මාර්තු 17-23
හිතෝපදේශ 5
ගීතිකාව 122 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. ලිංගික දුරාචාරයෙන් ඈත් වෙලා ඉන්න
(විනා. 10යි)
ලිංගික දුරාචාරයට ලේසියෙන්ම ඇදිලා යන්න පුළුවන් (හිතෝ 5:3; w00 7/15 29 1¶)
ලිංගික දුරාචාරයේ ප්‍රතිඵල හරිම අමිහිරියි (හිතෝ 5:4, 5; w00 7/15 29 2¶)
ලිංගික දුරාචාරයෙන් ඈත් වෙලා ඉන්න (හිතෝ 5:8; w00 7/15 29 5¶)
පිරිමි ළමයෙක් ෆෝන් නොම්බරේ ඉල්ලද්දී සහෝදරිය ඒක දෙන්න බැහැ කියනවා
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 5:9—ලිංගික දුරාචාරය නිසා “ඔයාගේ හොඳ නම නැති වෙන්න” පුළුවන් කොහොමද? (w00 7/15 29 7¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 5:1-23 (th 5 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) පොදු සේවය. ක්‍රිස්තියානි නොවන කෙනෙක්ට සිහි කිරීමට ආරාධනා කරන්න. jw.org එක පාවිච්චි කරලා සිහි කිරීම පවත්වන, එයාට කිට්ටු තැනක් හොයන්න. (lmd 6 පාඩමේ 4 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. කලින් වතාවේදී නිවැසියා සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාවක් ගත්තා. උනන්දුවකුත් පෙන්නුවා. (lmd 9 පාඩමේ 5 කරුණ)
6. ගෝලයන් වෙන්න උදව් කරද්දී
(විනා. 5යි) lff 16 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්. යේසුස් විවාහ වෙලා හිටියාද කියලා ශිෂ්‍යයා අහන ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න විදිහ එයාට පෙන්නන්න. (lmd 11 පාඩමේ 4 කරුණ)
ගීතිකාව 121
7. යාළු වෙලා ඉන්න කාලේ නිර්මලව ඉන්න
(විනා. 15යි) සාකච්ඡාවක්.
දෙන්නෙක් එයාලාගේ කැමැත්ත කියලා යාළු වුණාම එයාලා ආශ්‍රය කරන්න ගන්නවා. කට්ටියක් එක්ක ඉද්දී, දෙන්නා විතරක් ඉද්දී වුණත් එයාලට ආශ්‍රය කරන්න පුළුවන්. යාළුයි කියලා අනිත් අයට කියන නොකියන එක එයාලාගේ තීරණයක්. යාළු වුණ දෙන්නෙක්ට කෝල්වලින්, මෙසේජ්වලිනුත් ආශ්‍රය කරන්න පුළුවන්. යාළු වෙන එක විවාහ වෙන බලාපොරොත්තුවෙන් ගන්න වැදගත් පියවරක් මිසක් විනෝදෙට කරන දෙයක් නෙවෙයි. යාළු වෙලා ඉන්න තරුණ වගේම වැඩිහිටි අයටත් දුරාචාරයට වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?—හිතෝ 22:3.
‘විවාහයට සූදානම් වීම - 1වන කොටස: යාළු වෙන්න මම සූදානම්ද? - කෙටි වීඩියෝව’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
කෙනෙක් විවාහ වෙන්න ලෑස්ති නැත්නම් යාළු නොවී ඉන්න ඕනෙ ඇයි? (හිතෝ 13:12; ලූක් 14:28-30)
අම්මායි, තාත්තායි දුවට උදව් කරපු විදිහ ගැන ඔයාගේ හිතට ගියේ මොකක්ද?
හිතෝපදේශ 28:26 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
දුරාචාරයට වැටෙන්න තියෙන අවස්ථා මඟහරින්න යාළු වෙලා ඉන්න අයට කරන්න පුළුවන් මොනවාද?
ආදරේ පෙන්නන්න කරන්නේ මොනවාද නොකරන්නේ මොනවාද කියලා කලින්ම තීරණේ කරන එක හොඳ ඇයි?
එෆීස 5:3, 4 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
යාළු වෙලා ඉන්න දෙන්නෙක් ෆෝන් එකෙන්, ඔන්ලයින් හරහා කතාබහ කරද්දී මතක තියාගන්න ඕනෙ මොනවාද?
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 8 පරි. 13-21¶