ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 දෙසැම්බර් 28-29 පි.
  • ඔයාගේ පැවරුම මුළු හදවතින්ම කරන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ පැවරුම මුළු හදවතින්ම කරන්න!
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “මා සෑම දෙයක්ම විඳදරාගෙන සිටිනවා”
  • ‘දීමනාව උද්‍යෝගයෙන් භාවිතා කරන්න’
  • ‘විශ්වාසයෙන් භාර දී ඇති දේ රැකගන්න’
  • “විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න”
  • තිමෝති ‘ඇදහිල්ලෙහි සැබෑ දරුවෙක්’
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හරියාකාරව සත්‍යතාවේ වචනය හසුරුවන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වගකීම් දරන සහෝදරයෙනි, තිමෝතිගෙන් ඉගෙනගන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන මගේම දරුවෙක්’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 දෙසැම්බර් 28-29 පි.
යකඩ කූරකින් අඟුරු එහෙට මෙහෙට කරනවා. පින්තූරවල අදහස: සහෝදර සහෝදරියන් එයාලගේ පැවරුම මුළු හදවතින්ම කරනවා. 1. ලොරියක ඉන්න කෙනෙක්ට යුවළක් සාක්ෂි දරනවා. 2. සහෝදරියක් බයිබලයෙන් කියවන දේවල් ගැන කල්පනා කරනවා. 3. නමස්කාර මධ්‍යස්ථානයකදී වැඩිහිටි සහෝදරයෙක් පොත් අංශයේ වැඩ කරන තරුණ සහෝදරයෙක්ව පුහුණු කරනවා.

ඔයාගේ පැවරුම මුළු හදවතින්ම කරන්න!

ඔයාගේ කිට්ටු යාළුවෙක් ආදරෙන් ඔයාව දිරිගන්වලා ලියුමක් එව්වොත් ඒ ගැන ඔයාට කොහොම හැඟෙයිද? තිමෝතිටත් පාවුල්ගෙන් ඒ වගේ ලියුමක් ලැබුණා. ඒ තමයි පාවුල් තිමෝතිට ලියපු දෙවෙනි ලිපිය. ඒ ලියුම කියවන්න තිමෝති නිස්කලංක තැනක් තෝරගන්න ඇති. සමහරවිට එයාට මේ වගේ දේවල් ගැන හිතෙන්න ඇති. ‘පාවුල් හොඳින් ඉන්නවා ඇතිද? මගේ පැවරුම හොඳින් කරන්න උදව් වන උපදෙස් එයා මට එවලා ඇතිද? එයා කියලා තියෙන දේවල් අනිත් අයට උදව් කරන්නත් තවත් හොඳින් සේවේ හවුල් වෙන්නත් මට උදව් වෙයිද?’ තිමෝති දැනගන්න ආසාවෙන් හිටපු ඒ දේවල් ගැන විතරක් නෙවෙයි තවත් වැදගත් කාරණා ගැනත් පාවුල් තිමෝතිට ලියලා තිබුණා. ඒවායින් කීපයක් ගැන අපි මේ ලිපියෙන් බලමු.

“මා සෑම දෙයක්ම විඳදරාගෙන සිටිනවා”

පාවුල් ඒ ලියුම පටන් අරන් තිබුණේ “ඉතා ප්‍රේමණීය පුත්‍රයෙකු වන තිමෝති වෙතට” කියලා. (2 තිමෝ. 1:2) ඒ නිසා ලියුම කියවන්න පටන්ගද්දීම තිමෝතිට තේරෙන්න ඇති පාවුල් එයාට කොච්චර ආදරෙයිද කියලා. ක්‍රි.ව. 65දී විතර මේ ලියුම තිමෝතිට ලැබෙද්දී එයා අවුරුදු තිස් ගණන්වල ඉන්න ඇති. ඒ වෙද්දී එයා අවුරුදු ගාණක්ම වැඩිමහල්ලෙක් විදිහට සේවය කරකරයි හිටියේ. ඒ විතරක් නෙවෙයි අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් එයා පාවුල් එක්ක සේවය කරලා තිබුණු නිසා පාවුල්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නත් ඇති.

