යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෙහෝවා ගැන විශ්වාසය තියන්න!
දාවිත්ට ගොලියත්ව පරද්දන්න පුළුවන් වුණේ එයා යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියපු නිසයි. (1සාමු 17:45) තමන්ගේ සේවකයන්ට බලය දීලා එයාලව ශක්තිමත් කරන්න යෙහෝවා ආසාවෙන් ඉන්නවා. (2ලේක 16:9) අපේම හැකියාවන් සහ අද්දැකීම් ගැන විශ්වාසය තියනවා වෙනුවට යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද? මේ දේවල් තුන ඒකට උදව් වෙයි.
නිතරම යාච්ඤා කරන්න. වරදකට සමාව ඉල්ලන්න විතරක් නෙවෙයි වැරදි පෙලඹීමක් එද්දී ඒකට අහු නොවී ඉන්න උදව් ඉල්ලලත් යාච්ඤා කරන්න. (මතෙ 6:12, 13) ගත්ත තීරණයකට ආශීර්වාද ඉල්ලන්න විතරක් නෙවෙයි තීරණයක් ගන්න කලින් ප්‍රඥාව සහ මඟ පෙන්වීම් ඉල්ලලත් යාච්ඤා කරන්න.—යාකො 1:5
බයිබලය කියවන එක, අධ්‍යයනය කරන එක පුරුද්දක් කරගන්න. හැමදාම බයිබලේ කියවන්න. (ගීතා 1:2) බයිබල් චරිත ගැන හොඳට හිතලා එයාලගෙන් ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගන්න. (යාකො 1:23-25) සේවය කරලා ඔයාට හුඟක් අද්දැකීම් තිබුණත් සේවයේ යන්න කලින් හොඳට සූදානම් වෙන්න. රැස්වීම්වලට හොඳට සූදානම් වෙලා රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න
සංවිධානයට උපරිමයෙන් සහයෝගය දෙන්න. සංවිධානයෙන් ලැබෙන අලුත්ම මඟ පෙන්වීම් ගැන දැනුවත් වෙන්න. ඒවා ඉක්මනින්ම අදාළ කරගන්න. (ගණන් 9:17) වැඩිමහල්ලන් උපදෙසක්, මඟ පෙන්වීමක් දෙද්දී හොඳට ඇහුම්කන් දෙන්න.—හෙබ්‍රෙ 13:17
‘හිංසා පීඩාවලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
• සහෝදර සහෝදරියන් බයෙන් හිටියේ මොන දේවල් ගැනද?
• බයෙන් ගොඩ එන්න එයාලට උදව් වුණේ මොනවාද?