ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 දෙසැම්බර් 32 පි.
  • අද්දැකීමක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අද්දැකීමක්!
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හැමෝටම අනුකම්පාව පෙන්නන්න
  • අනුකම්පාවෙන් පිරුණු යෙහෝවා දෙවි වගේ වෙමු
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “අපගේ දෙවිගේ මුදු මොළොක් දයානුකම්පාව”
    යෙහෝවාට ළං වන්න
  • මුදු මොළොක් ලෙස දයානුකම්පිත වන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන් අයට “දයානුකම්පාව” පෙන්වමු
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 දෙසැම්බර් 32 පි.

අද්දැකීමක්!

හැමෝටම අනුකම්පාව පෙන්නන්න

දවසක් නවසීලන්තයේ ඉන්න අපේ සහෝදරියක් jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ එකක් බැලුවා. ඒකේ තිබ්බා යෙහෝවා දෙවියන්ට අපි ගැන දැනෙන අනුකම්පාව හැඟීමකට විතරක් සීමා වෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවට ඔහු අපිට උදව් කරන්නත් පියවර ගන්නවා. (යෙසා. 63:7-9) ඉතින් ඒක බැලුවාට පස්සේ මේ සහෝදරියටත් හිතුණා එයාත් අනිත් අයට උදව් කරන්න මීට වඩා දෙයක් කරන්න ඕනෙ කියලා. එදාම එයා බඩු ගන්න කඩේකට ගියා. එතනදී එයා දැක්කා පාරේ ජීවත් වෙන කාන්තාවක්ව. ඉතින් අපේ සහෝදරිය එයාගෙන් ඇහුවා කන්න මොනවා හරි අරන් දෙන්නද කියලා. එයා හා කිව්වා. ඊටපස්සේ සහෝදරිය කෑම එක දෙන ගමන් එයාට සාක්ෂි දැරුවා. ‘දුක් කරදර කවදා හරි නැති වෙයිද?’ කියන පත්‍රිකාවත් දුන්නා.

එකපාරටම අර කාන්තාවගේ ඇස්වලින් කඳුළු ගලන්න පටන්ගත්තා. එයා කිව්වා එයා පුංචි කාලේ සාක්ෂිකරුවෙක් කියලා. හැබැයි එයා බව්තීස්ම වෙලා නැහැ. කොහොමහරි අවුරුදු ගාණකට කලින් එයා සත්‍යය අත්හැරලා. ඒත් මෑතක ඉඳන් එයා යෙහෝවාට ගොඩක් යාච්ඤා කරලා තියෙනවා එයාට ආයෙත් සභාවට එන්න ඕනෙ කියලා. ඉතින් අපේ සහෝදරිය එයාට බයිබලයකුත් දීලා පාඩමක් පටන්ගන්න සැලසුම් කළා.a

අපිටත් පුළුවන් යෙහෝවාව ආදර්ශයට අරන් අපේ නෑදෑයෝ, සභාවේ සහෝදර සහෝදරියන් ඇතුළු හැමෝටම අනුකම්පාව පෙන්නන්න. ඒ වගේම ලැබෙන හැම අවස්ථාවකම සාක්ෂි දරන්නත් අපිට පුළුවන්.

a අක්‍රියාශීලී අයට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න 2020 ජූනි ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “මා ළඟට එන්න” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න