බයිබල් චරිතයක්
මනායින් වගේ යෙහෝවාට සේවේ කරන එක ජීවිතේ වැදගත්ම දේ කරගන්න
මනායින් කියන්නේ මුල් සියවසේ අන්තියෝකියේ තිබුණ සභාවේ මූලිකත්වය අරන් වැඩ කරපු කෙනෙක්. එයා ‘ඉගෙනගත්තේ දිසාපති වුණ හෙරොද් එක්ක.’ (ක්‍රියා 13:1) ඉතින් එයා හොඳ අධ්‍යාපනයක් ලබලා තිබුණා. පේන විදිහට එයා හැදී වැඩුණෙත් ධනවත් පවුලක.
ඒ වගේ පසුබිමකින් ආවත් ක්‍රිස්තියානියෙක් වෙන්නත් සභාව වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්නත් මනායින් තීරණේ කළා. එයා ලබපු අධ්‍යාපනයෙන්වත් සමාජයේ ලොකු ලොක්කන්ගේ දැන ඇඳුනුම්කම්වලින්වත් එයා එයාට ප්‍රයෝජන ගන්න බැලුවේ නැහැ. ඒ වෙනුවට එයා වෙහෙස මහන්සි නොබලා සහෝදරයන්ට උදව් කළා.
සල්ලි, ප්‍රසිද්ධිය පස්සේ යනවාට වඩා යෙහෝවාට සේවේ කරන එක කොච්චර වැදගත්ද කියලා මනායින්ගේ ආදර්ශයෙන් පේනවා. අපිත් ඒ වගේ දේවල් පස්සේ යනවා වෙනුවට නමස්කාරේ දේවලට මුල් තැන දෙන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. (මතෙ. 6:33) ඇත්ත, හොඳ අධ්‍යාපනයක් ලබන එක අපි වැදගත් දෙයක් විදිහට සලකනවා. ඒත් අපි ‘වඩා වැදගත් දේවල් මොනවාද කියලා තේරුම්ගන්න’ ඕනේ. ඒ වගේම කිසිම දෙයක් නිසා යෙහෝවාට කරන සේවෙට බාධා වෙන්න අපි ඉඩ දෙන්න හොඳ නැහැ.—ෆිලි. 1:9, 10.