ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb17 48-53 පි.
  • අප්‍රිකාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රිකාව
  • 2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • “මේ හරියේ බිහිරි අය ඉන්නවාද”
  • “ඒ කතාව මටම දීපු එකක් වගේ”
  • “මං මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ”
  • හුඟදෙනෙක් ආවා
  • විවාහය රැක දුන් පිටු 32
  • එයා සඟරාව කූසල් භාෂාවට පරිවර්තනය කළා
2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb17 48-53 පි.
සියරා ලියොන්වල ජනයා බිහිරි පුද්ගලයන් වෙතට ක්‍රිස්ටල්ව යොමු කරමින්

සියරා ලියොන්: දෙවි ක්‍රිස්ටල්ට උදව් කළා

ලොව වටා සේවය

අප්‍රිකාව

  • රටවල් ගණන 58

  • ජනගහනය 1,10,95,11,431

  • ප්‍රචාරකයන් ගණන 15,38,897

  • බයිබල් පාඩම් ගණන 40,89,110

“මේ හරියේ බිහිරි අය ඉන්නවාද”

ක්‍රිස්ටල් සියරා ලියොන්වල ජීවත් වෙන මිෂනාරිවරියක්. එයා සේවය කරන්නේ එහේ සංඥා භාෂා සභාවක. හැම දවසකම සේවයේ යන්න කලින් බිහිරි අයව මුණගස්සන්න කියලා එයා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. දවසක් ක්‍රිස්ටල් නැවත බැලීමකට වෙනදා යන පාරෙන් යන්නේ නැතුව වෙන පාරකින් ගියා. එයා ඒ පැත්තේ කෙනෙක්ගෙන් “මේ හරියේ බිහිරි අය ඉන්නවාද” කියලා ඇහුවා. ඒ කෙනා ක්‍රිස්ටල්ට ගෙයක් පෙන්නුවා. එයා ඒ ගෙදරට ගියාම ඒ බිහිරි තරුණිය පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. ඒ වගේම රැස්වීම්වලට එන්නත් කැමති වුණා. ඒ ගෙදරින් එළියට ආවාම අහළ පහළ අය ඒ පැත්තේ ඉන්න තවත් බිහිරි කෙනෙක්ව එයාට හොයලා දුන්නා. ක්‍රිස්ටල් ඒ කෙනා එක්කත් බයිබලයේ පණිවිඩය බෙදාගත්තා. එයාත් ලොකු උනන්දුවක් පෙන්නුවා. ඒ පැත්තේ කලින් වැඩ කරලා තිබුණත් එදා හම්බ වුණු බිහිරි දෙන්නාව කවදාවත් එයාට මුණගැහිලා තිබුණේ නැහැ. එයාලාව හම්බ වුණේ දෙවිගේ උදව්වෙන් කියලා ක්‍රිස්ටල් තේරුම්ගත්තා.

“ඒ කතාව මටම දීපු එකක් වගේ”

ලයිබීරියාවේ ජීවත් වෙන එම්මානුවෙල් රැස්වීමට යද්දී පාර අයිනේ හොඳට ඇඳ පැළඳගෙන හිටපු තරුණයෙක්ව දැක්කා. එයා ලොකු ප්‍රශ්නෙකට මැදි වෙලා ඉන්නවා වගෙයි පේන්න තිබුණේ. එම්මානුවෙල් කාර් එක නතර කරලා ඒ තරුණයාත් එක්ක කතා කළා. කලින් දවසේ මෝසෙස් කියන ඒ තරුණයාගේ සල්ලි ඔක්කොම කවුරු හරි හොරකම් කරලා. ජීවිතේ නැති කරගන්න හිතෙනවා කියලා එයා කිව්වා. එම්මානුවෙල් මෝසෙස් කිව්ව හැම දෙයක්ම හොඳට අහගෙන ඉඳලා මෙහෙම කිව්වා. “මම යන්නේ අපේ ආගමේ රැස්වීමකට. ඔයාත් එනවාද මාත් එක්ක යන්න?” මෝසෙස් රැස්වීමට ආවා. බයිබල් දේශනයට ඇහුම්කන් දුන්නාට පස්සේ මෝසෙස් මෙහෙම කිව්වා. “ඒ කතාව මටම දීපු එකක් වගේ. ඇත්තටම ඔයාලා හරිම වෙනස්.” එයා බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. දැන් මෝසෙස් හැම සතියෙම රැස්වීම් එනවා.

“මං මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ”

ගිනි බිසව්වල ජීවත් වුණු අමිනාටා පාසැල් යන දැරියක්. දවසක් එහේ පවත්වන උත්සවයකට සම්බන්ධ වෙස් මුහුණු සහ තවත් දේවල් අඳින්න කියලා චිත්‍ර ගුරුවරයා පන්තියේ ළමයින්ට කිව්වා. ඒත් අමිනාටා ගස් කොළන් සහ සත්තු පිරුණු පාරාදීසයක චිත්‍රයක් ඇන්දා. ඒ නිසා ගුරුවරයා එයාට ලකුණු දුන්නේ නැහැ. ඉස්කෝලේ ඇරුණාට පස්සේ අමිනාටා ගුරුවරයාව හම්බ වෙලා මෙහෙම ඇහුවා. “ටීචර් අඳින්න කියපු උත්සවය පටන්ගත්තේ කවුද?”

“අතීතයේ ජීවත් වුණු මිථ්‍යාදෘෂ්ටිකයන්” කියලා ගුරුවරයා කිව්වා.

