ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 ඔක්තෝබර් 12-17 පි.
  • යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අය සන්තෝෂවත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අය සන්තෝෂවත්
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපිට ආදර්ශයක්
  • “උසස් බලධාරීන්”
  • “අතිශ්‍රේෂ්ඨ තැනැත්තා”
  • අන්තිම සටන
  • දිගටම විශ්වාසවන්තව ඉන්න
  • බලයලත් මුලාදෑනීන් පිළිබඳ ක්‍රිස්තියානියෙකුගේ මතය
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිට විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨානය කරගන්න!
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අප දෙවිට විශ්වාසවන්තව සිටිය යුත්තේ ඇයි?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්වහන්සේ සහ කායිසර්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 ඔක්තෝබර් 12-17 පි.

පාඩම් ලිපිය 42

යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අය සන්තෝෂවත්

“යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින, නිර්දෝෂ [දෙවියන්ට විශ්වාසවන්ත] අය සන්තෝෂවත්ය.”—ගීතා. 119:1.

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු

මේ ලිපියෙන්a

විශ්වාසය නිසා මේ වෙද්දී හිරේ ඉන්න සහ කලින් හිරේ ඉඳලා තියෙන සහෝදර සහෝදරියන් සතුටින් හිනා වෙනවා.

යෙහෝවා දෙවියන්ව තමන්ගේ පාලකයා විදිහට පිළිගන්න නිසා මේ වෙද්දී හිරේ ඉන්න සහ කලින් හිරේ ඉඳලා තියෙන ධෛර්යවත් සහෝදර සහෝදරියන් (1-2 ඡේද බලන්න)

1-2. (අ) සමහර ආණ්ඩු යෙහෝවා දෙවියන්ගේ සෙනඟට විරුද්ධව කරලා තියෙන්නේ මොනවාද? ඒත් දෙවියන්ගේ සෙනඟ ඒවාට මුහුණ දීලා තියෙන්නේ කොහොමද? (ආ) පීඩාවලට මුහුණ දෙද්දී සතුටින් ඉන්න පුළුවන් ඇයි? (කවරයේ පින්තූරයත් බලන්න.)

මේ වෙද්දී රටවල් සහ ප්‍රදේශ 30කට වැඩි ගාණක අපේ වැඩකටයුතුවලට සීමා තහංචි දාලා තියෙනවා. සමහර රටවල්වල බලධාරීන් අපේ සහෝදර සහෝදරියන්ව හිරේ දාලා තියෙනවා. ඒ මොන වරදක් කළාටද? ඇත්තටම එයාලා යෙහෝවා දෙවියන් ඉස්සරහා කිසිම වරදක් කරලා නැහැ. එයාලා බයිබලේ කියවලා ඒක අධ්‍යයනය කරනවා. එයාලගේ විශ්වාසයන් අනිත් අයත් එක්ක බෙදාගන්නවා. සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා රැස්වීම් පවත්වනවා. ඒ වගේම දේශපාලනික කාරණාවලදී පැති ගන්නේ නැහැ. ඒ දේවල් නිසයි මෙච්චර පීඩාවලට මුහුණ දෙන්න එයාලට සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි එයාලා දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා. ඒකයි මොන දේ වුණත් එයාලගේ සතුට නැති වෙලා නැත්තේ.

2 පීඩාවලට මුහුණ දෙන අපේ ධෛර්යවන්ත සහෝදර සහෝදරියන්ගේ පින්තූර ඔයා සමහරවිට දැකලා ඇති. කොච්චර අමාරු දේවල් වුණත් එයාලගේ මුහුණේ හිනාව නම් මැකිලා නැහැ. පීඩා එද්දීත් එයාලා ඒ විදිහට සතුටින් ඉන්නේ එයාලා විශ්වාසවන්තව ඉන්න එක ගැන යෙහෝවා සතුටු වෙනවා කියලා දන්න නිසයි. (ගීතා. 101:6) ඒ නිසයි යේසුස් මෙහෙම කිව්වේ. ‘දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම නිසා පීඩා විඳින අය සන්තෝෂවත්. ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක් තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න.’—මතෙ. 5:10-12.

