ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwex 28 ලිපිය
  • “යෙහෝවා අපේ පණ බේරුවා”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “යෙහෝවා අපේ පණ බේරුවා”
  • අද්දැකීම්
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පළමුවන එළිසබෙත් රැජිනගේ පාලන සමය ඇත්තටම රන්වන් යුගයක්ද?
    2010 පිබිදෙව්!
  • “යෙහෝවා එයාලව සැලකුවේ ධර්මිෂ්ඨ අය විදිහට”
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • ඔයා ආදරෙයි කියලා එයාලට කියන්න
    අද්දැකීම්
තව තොරතුරු
අද්දැකීම්
ijwex 28 ලිපිය
කාන්තාවන් දෙන්නෙක් කෝච්චියක ඉඳගෙන ඉන්නවා.

“යෙහෝවා අපේ පණ බේරුවා”

ඉන්දියාවේ ජීවත් වෙන සෞභාග්‍යාගේ සැමියා මැරුණේ 2005දී. එයා සෞභාග්‍යාවත් චූටි දූ මේඝනාවත් තනි කරලා යද්දී දූට යාන්තම් අවුරුදු තුනක් වුණා විතරයි. පණ වගේ පවුල බලාගත්ත ආදරණීය සැමියාගේ මරණෙන් පස්සේ එදා වේල හොයාගන්න සෞභාග්‍යාට දහ දුක් විඳින්න සිද්ධ වුණා.

තත්වය එන්න එන්නම නරක අතට හැරුණා. හැමෝම සෞභාග්‍යාව කොන් කරන්න ගත්තා. පවුලේ අය එයාවයි දුවවයි සැලකුවේ හිඟන්නෝ ගාණට. ඒ දෙන්නා මහ පොළොවට බරක් කියලා එයාලා නිතරම කිව්වා. පිහිටක් හොයාගෙන සෞභාග්‍යා ගමේ පල්ලියට ගියත් එතනින් ලැබුණු සෙතකුත් නැහැ. දුප්පත් හින්දා එතන්ට ආපු අයත් මෙයාලව සැලකුවේ පයට පෑගෙන දූවිලි ගාණට. එයා දරුවාව හදාගෙන තනියම ජීවත් වෙන්න හිතන් රස්සාවක් හෙව්වාට රස්සාවක් දෙන්නවත් කෙනෙක් හිටියේ නැහැ.

සෞභාග්‍යා මෙහෙම කියනවා. “ජීවිතේ කොච්චර අඳුරු වුණාද කියනවා නම් මට කිසි පැත්තකින් ආලෝකයක් පෙනුණේ නැහැ. ඒ නිසා වහ කාලා මැරෙනවා කියලා හිතුවා. ඒත් දූගේ අනාගතේ ඊට අන්ත වෙයි කියලා හිතුණ නිසා එයත් එක්කම මැරෙන්න හිත හදාගත්තා.” කාගෙන්වත් ආදරයක්, පිහිටක්, පිළිසරණක් නැති තැන වහ ටිකක් ගේන්න සෞභාග්‍යා කඩේකට ගියා.

වහ අරගෙන එයා ගෙදර ආවේ කෝච්චියේ. කෝච්චියේ හිටපු එලිසබෙත් කියලා කාන්තාවක් සෞභාග්‍යා එක්ක කතා කළා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. සෞභාග්‍යා එයාට කිව්වාම රස්සාවක් නැහැ කියලා රස්සාවක් හොයලා දෙන්න එලිසබෙත් ඉදිරිපත් වුණා. ඒ ගමන්ම එලිසබෙත් කිව්වා එයා මේ යන්නේ බයිබල් සාකච්ඡාවක් කරන්න කියලා. ඒක අහලා සෞභාග්‍යා පුදුම වුණා. මොකද එයා පල්ලි ගාණේ බඩ ගෑවට කවුරුත් බයිබල් සාකච්ඡාවල් කරනවා කියලා අහලා තිබුණේ නැහැ. ඉතින් එලිසබෙත් කිව්වා බයිබල් සාකච්ඡාවක් කරන විදිහ කියලා දෙන්න එයාව හම්බෙන්න එන්න කියලා. ඔය විදිහට දෙන්නාගේ කතාව එතනින් ඉවර වුණා.

