ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 82 පි.-85 පි. 5 ¶
  • ඉන්දුනීසියාව ගැන තොරතුරු බිඳක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉන්දුනීසියාව ගැන තොරතුරු බිඳක්
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 82 පි.-85 පි. 5 ¶

ඉන්දුනීසියාව

ඉන්දුනීසියාව ගැන තොරතුරු බිඳක්

භූමිය ඕස්ට්‍රේලියා සහ ආසියා මහද්වීප අතර පිහිටලා තියෙන මේ රටට දූපත් 17,500කට වඩා අයිතියි. ඒ දූපත්වලින් වැඩි හරියක කඳු සහ නිවර්තන ගන වනාන්තර දකින්න ලැබෙනවා. දූපත් සමූහයකින් හැදිලා තියෙන රටවල් අතරින් විශාලතම ප්‍රදේශයක් පුරා දූපත් විහිදිලා තියෙන රටත් ඉන්දුනීසියාවයි. සක්‍රීය ගිනි කඳු 100කට වඩා තියෙන නිසා එය ලෝකයේ සක්‍රීය ගිනි කඳු බහුලම කලාපය හැටියටත් සළකනවා.

සාම්ප්‍රදායික හිස්වැස්මක් පළඳින ඉන්දුනීසියානු කාන්තාවක්

ජනයා වැඩිම ජනගහනයක් ඉන්න රටවල් අතරින් 4වෙනි තැන ගන්නේ ඉන්දුනීසියාවයි. මේ රටේ ජනවාර්ගික කණ්ඩායම් 300කට වඩා ජීවත් වෙනවා. ජනගහනයෙන් භාගයකට වඩා සුඩාන් හා ජාවානු ජනවාර්ගික කණ්ඩායම්වලට අයිතියි.

ආගම 90% ක් විතර අදහන්නේ මුස්ලිම් ආගම. ඉතිරි අයගෙන් වැඩිදෙනෙක් හින්දු ආගමට, බෞද්ධ ආගමට හෝ ක්‍රිස්තියානි කියලා හඳුන්වන ආගම්වලට අයිතියි. ඒ වගේම බොහෝදෙනෙක් මුතුන්මිත්තන්ගෙන් පැවතෙන ආගමික වත්පිළිවෙත්වලටත් හරිම ළැදියි.

භාෂාව ඉන්දුනීසියාවේ භාෂා 700කට වඩා තියෙනවා. මැලේ භාෂාවේ ආභාසය තියෙන ඉන්දුනීසියානු භාෂාව ඒ රටේ රාජ්‍ය භාෂාවයි. හුඟක් අය එයාලා ඉන්න ප්‍රදේශයට ආවේනික භාෂාවනුත් කතා කරනවා.

කූරුවල අමුණලා තියෙන මස්

ජීවනෝපාය ගොඩක් අය ගොවිතැනක් එහෙම නැත්නම් පුංචි ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙනවා. ඛණිජ නිධි, දැව, බොරතෙල් සහ ස්වාභාවික වායු වගේ සම්පත් මේ රටේ බහුලයි. ඒ වගේම ඉන්දුනීසියාව රබර් සහ පාම් තෙල් මහා පරිමාණයෙන් අපනයනය කරන රටක්.

ආහාර ප්‍රධාන ආහාරය බත්. ඊට අමතරව “නාසි ගොරෙන්” (බත්, බිත්තර සහ එළවළු වලින් හදන ආහාරයක්), “සටේ” (මස්වලින් හදන ආහාරයක්) සහ “ගඩෝ ගඩෝ” (රටකජු සෝස් දාලා හදන සලාදයක්) කියන කෑම වර්ගත් මේ රටේ ප්‍රසිද්ධයි.

දේශගුණය සාමාන්‍යයෙන් තියෙන්නේ උණුසුම් දේශගුණයක්. ඒත් මෝසම් සුළංවල බලපෑම නිසා වියළි කාලයක් වගේම වැසි සහිත කාලයකුත් තියෙනවා. වැසි කාලයේදී නිතරම වගේ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා.

භූමිය (වර්ග කිලෝමීටර්)

19,10,931

ජනගහනය

25,60,00,000

2015 වසරේ ප්‍රචාරකයන් ගණන

26,246

අනුපාතය, එක් ප්‍රචාරකයෙකුට

9,754

2015 වසරේ සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව

55,864

ඉන්දුනීසියාවේ සිතියමක්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න