පීඩා මැද්දේ පාවුල් දිගටම විශ්වාසවන්තව ඉන්නවා කියලා තිමෝති දැනගත්තම ඒක එයාට ලොකු දිරිගැන්වීමක් වෙන්න ඇති. ඒ වෙද්දී පාවුල් හිටියේ රෝමයේ හිරකාරයෙක් විදිහට. එයාට මරණ දඬුවම නියම කරලා තිබුණු නිසා ජීවත් වෙන්න එයාට වැඩි කාලයක් තිබුණේ නැහැ. (2 තිමෝ. 1:15, 16; 4:6-8) ‘මා සෑම දෙයක්ම විඳදරාගෙන සිටිනවා’ කියලා පාවුල් ලියලා තිබුණ එකෙන් තිමෝතිට හොඳටම පැහැදිලි වුණා පාවුල් මොන තරම් ධෛර්යවන්ත කෙනෙක්ද කියලා. (2 තිමෝ. 2:8-13) තිමෝතිට විතරක් නෙවෙයි දිගටම විඳදරාගෙන වැඩ කරපු පාවුල් අපිටත් ලොකු හයියක්.

‘දීමනාව උද්‍යෝගයෙන් භාවිතා කරන්න’

දෙවියන්ගෙන් ලැබිලා තිබුණු පැවරුම ගොඩක් වටිනා දෙයක් විදිහට සලකන්න කියලා පාවුල් තිමෝතිට උනන්දු කළා. එයා තිමෝතිට කිව්වා ‘දෙවිගෙන් ලැබුණු දීමනාව දිගටම උද්‍යෝගයෙන් භාවිත කළ යුත්තේ ගින්නක දීප්තිය තව තවත් වැඩි කරන ආකාරයෙනි‘ කියලා. (2 තිමෝ. 1:6) “දීමනාව” කියන වචනයට පාවුල් ග්‍රීක භාෂාවෙන් යොදාගෙන තියෙන්නේ “කරිස්මා” කියන වචනයයි. ඒ වචනයෙන් මූලිකවම අදහස් වෙන්නේ ලබන්න වටින්නේ නැති නොමිලේ ලබා දීපු තෑග්ගක් කියන එකයි. තිමෝතිට ලැබුණු විශේෂ දීමනාව මොකක්ද? ඒ තමයි සභාව වෙනුවෙන් වැඩිපුර සේවයක් කරන්න ලැබුණු එක.—1 තිමෝ. 4:14.

පාවුල් තිමෝතිව දිරිගැන්නුවේ එයාට ලැබුණු දීමනාව කොහොම ඉටු කරන්න කියලාද? ‘ගින්නක දීප්තිය තව තවත් වැඩි කරන ආකාරයෙන්’ කියලා පාවුල් ලියලා තියෙන දේ කියවද්දී ගෙයි ලිපක ගිනි මොලවන හැටි තිමෝතිට මතක් වෙන්න ඇති. ගින්න ආයිමත් අවුළුවන්න නම් ගිනි අඟුරු එහෙට මෙහෙට කරන්න ඕනේ. පාවුල් ඒ අදහස දෙන්න යොදාගෙන තියෙන ග්‍රීක ක්‍රියා පදයෙන් ආයේ ආයේ ගිනි මොලවනවා කියන දේ අදහස් වෙනවා කියලා එක ශබ්දකෝෂයක සඳහන් වෙනවා. එහෙම බලද්දී පාවුල් ඒක සංකේතාත්මක විදිහට යොදාගෙන තියෙන්නේ ආයෙත් යම් වැඩක උද්‍යෝගයෙන්, ආසාවෙන් හවුල් වෙනවා කියන අදහස දෙන්නයි. පාවුල් තිමෝතිට දීපු ඒ උපදෙස අදාළ කරගෙන අපේ මුළු හදවතින්ම, උද්‍යෝගයෙන් අපේ සේවය කරමු.

‘විශ්වාසයෙන් භාර දී ඇති දේ රැකගන්න’

පාවුල් එවපු ලියුම කියවගෙන යද්දී සේවය සාර්ථකව කරන්න උදව් වෙන තවත් දෙයක් තිමෝති දැක්කා. පාවුල් මෙහෙම ලියලා තිබුණා. “ඔබට විශ්වාසයකින් භාර දී ඇති ඒ අගනා දේ අප සියලුදෙනා තුළ ක්‍රියාත්මක වන දෙවිගේ බලය මාර්ගයෙන් රැකගන්න.” (2 තිමෝ. 1:14) තිමෝතිට විශ්වාසයෙන් භාර දීලා තිබුණු වටිනා දේවල් මොනවාද? කලින් පදයේ පාවුල් කියපු දෙයින් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. ඒ පදයේ “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්” ඒ කියන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් සත්‍යයන් අනිත් අයට කියන්න තිමෝතිට තිබුණු වගකීම ගැන පාවුල් සඳහන් කළා. (2 තිමෝ. 1:13) දේවසේවකයෙක් විදිහට සභාවේ අයට විතරක් නෙමෙයි සේවෙදී මුණගැහෙන අයටත් ඒ සත්‍යය ගැන උගන්වන්න තිමෝතිට වගකීමක් තිබුණා. (2 තිමෝ. 4:1-5) ඒ විතරක් නෙමෙයි, වැඩිමහල්ලෙක් විදිහට දෙවියන්ගේ රැළ රැකබලා ගැනීමේ වගකීමත් එයාට පැවරිලා තිබුණා. (1 පේතෘ. 5:2) විශ්වාසයෙන් භාර දීලා තිබුණු ඒ වටිනා දේවල් ආරක්ෂා කරගන්න තිමෝතිට පුළුවන් වුණේ එයා යෙහෝවා දෙවියන්ගේ බලය මත සහ ඔහුගේ වචනය මත රඳලා හිටියොත් විතරයි.—2 තිමෝ. 3:14-17.