අපිට ආදර්ශයක්

පින්තූරවල අදහස: 1. පේතෘස් සහ යොහන් යුදෙව් මහාධිකරණය ඉස්සරහා කතා කරනවා. 2. සහෝදරයෙක් උසාවියේදී කතා කරනවා.

උසාවියේදී තමන්ගේ විශ්වාසය වෙනුවෙන් කතා කරන්න වෙන ක්‍රිස්තියානීන්ට පේතෘස් සහ යොහන් හොඳ ආදර්ශයක් (3-4 ඡේද බලන්න)

3. යේසුස්ගේ මුල් නියෝජිතයන් පීඩා, විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නේ කොහොමද? එයාලා එහෙම කළේ ඇයි? (ක්‍රියා 4:19, 20)

3 අද ඉන්න සහෝදරයන් විතරක් නෙවෙයි මුල් සියවසේ හිටපු සහෝදරයනුත් යේසුස් ගැන සාක්ෂි දරපු නිසා ගොඩක් පීඩා, විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නා. යුදෙව් මහාධිකරණය කීපවතාවක්ම ‘යේසුස්ගේ නාමයෙන් කතා කරන්න එපා’ කියලා නියෝජිතයන්ට නියෝග කළා. (ක්‍රියා 4:18; 5:27, 28, 40) ඒත් නියෝජිතයන් කළේ මොනවාද? (ක්‍රියා 4:19, 20 කියවන්න.) එයාලා හොඳටම දැනන් හිටියා ‘ජනයාට දේශනා කරලා යේසුස් ගැන සම්පූර්ණ සාක්ෂියක් දරන්න’ කියලා එයාලට අණ කළේ බලධාරීන්ටත් වඩා හුඟක් බලවත් කෙනෙක් කියලා. (ක්‍රියා 10:42) ඒ නිසා පේතෘස් සහ යොහන් ඔළුව කෙළින් තියාගෙන බය නැතුව කිව්වා “යේසුස් ගැන සාක්ෂි දරන එක නවත්තන්නේ නෑ, මොකද අපි කීකරු වෙන්නේ දෙවියන්ට” කියලා. වෙන විදිහකින් කියනවා නම් එයාලා ඇහුවේ මේ වගේ දෙයක්. “ඔයාලා කියන්නේ දෙවියන්ට වඩා ඔයාලට කීකරු වෙන්න කියලද?”

4. නියෝජිතයන් අපිට තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද? (ක්‍රියා 5:27-29) එයාලව අනුකරණය කරන්න අපිට පුළුවන් කොහොමද?

4 දෙවියන්ගේ සෙනඟ ‘කීකරු වෙන්නේ මිනිස්සුන්ට නෙවෙයි දෙවියන්ට’ කියලා මුල් ක්‍රිස්තියානීන් පෙන්නලා තියෙනවා. (ක්‍රියා 5:27-29 කියවන්න.) එයාලගේ විශ්වාසවන්තකම නිසා එයාලට හොඳටම ගුටි කන්න වුණා. හැබැයි බයිබලේ කියනවා ‘යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න වෙන එක කොච්චර උතුම් වරප්‍රසාදයක්ද කියා සිතමින් එයාලා ප්‍රීතියෙන්’ යුදෙව් මහාධිකරණයෙන් පිටත්ව ගියා කියලා. (ක්‍රියා 5:40-42) ඔව්, ඒ කිසිම දෙයක් නිසා එයාලා ශුභාරංචිය දේශනා කරන එක නැවැත්තුවේ නැහැ. අද ඉන්න සැබෑ ක්‍රිස්තියානීනුත් යන්නේ එයාලගේ අඩි පාරෙමයි.

5. අපි උත්තර දැනගන්න යන්නේ මොන ප්‍රශ්නවලටද?

