යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සහෝදරියෙනි, ඔයාලට තව මොනවාද කරන්න පුළුවන්?
දේවරාජ්‍යයේ වැඩ වෙනුවෙන් සහෝදරියන් ගොඩක් මහන්සි වෙනවා. (ගීතා 68:11) බයිබල් පාඩම්වලින් වැඩි හරියක්ම කරන්නේ එයාලා. ස්ථාවර පුරෝගාමීන්ගෙන් වැඩිදෙනෙකුත් අපේ සහෝදරියන්. මහන්සි වෙලා වැඩ කරන අපේ සහෝදරියන් දහස්ගාණක් ඉන්නවා. එයාලා අතරේ බෙතෙල් සේවකයන්, මිෂනාරිවරු, ඉදි කිරීම් අංශයේ ස්වේච්ඡා සේවකයන්, ඉදි කිරීම් සේවකයන් වගේම පරිවර්තකයනුත් ඉන්නවා. අවබෝධයෙන් වැඩ කරන අපේ සහෝදරියන් පවුලේ අයට, සභාවට ලොකු ශක්තියක්. (හිතෝ 14:1) වැඩිමහල්ලන්, සහායක සේවකයන් වෙන්න සහෝදරියන්ට බැහැ තමයි. හැබැයි සභාව වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න එයාලටත් පුළුවන්. ඔයාත් සහෝදරියක් නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද?
හොඳ ගතිගුණ වර්ධනය කරගන්න.—1තිමෝ 3:11; 1පේතෘ 3:3-6
අද්දැකීම් අඩු සහෝදරියන්ට උදව් කරන්න.—තීත 2:3-5
සේවේ තව දක්ෂ වෙන්න. වැඩිපුර සේවේ හවුල් වෙන්න
අලුත් භාෂාවක් ඉගෙනගන්න
ප්‍රචාරකයන් අඩු පැත්තක සේවේ කරන්න
බෙතෙල් සේවෙට හරි ඉදි කිරීම් වැඩවලට හරි අයදුම් කරන්න
ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න
‘වෙහෙස නොබලා සේවය කරන අපේ සහෝදරියන්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.
ඒ සහෝදරියන් කියපු දේවල් ඔයාට දිරිගැන්වීමක් වුණේ කොහොමද?