අපිටත් විශ්වාසයෙන් භාර දීලා තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි බයිබලේ සඳහන් සත්‍යයන් අනිත් අයට උගන්වන එක. (මතෙ. 28:19, 20) දිගටම අපි යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා නම් ඒ වගේම පුරුද්දක් විදිහට බයිබලේ අධ්‍යයනය කරනවා නම් අපිට භාර දීලා තියෙන දේ ගැන අපේ හිතේ තියෙන අගය දිගටම පවත්වාගන්න අපිට පුළුවන් වෙනවා. (රෝම 12:11, 12; 1 තිමෝ. 4:13, 15, 16) සමහරවිට අපිට වැඩිමහල්ලෙක් විදිහට හරි පූර්ණකාලීන සේවකයෙක් විදිහට හරි සේවය කරන්න අමතර පැවරුමක් ලැබිලා ඇති. එහෙනම් අපි දිගටම නිහතමානීව යෙහෝවා දෙවියන් මත රඳා ඉන්න ඕනේ. අපිට විශ්වාසයෙන් භාර දීලා තියෙන දේ ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා නම් ඒ වගේම ඒ දේ කරන්න අපි දෙවියන්ගේ උදව් ගන්නවා නම් අපිට භාර දීලා තියෙන දේ දිගටම රැකගන්න පුළුවන් වෙනවා.

“විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න”

අනිත් අයව පුහුණු කරන එකත් තිමෝතිගේ පැවරුමට අයිති වුණා. ඒ නිසයි පාවුල් තිමෝතිට මෙහෙම කිව්වේ. “ඔබ මගෙන් අසා දැනගත් දේවල් විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න. එවිට අන් අයට ඉගැන්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ටද හැකි වේ.” (2 තිමෝ. 2:2) තමන් ඉගෙනගෙන තියෙන දේවල් අනිත් අයටත් උගන්වන්න කියලා පාවුල් තිමෝතිට මතක් කළා. සභාවල පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයනුත් ඒ දේ කරන එක හරිම වැදගත්. එයාලා ඉගෙනගෙන තියෙන හැම දෙයක්ම අනිත් අයට උගන්වනවා. ‘ඒකෙන් මගේ පැවරුම නැති වෙයිද, එයාලා මට වඩා දක්ෂ විදිහට දේවල් කරයිද’ කියලා හිතලා එයාලා බය වෙන්නේ නැහැ. ඒ වෙනුවට පැවරුමක් හොඳින් ඉටු කරන්න ඕන කරන හැම දෙයක්ම එයාලා කියලා දෙනවා. එයාලට ඕනෙ එයාලා පුහුණු කරන අය අවබෝධයෙන් වැඩ කරන අය වෙනවා දකින්නයි. ඒ විදිහට එයාලගෙන් පුහුණුව ලබන ‘විශ්වාසවන්ත පුරුෂයන්ගෙන්’ සභාවට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.

පාවුල්ගෙන් ලැබුණු ලියුම තිමෝති ගොඩක් වටින දෙයක් විදිහට සලකන්න ඇති. එයා ඒක ආයේ ආයේ අරන් කියවලා තමන්ගේ පැවරුම සාර්ථකව ඉටු කරන්න ඒ දේවල් අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා හිතන්න ඇති.

පාවුල් තිමෝතිට දීපු උපදෙස් අදාළ කරගන්න අපිට පුළුවන් කොහොමද? අපි උද්‍යෝගයෙන්, මුළු හදවතින්ම සේවේ හවුල් වෙමු. අපිට විශ්වාසයෙන් භාර දීලා තියෙන දේවල් රැකගමු. අපි දන්න හැම දෙයක්ම අනිත් අයට කියලා දෙමු. අපි එහෙම කරනවා නම් පාවුල් තිමෝතිට කිව්වා වගේ අපේ “දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න” අපිට පුළුවන් වෙනවා.—2 තිමෝ. 4:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න