5 නියෝජිතයන් කිව්වේ බලධාරීන්ට වඩා අපි කීකරු වෙන්න ඕනෙ දෙවියන්ට කියලා. ඒ ගැන හිතද්දී අපිට ප්‍රශ්න කීපයක් මතු වෙනවා. එයාලා දෙවියන්ට කීකරු වෙන ගමන් බයිබලේ අණ කරලා තියෙන විදිහට ‘උසස් බලධාරීන්ට යටත්’ වුණේ කොහොමද? (රෝම 13:1) ‘ආණ්ඩුවල බලධාරීන්ට කීකරු’ වෙන ගමන් මුළු විශ්වයේම පාලකයා වන යෙහෝවා දෙවියන්ට ජීවිතේ පළවෙනි තැන දෙන්න අපිට පුළුවන් කොහොමද?—තීත. 3:1.

“උසස් බලධාරීන්”

6. (අ) රෝම 13:1 කියන “උසස් බලධාරීන්” කවුද? අපි එයාලා ගැන හිතන්න ඕනෙ කොහොමද? (ආ) මිනිස් පාලකයන්ට තියෙන බලය ගැන කියන්න පුළුවන් මොනවාද?

6 රෝම 13:1 කියවන්න. ඒ බයිබල් පදේ “උසස් බලධාරීන්” කියලා කියන්නේ මිනිස්සුන්ව පාලනය කරන්න බලය තියෙන පාලකයන්ට. එයාලා රටේ සාමය පවත්වාගන්න, නීති ක්‍රියාත්මක කරන්න විතරක් නෙවෙයි සමහර වෙලාවට දෙවියන්ගේ සෙනඟව ආරක්ෂා කරන්නත් මැදිහත් වෙනවා. (එළි. 12:16) ඒ නිසා ක්‍රිස්තියානීන් විදිහට අපි එයාලට කීකරු වෙලා බදු සහ වරිපණම් ගෙවන්න, එයාලට යටත් වෙන්න සහ ගරු කරන්න බැඳිලා ඉන්නවා. (රෝම 13:7) හැබැයි අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ බලධාරීන්ට යම් බලයක් ලැබිලා තියෙන්නේ යෙහෝවා දෙවියන් ඒකට ඉඩ හැරලා තියෙන නිසයි. යේසුස් රෝම ආණ්ඩුකාරයෙක් වුණ පිලාත්ට කියපු දෙයින් ඒක හොඳටම පැහැදිලි වෙනවා. යේසුස්ව මරන්න හරි නිදහස් කරන්න හරි තමන්ට බලය තියෙනවා කියලා පිලාත් කිව්වාම යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔබට ඉහළින් ඒ සඳහා අවසර ලබා දී තිබුණේ නැත්නම් මට විරුද්ධව කිසිම පියවරක් ගන්න ඔබට බලයක් නැහැ.” (යොහ. 19:11) ඒකෙන් පැහැදිලියි පිලාත්ට විතරක් නෙවෙයි හැම පාලකයෙක්ටම තියෙන්නේ හරිම සීමිත බලයක් කියලා.

7. අපි බලධාරීන්ට යටත් වෙන්නේ නැත්තේ මොන වගේ අවස්ථාවලදීද? බලධාරීන් මතක තියාගන්න ඕනෙ මොකක්ද?