ගෙදර ආවත් සෞභාග්‍යා එයාගේ තීරණය වෙනස් කරගෙන තිබුණේ නැහැ. හැබැයි ගෙදර එද්දී මේඝනා හිටියේ නැහැ. මොකද නෑදෑයෙක් එයාව ගමනක් එක්කන් ගිහින් තිබුණා. ඒ නිසා දුව එන කල් ඉන්න එයා තීරණය කළා.

ඔය අතරේ සෞභාග්‍යා එලිසබෙත්ව මුණගැහෙන්න ගියා. එලිසබෙත් ආදරෙන් එයාව පිළි අරන් ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොත දුන්නා. සෞභාග්‍යාගේ හිත වැඩිපුරම ගියේ පොතේ “මිය ගිය අය කොහේද?” කියන පරිච්ඡේදෙට. ඒකට හේතුව වුණේ එයාගේ ආදරණීය සැමියා ඊට ටික කාලෙකට කලින් මිය ගිහින් තිබුණ නිසයි. එදාම සෞභාග්‍යා බයිබල් පාඩමක් කරන්න කැමති වුණා.

එලිසබෙත් එයාට ඊළඟ සතියේ තිබුණු සමුළුවකට ආරාධනා කෙරුවාම සෞභාග්‍යා ඒකට එන්න කැමති වුණා. එදා උගන්නපු දේවල් කොච්චර තදින් එයාගේ හිතට දැනුණද කියනවා නම් සාක්ෂිකාරියක් වෙනවාමයි කියලා එයා හිතාගත්තා. එදා සමුළුව ඉවර වෙලා ගෙදර එද්දී එයාට රස්සාවකුත් හම්බුණා.

ජීවිතේ කෙළවර කරගන්න හිටපු සෞභාග්‍යා කෙළවරක් නැති ජීවිතයක් ගැන බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්න පටන්ගත්තා. දිගටම බයිබලේ පාඩම් කරලා අම්මායි දුවයි බව්තීස්ම වුණා. දැන් දෙන්නාම ස්ථාවර පුරෝගාමීන්. මේඝනා මේ වෙද්දී ඉන්දියාවේ පරිවර්තන කාර්යාලයක වැඩවලට ගෙදර ඉඳන් හවුල් වෙනවා.

සෞභාග්‍යා සහ මේඝනා

එදා කෝච්චියේදී එලිසබෙත් සෞභාග්‍යා ළඟට ඇවිත් කතා කරපු එක, එයා ගැන පෞද්ගලික උනන්දුවක් දක්වපු එක, බයිබලේ තියෙන සත්‍යය ගැන කියපු එක අද සෞභාග්‍යාත් මේඝනාත් මතක් කරන්නේ හද පිරි සෙනෙහසකින්. යෙහෝවා දෙවියන් පෙන්නපු ඒ අසීමිත ආදරය ගැන කියන්න එයාලට වචන නැහැ. මේඝනා මෙහෙම කියනවා. “එදා අම්මාට සත්‍යය ලැබුණේ නැත්නම් අපිව වළලපු තැන්වල අද ගසුත් පැළ වෙලා. දැන් අපි ඉන්නේ හරිම සතුටින්. අම්මායි මායි මඟ බලං ඉන්නේ තාත්තා නැවත නැඟිටලා ආයෙත් අපි ගාවට එන කල්. අපේ පණ බේරුපු යෙහෝවා දෙවියන් ගැන එයාට කියලා දෙන්නත් අපි ඉන්නේ පුදුම ආසාවෙන්.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න