ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 පෙබරවාරි 30 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • අඹුවැද්ද සාධාරණ එකක් කතිකා කරගැනීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාර්ථක විවාහයකට සූදානම් වීම
    පවුලේ සන්තෝෂයට රහස
  • දෙවියන්වහන්සේගේ මුල් සේවකයන් අතර වනිතාවන්ගේ ගෞරවාන්විත භූමිකාව
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ විවාහය තුළ ප්‍රීතිය අද්දකින්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 පෙබරවාරි 30 පි.
ඊශ්‍රායෙල්වරයෙක් මනමාලිගේ පවුලේ අයට දෙන ගෙවීමක් විදිහට එළදෙනක්ව ගේනවා.

මනමාලියගේ පවුලේ අයට දෙන ගෙවීම වෙනුවෙන් සමහර අය සත්තුන්ව දුන්නා

ඔබ දැන සිටියාද?

අතීතයේදී ඊශ්‍රායෙල්වරු විවාහ ගිවිස ගැනීමකදී මනමාලියගේ පවුලේ අයට යම් ගෙවීමක් කළේ ඇයි?

බයිබල් කාලවල දෙන්නෙක් විවාහ ගිවිස ගන්න අවස්ථාවේදී මනමාලයාගේ පැත්තෙන් මනමාලිගේ පවුලේ අයට යම් ගෙවීමක් කරන්න ඕන වුණා. ඒ වෙනුවෙන් වටිනා දේවල්, සත්තු නැත්නම් මුදල් දුන්නා. එහෙම නැත්නම් මනමාලිගේ තාත්තා යටතේ යම් කාලයක් සේවේ කරපු අවස්ථාත් තිබුණා. එහෙම කියද්දී සමහරවිට ඔයාලට යාකොබ්ව මතක් වෙන්න ඇති. රාකෙල්ව විවාහ කරගන්න යාකොබ්ට රාකෙල්ගේ තාත්තා ළඟ අවුරුදු හතක් වැඩ කරන්න වුණා. (උත්. 29:17, 18, 20) ඒත් ඇයි ඒ කාලේ ඒ වගේ සිරිතක් තිබුණේ?

බයිබල් විශාරදයෙක් වන කැරල් මේයර්ස් කියන දේ බලන්න. “අතීතයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ කෘෂිකර්මය. ඒ වගේ පරිසරයක හැදෙන වැඩෙන ගැහැනු ළමයෙක් එයාගේ පවුල වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. ඉතින් එයා ගෙදරින් යන එක පවුලට ලොකු පාඩුවක්. ඒ වෙනුවෙන් තමයි විවාහ ගිවිස ගැනීමකදී යම් ගෙවීමක් කළේ.” ඒ වගේම ඒ ගෙවීම නිසා පවුල් දෙක අතර තියෙන බැඳීමත් ශක්තිමත් වුණා. මොකද ඕනම දේකදී දැන් එයාලට අතහිත දෙන්න අලුත් පවුලක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ගෑනු ළමයෙක් තමන්ගේ තාත්තාගේ රැකවරණයේ ඉඳලා සැමියාගේ රැකවරණය යටතට යනවා කියලා පෙන්නන්න මේ ගෙවීම සලකුණක් වුණා.

ඒ කියන්නේ අතීතයේදී ගැහැනු ළමයෙක්ව සැලකුවේ විකුණන්න, මිල දී ගන්න පුළුවන් භාණ්ඩයක් විදිහටද? නැහැ. බලන්න එක පොතක ඒ ගැන කියන දේ. “විවාහ ගිවිස ගැනීමකදී මේ චාරිත්‍රය අනිවාර්යය දෙයක් වුණ නිසා බැලූ බැල්මට හිතෙන්න පුළුවන් මේක පවුල් දෙකක් අතර වෙන ගනු දෙනුවක් කියලා. හැබැයි ඒ වගේ ගෙවීමක් කළේ ගැහැනු ළමයාව මිල දී ගන්න නෙවෙයි. ඒ වෙනුවට එයා පවුලේ අයව දාලා යන නිසා ඒ පවුලට වෙන පාඩුව පියවන්නයි.”—Ancient Israel—Its Life and Institutions.

සමහර රටවල්වල තාමත් මේ චාරිත්‍රය තියෙනවා. ක්‍රිස්තියානි දෙමාපියන් විවාහයකදී මනමාලයාගේ පැත්තෙන් යම් මුදලක් ඉල්ලද්දී ‘සාධාරණ විදිහට කටයුතු කරනවා’ කියලා පෙන්නන්න ඕනේ. (ෆිලි. 4:5; 1 කොරි. 10:32, 33) එහෙම කරද්දී එයාලා පෙන්නනවා එයාලා “මුදල්වලට ලොල්” නොවෙන කෑදර නැති අය කියලා. (2 තිමෝ. 3:2) අනිත් අතට ක්‍රිස්තියානි දෙමාපියන් මනමාලයාගේ පැත්තෙන් ලොකු මුදලක් ඉල්ලුවොත් මනමාලයාට විවාහයත් කල් දාලා ඒ සල්ලි හම්බ කරන්න ගොඩක් මහන්සි වෙන්න වෙයි. එයා පුරෝගාමි සේවේ කරන කෙනෙක් නම් සේවේ නතර කරලා රැකියාවක් හොයාගන්නත් එයාට සිද්ධ වෙයි. ප්‍රේමණීය දෙමාපියන් කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ.

තවත් සමහර රටවල්වල විවාහයකදී මනමාලයගේ පැත්තෙන් ගෙවන්න ඕනෙ කොච්චරක්ද කියලා නීති පනවලා තියෙනවා. ඒ රටවල්වල ඉන්න ක්‍රිස්තියානීන් ඒ නීතියට යටත් වෙනවා. ඒ ඇයි? මොකද බයිබලේ කියන්නේ “සියලුදෙනාම උසස් බලධාරීන්ට යටත් විය යුතුයි” කියලා. ඉතින් යෙහෝවා දෙවියන්ගේ නීති කැඩෙන්නේ නැති තාක් කල් උසස් බලධාරීන් දාලා තියෙන නීතිවලට අපි කීකරු වෙයි කියලා යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා.—රෝම 13:1; ක්‍රියා 5:29.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න