7 දෙවියන්ගේ නීතියක් කැඩෙන්නේ නැති තාක් කල් ක්‍රිස්තියානීන් බලධාරීන්ට යටත් වෙනවා. හැබැයි දෙවියන් කරන්න එපා කියපු දෙයක් කරන්න කියද්දී නැත්නම් දෙවියන් කරන්න කියපු දෙයක් කරන්න එපා කියද්දී අපි කොහොමටවත් එයාලට කීකරු වෙන්නේ නැහැ. උදාහරණෙකට සමහර රටවල්වල බලධාරීන් නියෝග කරනවා තරුණයන් හමුදාවට බැඳිලා රට වෙනුවෙන් සටන් කරන්න ඕනෙ කියලා.b එහෙම නැත්නම් එයාලා අපේ බයිබලය, ප්‍රකාශන, රැස්වීම් පවත්වන එක, සේවයේ හවුල් වෙන එක තහනම් කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි එයාලට කීකරු වෙන්නේ නැහැ. බලධාරීන් මතක තියාගන්න ඕනෙ වැදගත් දෙයක් තියනවා. ඒ තමයි එයාලට තියෙන අධිකාරිය වැරදි විදිහට පාවිච්චි කරලා යේසුස්ගේ අනුගාමිකයන්ට පීඩා කරද්දී එයාලා ඒ ගැන දෙවියන්ට ගණන් දෙන්න ඕනෙ කියන දේ. මොකද යෙහෝවා දෙවියන් ඒ හැම දෙයක්ම බලාගෙනයි ඉන්නේ.—දේශ. 5:8.

8. “උසස් කෙනෙක්” සහ “අතිශ්‍රේෂ්ඨ කෙනෙක්” අතර තියෙන වෙනස මොකක්ද? ඒක අඳුරගෙන ඉන්න එක වැදගත් ඇයි?

8 “උසස් කෙනෙක්” කියද්දී ඒකෙන් “සාමාන්‍ය කෙනෙක්ට වඩා යම් බලයක්, අධිකාරියක්, ඉහළ තනතුරක් තියෙනවා” කියන එක අදහස් වෙනවා. හැබැයි “අතිශ්‍රේෂ්ඨ කෙනෙක්” කියන්නේ “උසස් කෙනෙක්ටත් වඩා බලයක්, අධිකාරියක් සහ ඉහළම තනතුරක් තියෙන කෙනෙක්ට.” ඒ වගේ කෙනෙක්ට ඉහළින් කිසි කෙනෙක් නැහැ. ඒ නිසයි බයිබලේ මිනිස් පාලකයන්ව “උසස් බලධාරීන්” විදිහටත් යෙහෝවා දෙවියන්ව “අතිශ්‍රේෂ්ඨ තැනැත්තා” විදිහටත් හඳුන්වලා තියෙන්නේ. බයිබලේ යෙහෝවා දෙවියන් ‘අතිශ්‍රේෂ්ඨයි’ කියලා හතර වතාවක් සඳහන් වෙලා තියෙනවා.—දානි. 7:18, 22, 25, 27.

“අතිශ්‍රේෂ්ඨ තැනැත්තා”

9. දානියෙල් දර්ශනවලින් දැක්කේ මොනවාද?

9 මිනිස් පාලකයන්ට වඩා යෙහෝවා දෙවියන් කොච්චර ශ්‍රේෂ්ඨද කියලා පැහැදිලි වෙන දර්ශන කීපයක් දානියෙල් දැක්කා. එයා මුලින්ම දැක්කේ මෘගයන් හතරදෙනෙක්ව. ඒ මෘගයන්ගෙන් බැබිලෝනිය, මේද පර්සියාව, ග්‍රීසිය, රෝමය වගේම රෝම අධිරාජ්‍යයෙන් බිහි වුණ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය සංකේතවත් වුණා. (දානි. 7:1-3, 17) ඊටපස්සේ දානියෙල් දකිනවා යෙහෝවා දෙවියන් ස්වර්ගයේ සිංහාසනය මත වාඩි වෙලා ඉන්න විදිහ. (දානි. 7:9, 10) දානියෙල් මේ දර්ශනවල අන්තිමට දකින දේ අද ඉන්න පාලකයන්ට ප්‍රබල අනතුරු ඇඟවීමක්!

