ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 3 පි.
  • යෙහෝවා ඔයාව දකින විදිහටම ඔයත් දකින්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා ඔයාව දකින විදිහටම ඔයත් දකින්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා ඔයාට ආදරෙයි කියලා විශ්වාස කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘බිඳුණු සිත් ඇති අයව යෙහෝවා සනසනවා’
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 3 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා ඔයාව දකින විදිහටම ඔයත් දකින්න

යෙහෝවා දෙවියන් අපි ගැන ගොඩක් සතුටු වෙනවා. (ගීතා 149:4) අපි පව්කාරයන් වුණත් ඔහු අපේ හොඳ ගුණාංග දකිනවා. ඒ විතරක් නෙමෙයි අනාගතේදී ඔහු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද කියලත් ඔහු දන්නවා. ඒත් සමහර වෙලාවට අනිත් අය අපිට සලකන විදිහ නිසා අපිට අපි ගැනම තියෙන විශ්වාසය අඩු වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් කරපු වරදක් නිසා ‘යෙහෝවා මට දැන් ආදරේ නැතුව ඇති’ කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතෙනවා නම් මොනවාද කරන්න පුළුවන්?

යෙහෝවා අපි දිහා බලන්නේ මිනිස්සු බලන විදිහට නෙමෙයි. (1සාමු 16:7) ඒකෙන් තේරෙන්නේ අපි අපි ගැන දන්නවාට වඩා ඔහු අපි ගැන දන්නවා කියන එකයි. කොහොමද ඒක දන්නේ? ඒක තේරුම්ගන්න බයිබලේ තියෙන සමහර වාර්තා උදව් වෙනවා. ඒවා හොඳට අධ්‍යයනය කරනකොට යෙහෝවා ඔහුට නමස්කාර කරන අයට කොච්චර ආදරෙයිද කියලා තේරුම්ගන්න පුළුවන්.

‘යෙහෝවා දෙවි ඉදිරියේ ඔබේ සිත ස්ථිර කරගන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • මැරතන් එක දුවපු පුතා සහ එයාගේ තාත්තාගේ උදාහරණේ විදිහට යෙහෝවා අපි දිහා බලන්නේ කොහොමද?

  • බරපතළ වරදක් කරපු කෙනෙක් එයාගේ වරද හදාගන්න ඕනෙ කරන දේවල් කෙරුවාට පස්සේ යෙහෝවාගේ ආදරේ ගැන සැක නොකර ඉන්න පුළුවන් කොහොමද?—1යොහ 3:19, 20

  • දාවිත් සහ යෙහෝෂපාට් ගැන වාර්තා කියවලා ඒ ගැන හොඳට හිතපු එක ඒ සහෝදරයාට උදව් වුණේ කොහොමද?

යෙහෝවා අපි ගැන හිතන විදිහ පෙන්වන වාර්තා

අනිත් අය අපි ගැන කොහොම හිතුවත් ඔහු අපිට ආදරෙයි

  • ඒනොක් (උත් 5:24; හෙබ්‍රෙ 11:5; යූද් 14, 15)

  • හන්නා (1සාමු 1:1–2:11, 18-21, 26)

ඇත්තටම පසුතැවිලි වෙන අයට ඔහු සමාව දෙනවා

  • මනස්සේ (2ලේක 33:1-7, 12, 13)

  • පාවුල් (1තිමෝ 1:12-16)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න