ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwex 33 ලිපිය
  • බයිබල් පාඩම් කරන්න පොදු දුරකතනයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබල් පාඩම් කරන්න පොදු දුරකතනයක්
  • අද්දැකීම්
  • සමාන තොරතුරු
  • 4. පිටින් කෑම ගැනීමේදී
    2012 පිබිදෙව්!
  • දුරකථනයෙන් සාර්ථකව සාක්ෂි දැරීම
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • මට ජංගම දුරකථනයක් අවශ්‍යද?
    2002 පිබිදෙව්!
  • ප්‍රශ්න පෙට්ටිය
    2013 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
අද්දැකීම්
ijwex 33 ලිපිය
තරුණයෙක් පොදු දුරකතනය පාවිච්චි කරලා බයිබල් පාඩමක් කරනවා.

බයිබල් පාඩම් කරන්න පොදු දුරකතනයක්

ඩෙයානී කියන්නේ බ්‍රසීලයේ ජීවත් වෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. එයා පූර්ණකාලීනව ශුභාරංචිය දේශනා කරනවා. දවසක් ඩෙයානී ෆෝන් එකෙන් සාක්ෂි දරද්දී බයිබලයේ තියෙන පණිවිඩයට උනන්දුවක් දක්වන ජෝඩුවක් හම්බ වුණා. ඒත් එයාලා කිව්වා ළඟදීම එයාලා ඈත පළාතක පදිංචියට යනවා, ප්‍රශ්නෙකට තියෙන්නේ එහේ කරන්ටුයි, ඉන්ටනෙටුයි නැති එක කියලා. ඒ විතරක් නෙමෙයි එහේ සාක්ෂිකාරයෝ හිටියෙත් නැහැ. බයිබල් සාකච්ඡාව කරන්න තිබුණ ආසාව නිසා එයාලා ඒ ගමේ තිබුණ පොදු දුරකතනයක නොම්බරයක් දුන්නා. සාකච්ඡාව කරන දවසයි, වෙලාවයිත් කතා කරගත්තා.

කියපු වෙලාවටම ඩෙයානී ඒ නොම්බරේට කෝල් එකක් ගත්තා. පොරොන්දු වෙච්ච විදිහටම අර දෙන්නත් එහා පැත්තේ හිටියා. ඔය විදිහට ඊළඟ සති දෙකේදී තුන් වතාවක්ම සාකච්ඡාව කරන් ගියා.

ඒත් හිටිහැටියේම ඒ දෙන්නාගෙන් කිසිම සද්දයක් නැතුව ගියා. හැබැයි ඩෙයානී අත්හැරියේ නැහැ. එයා සතියට තුන් සැරයක්ම කෝල් කරා. කෝල් එක ගත්තේ කවුද එයා ඒ කෙනාට දේශනා කරා. අන්තිමට එයාට ඒ ගමේ කීපදෙනෙක් එක්කම බයිබල් පාඩම් පටන්ගන්න පුළුවන් වුණා.

දවසක් ඩෙයානීයි, එයාගේ මහත්තයායි තරුණයෙක් එක්ක ගමේ ෆෝන් එකෙන් බයිබල් පාඩමක් කරකර හිටියා. එතනින් ගිය පල්ලියේ නායකයෙක්ට ඒ කතාව ඇහුණා. මොකද්ද මේ කතා කරන්නේ කියලා අහගන්න මෙයා අර තරුණයා ගාවට ගිහින් කන් දීගෙන හිටියා. ඊටපස්සේ එයා කිව්වා එයාටත් අර දෙන්නා එක්ක කතා කරන්න ඕනෙ කියලා. ඒ සාකච්ඡාව ගැන එයා කොච්චර පැහැදුණාද කියනවා නම් එයාත් පාඩමක් ඉල්ලුවා.

ඔහොම යද්දී ඩෙයානීටයි, එයාගේ මහත්තයාටයි පුළුවන් වුණා ගමේ ෆෝන් එකෙන් බයිබල් පාඩම් 6ක්ම කරන්න. පල්ලියේ නායකයාත් එයාලාගෙන් එක් කෙනෙක්. සමහර බයිබල් ශිෂ්‍යයන් ගමේ ෆෝන් එකෙන්ම මේ වෙද්දී රැස්වීම්වලටත් හවුල් වෙලා තියෙනවා. එතන ඉඳගෙනම පාඩම කරන්න පුළුවන් වෙන විදිහට එක බයිබල් ශිෂ්‍යයෙක් පොඩි බංකුවකුත් හදලා දුන්නා.

පිටිසර පළාතකට ශුභාරංචිය ගෙනියන්න ඒ දෙන්නාට අවස්ථාව ලැබුණ එක ගැන ඩෙයානීයි, එයාගේ මහත්තයායි ගොඩක් සතුටු වෙනවා. “සුදුස්සා ඈත පිටිසර කොයි අස්සේ මුල්ලේ හිටියත් යෙහෝවාට පුළුවන් මොනම විදිහකින් හරි එයා ගාවට ශුභාරංචිය ගෙනියන්න” කියලා ඩෙයානී කියනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න