10. යෙහෝවා දෙවියන් මේ පොළොවේ පාලනය භාර දෙන්නේ කාටද? ඒකෙන් ඔහු ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද? (දානියෙල් 7:13, 14, 27)

10 දානියෙල් 7:13, 14, 27 කියවන්න. දෙවියන් මිනිස් පාලකයන්ව බලයෙන් අයින් කරලා මේ පොළොව පාලනය කරන්න සුදුසු, වැඩි බලයක් තියෙන තවත් කට්ටියකට ඒක භාර දෙනවා. ඒ ‘මනුෂ්‍ය පුත්‍රයෙක් වගේ ඉන්න’ යේසුස් ක්‍රිස්තුස්ට සහ “අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්” විදිහට හඳුන්වන 1,44,000දෙනාට. ඒ අය “සදාකාලයෙන් සදාකාලයටම” මේ පොළොව පාලනය කරන්න යනවා. (දානි. 7:18) ඒකෙන් පැහැදිලියි කෙනෙක්ට තියෙන බලය එයාගෙන් අයින් කරලා ඒක තව කෙනෙක්ට දෙන්න පුළුවන් “අතිශ්‍රේෂ්ඨ තැනැත්තා” වන යෙහෝවා දෙවියන්ට විතරයි කියලා.

11. යෙහෝවා දෙවියන් අතිශ්‍රේෂ්ඨ තැනැත්තා කියලා පැහැදිලි වෙන්නේ තව මොන දේවලින්ද?

11 දානියෙල් දර්ශනවලින් දැකපු දේවල් එයා කලින් කියපු මේ දේටත් එකඟයි. ‘රජුන්ව පත් කරන්නෙත් ඔවුන්ව රජකමින් පහ කරන්නෙත් ස්වර්ගයේ ඉන්න දෙවියි. මනුෂ්‍ය ආණ්ඩුවලට වඩා ඉහළින් සිටින, පූර්ණ බලයක් ඇති එකම තැනැත්තා වන්නේ මහෝත්තම දෙවියි. ඔහු තමා කැමති කෙනෙකුට පාලනය භාර දෙයි.’ (දානි. 2:19-21; 4:17) එතන කියන විදිහට දෙවියන් පාලකයෙක්ව බලයෙන් පහ කරපු, එහෙම නැත්නම් පාලකයෙක්ට බලය දීපු අවස්ථා තියෙනවාද?

බෙල්ෂසර් රජ සහ එයාත් එක්ක හිටපු අය බිත්තියේ ලියපු අකරු දැකලා පුදුම වෙනවා.

යෙහෝවා දෙවියන් බෙල්ෂසර්ගෙන් රජකම අරගෙන ඒක මේදියවරුන්ට සහ පර්සියානුවන්ට දුන්නා (12 ඡේදය බලන්න)

12. අතීතයේදී දෙවියන් පාලකයන්ව බලයෙන් ඉවත් කරපු අවස්ථාවලට උදාහරණ දෙන්න. (පින්තූරය බලන්න.)

12 යෙහෝවා දෙවියන් ‘උසස් බලධාරීන්ට’ වඩා අතිශ්‍රේෂ්ඨයි කියලා හුඟක් අවස්ථාවලදී ඔප්පු කරලා තියෙනවා. මේ උදාහරණ තුන බලන්න. පාරාවෝ දෙවියන්ගේ සෙනඟව ඊජිප්තුවේ වහල්ලු විදිහට තියාගත්තා. කොච්චර කිව්වත් එයාලව නිදහස් කළේ නැහැ. හැබැයි අන්තිමේදී දෙවියන් තමන්ගේ සෙනඟව නිදහස් කරගෙන පාරාවෝව රතු මුහුදේදී විනාශ කළා. (නික්. 14:26-28; ගීතා. 136:15) දෙවෙනි කෙනා තමයි බැබිලෝනියේ රජ වුණ බෙල්ෂසර්. එයා දවසක් ලොකු උත්සවයක් පවත්වලා ‘ස්වර්ගයේ ඉන්න දෙවියන්ටත් වඩා ඉහළින් යන්න හිතුවා.’ ඒ වගේම එයා ‘ප්‍රශංසාවට පත් කළේ’ යෙහෝවා දෙවියන්ව නෙවෙයි ‘රන්, රිදීවලින් හදාගත්ත කිසි කමකට නැති දෙවිවරුන්ව.’ (දානි. 5:22, 23) හැබැයි මේ උද්දච්ච බෙල්ෂසර් රජ දෙවියන් ඉස්සරහා කිසි වැඩකට නැති කෙනෙක් කියලා ඔහු පෙන්නුවා. ‘එදා රෑම’ එයාව මරලා බැබිලෝනිය අත් පත් කරගන්න දෙවියන් මේදියවරුන්ට සහ පර්සියානුවන්ට ඉඩ හැරියා. (දානි. 5:28, 30, 31) තුන්වෙනි කෙනා තමයි 1වෙනි හෙරොද් අග්‍රිපා රජ. එයා යේසුස්ගේ නියෝජිතයෙක් වුණ යාකොබ්ව මැරුවා. ඒ වගේම පේතෘස්වත් මරන්න හිතාගෙන හිරේ දැම්මා. හැබැයි පේතෘස්ව මරන්න කලින් ‘යෙහෝවා දෙවියන්ගේ දූතයෙක් ඇවිත් හෙරොද්ට පහර දුන්නා.’—ක්‍රියා 12:1-5, 21-23.

