර් එක්ක ඒ ගැන කතා කරන්න. සමහර වෙලාවට ඔයාට හිතෙයි ටීචර්ම තමයි ප්‍රශ්නේ කියලා. ඒත් ඔයා එහෙම උදව් ඉල්ලුවොත් හුඟක් වෙලාවට තත්වේ ටිකක් හරි හොඳ අතට හරවගන්න පුළුවන්.”—එඩ්වඩ්.

  • අනාගතයට කොහොම බලපායිද කියලා හිතන්න. බයිබලයේ කියන්නේ “පටන්ගැන්මට වඩා අවසානය හොඳය” කියලයි. (දේශනාකාරයා 7:8) ඉස්කෝලෙන් ඔයාට ලැබෙන්නේ පොත පතේ දැනුම විතරක් නෙවෙයි ඔයාගේ ජීවිතයට ඕනෙ කරන හොඳ ගුණාංග, හැකියාවන් වර්ධනය කරගන්නත් ඒ කාලෙදි පුළුවන් වෙනවා.

    “වැඩිහිටියෙක් වුණාට පස්සේ රචනා ලියන්න, විභාගවලට පාඩම් කරන්න ඕනෙ වෙන්නේ නෑ තමයි. ඒත් ඉස්කෝලෙදි පීඩනයක් යටතේ වැඩ කරන්න පුරුදු වෙන එක පස්සේ කාලෙක ජීවිතේ මුහුණ දෙන්න වෙන ඕනම පීඩනයකට හොඳින් මුහුණ දෙන්න ඔයාට උදව් වෙනවා.”—වීරා.

    බෝට්ටුව ගොඩට එන්න කලින් තරුණ පිරිමි ළමයෙක් බෝට්ටුවෙන් එළියට අඩිය තියනවා. බෝට්ටුවෙන් එළියට යන්න එපා කියලා එයාගේ පංතියේ ළමයි සහ ගුරුවරයා අනතුරු අඟවනවා.

    ඉස්කෝලේ ගමන මඟදි නතර කරන එකත් හරියට බෝට්ටුවක් ගොඩට එන්න කලින් මඟදි වතුරට පනිනවා වගේ වැඩක්. පැන්නාට පස්සේ හිතෙයි අපරාදේ මං පැන්නේ කියලා.

  • කරන්න පුළුවන් දේවල් ගැන හිතලා බලන්න. බයිබලයේ මෙහෙම කියනවා. “දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.” (හිතෝපදේශ 21:5) තියෙන එකම විසඳුම ඉගෙනීම සම්පූර්ණයෙන් නවත්වන එක කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. මොකද සමහරවිට ඔන්ලයින් හරහා හරි ඔයාගේ රටේ නීතියට අනුව අවසර තියෙනවා නම් ගෙදර ඉඳලා හරි (homeschooling) ඉගෙනීමේ කටයුතු සම්පූර්ණ කරන්න ඔයාට පුළුවන්.

    “ඉස්කෝලේ යන එකෙන් මහන්සි වෙලා වැඩ කරන්න, ගැටලු විසඳගන්න, අනිත් අයත් එක්ක පෑහිලා වැඩ කරන්න ඔයා ඉගෙනගන්නවා. ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ජීවිත කාලෙටම වටිනවා. ඒ නිසා අන්තිම වෙනකම්ම ඉස්කෝලේ යන්න ඔයා දරන වෑයම කවදාවත් අපතේ යන්නේ නෑ.”—බෙන්ජමින්.

මේක මතක තියාගන්න: අන්තිම වෙන කල්ම ඉස්කෝලේ යනවා නම් ඒක ඔයාට උදව් වෙනවා වැඩිහිටියෙක් වුණාම ජීවිතයට ප්‍රයෝජනවත් වෙන හුඟක් දේවල් ඉගෙනගන්න.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ඇනබෙල්.

