ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 මැයි 32 පි.
  • අධ්‍යයනය කරන්න කලින් . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධ්‍යයනය කරන්න කලින් . . .
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • යෙහෝවාට ප්‍රිය හදවතක් ඇති කරගනිමු
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සේවයේ දක්ෂ වීමට - සූදානම් වෙන්න ශිෂ්‍යයන්ට උගන්වන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබේ ඉගැන්වීම බලපෑමෙන් යුක්තද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාව සෙවීමට ඔබේ හදවත සූදානම්ද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 මැයි 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

අධ්‍යයනය කරන්න කලින් . . .

අපිට ඕනෙ බයිබලේ අධ්‍යයනය කරද්දී අපි යෙහෝවා ගැන ඉගෙනගන්න දේවල් අපේ හදවතට යනවා දකින්න. ඒත් කොහොමද ඒක කරන්නේ? එස්රා ඒකට හොඳ ආදර්ශයක්. එයා ‘යෙහෝවාගේ නීතිය සෝදිසි කරලා බලන්න මුළු හිතින්ම අධිෂ්ඨාන කරගත්තා.’ (එස්රා 7:10) එස්රා වගේ වෙන්න අපිට පුළුවන් කොහොමද?

යාච්ඤා කරන්න. අධ්‍යයනය කරන හැම පාරම යාච්ඤාවක් කරලාම ඒක පටන්ගන්න. ඉගෙනගන්න දේවල් තේරුම්ගන්න, ඒවා ජීවිතේට අදාළ කරගන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න.—ගීතා. 119:18, 34.

නිහතමානී වෙන්න. බයිබලේ ඉගෙනගන්න දෙවියන්ගේ උදව් ඕනෙ නැහැ කියලා හිතන උඩඟු අයට දෙවියන් සත්‍යය එළිදරව් කරන්නේ නැහැ. (ලූක් 10:21) දැනුම ප්‍රදර්ශනය කරන්න හිතාගෙන අධ්‍යයනය කරන්න එපා. අධ්‍යයනය කරද්දී වෙනස් කරගන්න ඕන පැති දැක්කාම නිහතමානී වෙලා ඒ වෙනස්කම් කරගන්න.

ගීතිකාවක් හරි අපේ සින්දුවක් හරි අහන්න. සංගීතයට පුළුවන් අපේ හදවත් ස්පර්ශ කරන්න. නමස්කාරයේ දේවලට අපිව සූදානම් කරන්නත් ඒකට පුළුවන්. ඒ නිසා ගීතිකාවක් හරි අපේ සින්දුවක් හරි අහලාම අධ්‍යයනය කරන්න පටන්ගද්දී අධ්‍යයනයට අපේ හදවත් සූදානම් කරගන්න අපිට පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න