13. රජවරු කීපදෙනෙක්ම එකතු වෙලා තමන්ගේ සෙනඟට විරුද්ධව එද්දී යෙහෝවා කළේ මොකක්ද? උදාහරණයක් දෙන්න.

13 රජවරු කීපදෙනෙක්ම එකට එකතු වෙලා යෙහෝවා දෙවියන්ට විරුද්ධව ආවත් ඒ හැමෝටම වඩා යෙහෝවා අතිශ්‍රේෂ්ඨයි කියලා පෙන්නුවා. එක අවස්ථාවක ඔහු ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කරලා කානානි රජවරු 31දෙනෙක්ව පැරැද්දුවා. ඒ නිසා පොරොන්දු දේශයෙන් විශාල ප්‍රමාණයක් අත් පත් කරගන්න ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණා. (යොෂු. 11:4-6, 20; 12:1, 7, 24) තවත් අවස්ථාවකදී බෙන්-හාදද් ඇතුළු සිරියාවේ රජවරුන් 32දෙනෙක්ව අන්ත පරාජයට පත් කරන්න දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළා.—1 රාජා. 20:1, 26-29.

14-15. (අ) නෙබුකද්නෙෂර් රජ සහ දාරියුස් රජ යෙහෝවා දෙවියන් ගැන කිව්වේ මොනවාද? (ආ) යෙහෝවා දෙවියන් සහ ඔහුගේ සෙනඟ ගැන ගීතිකාකරු කිව්වේ මොනවාද?

14 යෙහෝවා දෙවියන් තමයි අතිශ්‍රේෂ්ඨම තැනැත්තා කියලා ඔහු ආයේ ආයේ ඔප්පු කරලා පෙන්නුවා. ඒ වගේ අවස්ථා දෙකක් බලමු. සැරයක් නෙබුකද්නෙෂර් රජ යෙහෝවා දෙවියන්ව අතිශ්‍රේෂ්ඨ තැනැත්තා කියලා පිළිගන්නවා වෙනුවට ‘තමන්ගේ තේජස, ගෞරවය’ ගැන ඕනෑවට වඩා හිතන්න පටන්ගත්තා. ඒ නිසා යෙහෝවා එයාගේ සිහිය විකල් වෙන්න සැලැස්සුවා. අවුරුදු ගාණකට පස්සේ රජ ආයෙත් පියවි සිහියට ආවාම එයා ‘දෙවියන්ට ප්‍රශංසා කළා.’ එයා කිව්වා ‘දෙවියන්ගේ රාජ්‍යය සදාකාලයෙන් සදාකාලයටම පවතින්නේය’ කියලා. ඒ වගේම “ඔහුට බාධා කරන්න කිසිවෙකුට නොහැක” කියලත් එයා කිව්වා. (දානි. 4:30, 33-35) තවත් අවස්ථාවකදී විශ්වාසවන්තව හිටපු දානියෙල්ව සිංහ ගුහාවෙන් බේරපු වෙලාවේ දාරියුස් රජ මෙහෙම කිව්වා. “මගේ රාජධානියේ සෑම පළාතකම ජීවත් වන ජනයා දානියෙල්ගේ දෙවි ඉදිරියේ භයෙන්ද වෙවුලමින්ද සිටිය යුතු බවට මම නියෝග කරමි. සදාකාලයෙන් සදාකාලයට සිටින ජීවමාන දෙවි ඔහුය. ඔහුගේ රාජ්‍යය කිසිදා විනාශ නොවන්නේය. ඔහුගේ පාලනයද සදහටම පවතින්නේය.”—දානි. 6:7-10, 19-22, 26, 27.

