ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 5 පි.
  • දේවවචනය ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේවවචනය ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හැමදාම බයිබලය කියවලා ප්‍රඥාව හොයමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • විශ්වාසේ හෙල්ලෙද්දීත් ළැදිව ඉන්න නම් . . .
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 5 පි.
පින්තූරවල අදහස: තරුණ සහෝදරියක් බයිබලේ අධ්‍යයනය කරනවා. 1. බයිබල් චරිත හිටපු කාලවල් තේරුම්ගන්න එයා වයිට්බෝඩ් එකේ කාල රේඛාවක් අඳිනවා. 2. එයා කියවන්නේ jw.org එකේ තියන ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයේ’ තියෙන ස්ටඩි එඩිෂන් එක. 3. බයිබලයේ සඳහන් ප්‍රදේශ ගැන දැනගන්න එයා සිතියම් පොතත් බලනවා. 4. එයා උත්තම පූජකයෙක්ගේ පින්තූරයක් ඇඳලා පූජකයාගේ ඇඳුමේ කොටස් ලේබල් කරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දේවවචනය ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්න

දෙවියන්ගේ වචනයට පුළුවන් ජීවිත වෙනස් කරන්න. (හෙබ්‍රෙ 4:12) ඒත් බයිබලේ තියෙන උපදෙස් සහ මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගන්න නම් ඒක “දෙවිගෙන්ම ලැබුණු පණිවිඩයක්” කියලා අපි තහවුරු කරගන්න ඕනේ. (1තෙස 2:13) කොහොමද ඒක කරගන්නේ?

හැමදාම බයිබලෙන් කොටසක් කියවන්න. කියවද්දී ඒකේ තියෙන අදහස් යෙහෝවාගේ අදහස් කියලා කියන්න තියෙන සාක්ෂි හොයන්න. උදාහරණෙකට හිතෝපදේශ පොත කියවද්දී ඒකේ තියෙන උපදෙස් අදටත් ගැළපෙන විදිහ ගැන හොඳට හිතන්න.—හිතෝ 13:20; 14:30.

විෂයක් තෝරගෙන අධ්‍යයනය කරන්න. බයිබලේ ලියවුණේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් කියලා ඔප්පු කරන සාක්ෂි ගැන හොඳට දැනුවත් වෙන්න. ඒකට ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ “බයිබලය” කියන විෂය යටතේ “ලියවුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන්” කියන කොටස බලන්න. ඒ වගේම බයිබලේ තියෙන පණිවිඩය වෙනස් වෙලා නැහැ කියලා තේරුම්ගන්න 2016 අංක 4 ‘මුරටැඹ’ සඟරාවේ තොරතුරු බලන්න.

‘විශ්වාස කරන්නේ ඇයි? - දෙවියන්ගේ වචනය’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඊජිප්තුවේ කානාක්වල දේවාලයක බිත්තියේ කොටලා තිබුණ කැටයම්වලින් බයිබලේ තියෙන තොරතුරු ඇත්ත කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

  • බයිබලේ පණිවිඩය වෙනස් වෙලා නැහැ කියලා අපි දන්නේ කොහොමද?

  • බයිබලය මේ දක්වා ආරක්ෂා වෙලා තියෙන එකෙන් ඒක දෙවියන්ගේ වචනයමයි කියලා ඔප්පු වෙන්නේ කොහොමද?—යෙසායා 40:8 කියවන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න