මැයි 4-10
යෙසායා 58-59
ගීතිකාව 21 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. මදි නොකියන්න යෙහෝවාගෙන් ආශීර්වාද ලබන්න
(විනා. 10යි)
ආගන්තුක සත්කාරය පෙන්නන්න (යෙසා 58:7-9)
නමස්කාරයේ දේවල්වලට මුල් තැන දෙන්න (යෙසා 58:13, 14; w06 6/15 22 9¶)
ඔහු ඔයාව බලාගනියි කියලා විශ්වාස කරන්න (යෙසා 59:1; w13 1/15 13 5-6¶)
මේ ගැන හිතන්න. ‘ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවාගේ ආශීර්වාදය ලැබුණේ නැත්තේ ඇයි? ඒකෙන් මට ඉගෙනගන්න පුළුවන් මොනවාද?’ (යෙසා 58:1-5; it-E “නිරාහාරව ඉන්න එක” 3¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
යෙසා 59:11—ඊශ්‍රායෙල්වරු “වලස්සු වගේ කෑ මොර දෙනවා” කියන එකෙන් අදහස් වුණේ මොකක්ද? (it-E “වලහා” 6¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) යෙසා 59:1-12 (th 10 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. පත්‍රිකාවක් පාවිච්චි කරලා කතාබහක් පටන්ගන්න. (lmd 1 පාඩමේ 5 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. ‘ආදරෙන් උදව් කරමු’ සඟරාවේ 1වෙනි උපග්‍රන්ථයේ තියෙන සත්‍ය ඉගැන්වීමක් ගැන කතා කරන්න. (lmd 2 පාඩමේ 4 කරුණ)
6. දේශනය
(විනා. 5යි) lmd 1වෙනි උපග්‍රන්ථය 16 කරුණ—තේමාව: අපි නිතරම යාච්ඤා කරන්න ඕනේ. (th 8 පාඩම)
ගීතිකාව 100
7. “ආගන්තුක සත්කාරය පෙන්නන්න”
(විනා. 15යි) සාකච්ඡාවක්.
පාවුල් ක්‍රිස්තියානීන්ට කිව්වා “ආගන්තුක සත්කාරය පෙන්නන්න පුළුවන් විදි හොයන්න” කියලා. (රෝම 12:13) එහෙම කරන අයට ආශීර්වාදවලින් අඩුවක් වෙන්නේ නැහැ.—හිතෝ 11:25.
‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - ආගන්තුක සත්කාරය පෙන්නමු’ වීඩියෝ එක පෙන්නන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
ආගන්තුක සත්කාරය ගැන ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙනගත්තේ මොනවාද?
ආගන්තුක සත්කාරය පෙන්නලා ඔයා ලබලා තියෙන ප්‍රයෝජන මොනවාද?
ආගන්තුක සත්කාරය පෙන්නන එක ගැන හොඳම ආදර්ශය යෙහෝවා. (ක්‍රියා 14:17) ද්විතීය කතාව 10:17, 18 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
යෙහෝවා ආගන්තුක සත්කාරය පෙන්නන විදිහෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
පවුලේ අයටයි, කිට්ටු යාළුවන්ටයි විතරක් සීමා නොවී හැමෝටම ආගන්තුක සත්කාරය පෙන්නද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?
බයිබලේ ඉන්න තව කවුද ආගන්තුක සත්කාරය පෙන්නුවේ? එයාලාගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා ආගන්තුක සත්කාරය පෙන්නන්න කැමති කාටද කියලා හිතලා, එයාලා වෙනුවෙන් කරන්න කැමති දේවල් ලියන්න.
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb 82-83 පාඩම්