15 ගීතිකාකරු දෙවියන් ගැන කියපු දේ බලන්න. “යෙහෝවා දෙවි ජාතීන්ගේ සැලසුම් බිඳ දැමුවේය. ඔහු ජනයාගේ සිතුවිලි අසාර්ථක කළේය.” ඒ වගේම එයා කිව්වා “යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින ජාතියද දෙවි තම උරුමය ලෙස තෝරාගත් සෙනඟද සන්තෝෂවත්” කියලා. (ගීතා. 33:10, 12) ඇත්තටම අතිශ්‍රේෂ්ඨ යෙහෝවා දෙවියන්ට දිගටම විශ්වාසවන්තව ඉන්න අපිට මොන තරම් හේතු තියෙනවාද!

අන්තිම සටන

සුදු අශ්වයන් පිට එන යෙහෝවාගේ ස්වර්ගික සේනාව ආයුධ අරන් ඉන්න මිනිස්සුන්ට පහර දෙනවා.

හුඟක් ජාතීන් එකට එකතු වෙලා ආවත් දෙවියන්ගේ ස්වර්ගික සේනාවත් එක්ක හැප්පෙන්න එයාලට බැහැ (16-17 ඡේද බලන්න)

16. ‘මහත් පීඩාවේදී’ සිද්ධ වෙන දේවල් ගැන අපිට සහතික වෙන්න පුළුවන් මොකක්ද? ඒ ඇයි? (පින්තූරය බලන්න.)

16 යෙහෝවා දෙවියන් අතීතයේදී තමන්ගේ නම වෙනුවෙන්, තමන්ගේ සෙනඟ වෙනුවෙන් සටන් කළා නම් “මහත් පීඩාව” අතරතුරේදීත් එහෙම කරයි කියලා අපිට කිසිම සැකයක් නැහැ. (මතෙ. 24:21; දානි. 12:1) ඉස්සරහටත් ජාතීන්ගේ එකතුව ඒ කියන්නේ මාගොග් දේශයේ ගොග් ලෝකේ පුරාම ඉන්න දෙවියන්ගේ සෙනඟට දරුණු විදිහට පීඩා කරන්න එනවා. එතකොට දෙවියන් තමන්ගේ සෙනඟ වෙනුවෙන් සටන් කරනවා. එදාට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිති රටවල් 193ම එකතු වෙලා දෙවියන්ගේ සෙනඟට විරුද්ධව ආවත් ඔහුගේ ස්වර්ගික සේනාවත් එක්ක හැප්පෙන්න එයාලට බැහැ! බලන්න යෙහෝවා කියන දේ. “මා ගෞරවයට පත් වන පිණිස මම පියවර ගන්නෙමි. මට සිදු වී ඇති නින්දාව සම්පූර්ණයෙන්ම ඉවත් කර සියලු ජාතීන්ට මා කවුදැයි දැනගන්න සලස්වන්නෙමි. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”—එස. 38:14-16, 23; ගීතා. 46:10.

17. ඉස්සරහට පොළොවේ රජවරුන්ට වෙන්නේ මොකක්ද? දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයට වෙන්නේ මොකක්ද?