“ඔයා ඉස්කෝලේ අධ්‍යාපනය සම්පූර්ණ කරලා තියෙනවා නම් ජොබ් එකකට ඉල්ලුම් කරද්දී ඒ ආයතන ප්‍රධානීන් ඔයාව තෝරගන්න තියෙන ඉඩකඩ වැඩියි. මොකද ඒකෙන් ඔයා ඔප්පු කරලා තියෙනවා පටන්ගත්ත වැඩක් සම්පූර්ණයෙන් ඉවර කරන්න ඔයාට උවමනාවක් තියෙනවා කියලා. ඒ නිසා ඉස්කෝලේ ගමන මඟදී නතර කරන එක නුවණට හුරු දෙයක් නෙවෙයි.”—ඇනබෙල්.

කෝල්.

“දිගටම ඉස්කෝලේ යන එක අමාරුයි වගේ පේන නිසා ඉස්කෝලේ ගමන නවත්වලා දාන එක තමයි ලේසිම දේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහාට නිතරම වගේ ඔයාට පීඩනයක් යටතේ විඳදරාගෙන වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම වැඩිහිටියෙක් වුණාම ජීවිතේ එන ඕනෙම දෙයකට හොඳින් මුහුණ දෙන්න ඔයාට හැකියාව තියෙන්න ඕනේ. ඉස්කෝලේ කාලේ ඔයා ලබන අද්දැකීම් ඒකට ඔයාට උදව් වෙනවා.”—කෝල්.

බ්‍රින්.

“වැඩිහිටියෙක් වුණාම ඔයාට අමාරු ගණන් හදහද ඉන්න ඕනෙ නෑ. හැබැයි ඔයාට තියෙන වෙලාව හොඳින් පාවිච්චි කරන්න, පටන්ගත්ත වැඩක් වෙලාවට ඉවර කරන්න විතරක් නෙවෙයි වේලාසනින් නැඟිටින්න පවා පුරුදු වෙන්න ඔයාට සිද්ධ වෙනවා. ඒ වගේ පුරුදු, හැකියාවන් වර්ධනය කරගන්න උදව් වෙන්නේ ඔයාගේ ඉස්කෝලේ ජීවිතේ.”—බ්‍රින්.

සාරාංශය: මං ඉස්කෝලේ ගමන නතර කළාට කමක් නැද්ද?

  • වාසි අවාසි ගැන හිතන්න. ඉස්කෝලේ ගමන අතරමඟ නතර කළොත් ඔයාට ඉස්සරහාට හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද? ඔයා ආස කරන වෘත්තිය දක්ෂතාවයන් දියුණු කරගන්න පුළුවන් වෙයිද? ජීවිතයේ අමාරුකම්වලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙයිද කියලා හිතලා බලන්න.

  • උදව් ගන්න. ඔයාගේ ලකුණු එන්න එන්නම අඩු වෙනවා නම් ඔයාගේ අම්මා තාත්තා එක්ක ගුරුවරයෙක් එක්ක ශිෂ්‍ය උපදේශකයෙක් එක්ක එහෙමත් නැත්නම් විශ්වාස කරන්න පුළුවන් වැඩිහිටියෙක් එක්ක ඒ ගැන කතා කරන්න.

  • අනාගතයට කොහොම බලපායිද කියලා හිතන්න. පොතේ පතේ දැනුමට වඩා වැඩි දෙයක් ඉස්කෝලෙන් ලැබෙනවා. යම් දේවල් හොඳින් අධ්‍යයනය කරන්න, පටන්ගත්ත වැඩක් වෙලාවට ඉවර කරන්න, වගකීම් හොඳින් ඉටු කරන්න ඉස්කෝලේ ජීවිතේ ඔයාට උදව් කරනවා.

  • කරන්න පුළුවන් දේවල් ගැන හිතලා බලන්න. ඔයා මුහුණ දෙන තත්වයන් නිසා ඉස්කෝලේ ගමන නතර කරන්නම වෙනවා නම් ගෙදර ඉඳන් ඉගෙනගන්න එක, ඔන්ලයින් හරහා ඉගෙනගන්න එක වගේ ක්‍රමවලින් ඔයාගේ ඉගෙනීම් කටයුතු සම්පූර්ණ කරන්න පුළුවන්ද කියලා බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න