ගිනි බිසව්වල අවුරුදු 15ක් වයස අමිනාටා පාරාදීසය චිත්‍රයට නගමින්

ගිනි බිසව්: පාරාදීසය ඇඳපු අමිනාටා

අමිනාටා මෙහෙම උත්තර දුන්නා. “මං මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඒත් දෙවියන් ළඟදිම මේ පොළොව පාරාදීසයක් කරනවා කියලා මං විශ්වාස කරනවා. ඒ නිසයි මම පාරාදීසය ඇන්දේ. “චිත්‍ර අඳින විභාගයක් වෙනුවට ප්‍රශ්නවලට උත්තර ලියන විදිහේ විභාගයක් ආපහු තියන්න ගුරුවරයා තීරණය කළා. අමිනාටාට ඒ විභාගෙන් ලකුණු 20න් 18ක්ම ලැබුණා.

හුඟදෙනෙක් ආවා

මලාවිවල පිටිසර ගමක ප්‍රචාරකයන් 7දෙනෙක්ගෙන් හැදුණ පුංචි කණ්ඩායමක් හිටියා. එයාලා රැස්වීම් තිබ්බේ අටවගත්ත පුංචි පැලක. චාරිකා සතියෙදි ලැබුණු දිරිගැන්වීම් නිසා එහේ සහෝදරයන් සිහි කිරීමට පුළුවන් තරම් දෙනෙක්ට ආරාධනා කළා. කරපු ආරාධනාව පිළි අරන් සිහි කිරීමට 120දෙනෙක් ආවා කියලා දැනගත්තාම ප්‍රචාරකයන් 7දෙනාට දැනුණේ පුදුම සතුටක්.

මලාවිවල දුෂ්කර පළාතක සිහි කිරීමට 120දෙනෙක් සහභාගි වුණා

මලාවි: සිහි කිරීමට 120දෙනෙක් සහභාගි වුණා

විවාහය රැක දුන් පිටු 32

විශේෂ පොදු සේවයේදී හම්බ වෙන අය අපෙන් පොත් පත් ගත්තාට ඒ වෙලාවෙම ලොකු උනන්දුවක් පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්. ටෝගෝවල ලෝමේ නගරයේ අපේ ජංගම පුවරුවක් ළඟට ඇවිත් ‘ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!’ කියන සඟරාව ගත්ත කාන්තාවත් ඒ වගේ කෙනෙක්. ලොකු උනන්දුවක් පෙන්නුවේ නැති වුණාට සඟරාව ගත්ත නිසා එතැන හිටපු සහෝදරිය එෆීස 5:3 පෙන්නලා එයාත් එක්ක ටිකක් කතා කළා. එයාලා දුරකථන අංකත් හුවමාරු කරගත්තා. ඒ කාන්තාව සති දෙකකට පස්සේ සහෝදරියට කතා කරලා මෙහෙම කිව්වා. “ඇත්තටම මං සාක්ෂිකරුවන්ට කැමති නැහැ. ඒත් මම සඟරාව කියෙව්වා. මේ ටික දවසට මගේ පවුල් ජීවිතේ තිබ්බ ප්‍රශ්න විසඳගන්න ඒ උපදෙස් මට උදව් වුණා. මම සාක්ෂිකරුවන් ගැන හිතන් හිටිය විදිහ වැරදියි. මේ සඟරාවේ තිබුණු තොරතුරු මං තවත් යුවළකටත් කිව්වා.” ඒ කාන්තාවත් අනිත් යුවළත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

එයා සඟරාව කූසල් භාෂාවට පරිවර්තනය කළා

අන්කාසි කියන්නේ ඝානාවේ දුෂ්කර ගම්මානයක්. එහේ සහෝදරයන් හැම සඳුදාම පොදු සේවයේ හවුල් වුණා. දවසක් සහෝදර සැමුවෙල් පුවරුව ළඟට ආපු ඒනොක් කියන පුද්ගලයා එක්ක කතා කරලා එයාට ‘දෙවිට සවන් දෙන්න’ කියන සඟරාවේ පිටපතක් දුන්නා. එතකොට ඒනොක් “කූසල් භාෂාවෙන් පොත් පත් නැද්ද” කියලා ඇහුවා.

ඝානාවේ අන්කාසිවල ජංගම පුවරුව
ඒනොක් කූසල් භාෂාවට පරිවර්තනය කරපු සඟරාව සැමුවෙල්ට දෙමින්

ඝානාව: කූසල් භාෂාවට සඟරාව පරිවර්තනය කරපු ඒනොක්

සැමුවෙල් මෙහෙම කිව්වා. “ඒ භාෂාවෙන් නම් පොත් නැහැ. ඒත් අපි ළඟ ෆ්රාෆ්රා භාෂාවෙන් සඟරා තියෙනවා.” ඒක කූසල් භාෂාව ළඟින් යන භාෂාවක්. එදා ඒනොක් පොත් පත් අරන් ගියා. පස්සේ දවසක ගමේ යන්න කලින් නෑයන්ට දෙන්න තවත් පොත් පත් අරගෙන ගියා.

ආයෙත් ඒනොක් අන්කාසිවලට ආවාම එයා කොළ වගයක් සැමුවෙල්ට දුන්නා. එයා ‘දෙවිට සවන් දෙන්න’ කියන සඟරාව කූසල් භාෂාවට පරිවර්තනය කරලා. ඒනොක් දැන් රැස්වීම්වලටත් දිගටම එනවා. බයිබල් පාඩමකුත් කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න