17 මාගොග් දේශයේ ගොග් දෙවියන්ගේ සෙනඟට අත තියද්දීම හර්–මගෙදොන් යුද්ධය පටන්ගන්නවා. එදාට “මුළු ලොව පුරාම සිටින රජුන්” සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. (එළි. 16:14, 16; 19:19-21) හැබැයි “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වෙනවා. පොළොව මත බේරී ජීවත් වෙන්නේ නිර්දෝෂ [දෙවියන්ට විශ්වාසවන්ත] අයයි.”—හිතෝ. 2:21.

දිගටම විශ්වාසවන්තව ඉන්න

18. සැබෑ ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් කැමැත්තෙන්ම කරලා තියෙන්නේ මොනවාද? ඒ ඇයි? (දානියෙල් 3:28)

18 ඉතිහාසය පුරාම සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවියන්ව තමන්ගේ පාලකයා විදිහට පිළිගත්ත නිසා එයාලගේ නිදහස පවා කැප කරලා තියෙනවා. ජීවිත පරදුවට තියලා තියෙනවා. එහෙම කරන්න එයාලා පෙලඹුණේ යෙහෝවා ගැන එයාලගේ හිතේ තියෙන ආදරේ නිසයි. ගිනි උදුනට හෙළපු හෙබ්‍රෙව් තරුණයෝ තුන්දෙනා වගේ එයාලත් අන්තිම හුස්ම හෙළන කල්ම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා.—දානියෙල් 3:28 කියවන්න.

19. යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟව විනිශ්චය කරන්නේ කොහොමද? අපි දැන් කරන්න ඕනෙ මොනවාද?

19 දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එකේ වැදගත්කම ගැන දාවිත් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි ජනයාට හිමි තීන්දුව දෙන්නේය. යෙහෝවා දෙවියනි, මාව විනිශ්චය කරන විට මා ධර්මිෂ්ඨව හා ඔබට විශ්වාසවන්තව ජීවත් වූ බව සිහි කරන්න.” (ගීතා. 7:8) ඒ වගේම දාවිත් මෙහෙමත් කිව්වා. “මා විශ්වාසවන්තව කටයුතු කළ නිසාත් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කළ නිසාත් එය මට ආරක්ෂාවක් වේවා!” (ගීතා. 25:21) මේ ජීවිත ගමනේ මොන බාධක ආවත් දිගටම යෙහෝවා දෙවියන්ට ළැදිව ඉමු. එතකොට අපිටත් ගීතිකාකරු වගේ මුළු හදවතින්ම මෙහෙම කියන්න පුළුවන්. “යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින, නිර්දෝෂ [දෙවියන්ට විශ්වාසවන්ත] අය සන්තෝෂවත්ය.”—ගීතා. 119:1.

පැහැදිලි කරන්න පුළුවන්ද?

  • මුල් නියෝජිතයන් අපිට තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

  • අපි “උසස් බලධාරීන්ට” කීකරු වෙනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ මොකක් මතද?

  • යෙහෝවා දෙවියන් “අතිශ්‍රේෂ්ඨ තැනැත්තා” කියලා ඔප්පු කරලා තියෙන්නේ කොහොමද?

ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු

a උසස් බලධාරීන්ට කීකරු වෙන්න කියලා බයිබලේ ක්‍රිස්තියානීන්ට කියලා තියෙනවා. හැබැයි සමහර බලධාරීන් යෙහෝවා දෙවියන්ට, ඔහුගේ සෙනඟට විරුද්ධව වැඩ කරනවා. ඒ නිසා දෙවියන්ගේ සේවකයන් විදිහට අපි කොහොමද බලධාරීන්ට කීකරු වෙන ගමන් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නේ? ඒ ගැන අපි මේ ලිපියෙන් බලනවා.

b මේ සඟරාවේ “අතීතයේ ඊශ්‍රායෙල්වරුන් යුද්ධ කළා නම් ඇයි අපිට බැරි?” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න