දේවවචනය නිධානයක් | නික්මයාම 37-38
ශුද්ධ කූඩාරමේ තිබුණු පූජාසන සහ සැබෑ නමස්කාරය වෙනුවෙන් ඒවා යොදාගත්ත විදිහ
ශුද්ධ කූඩාරමේ තිබුණු පූජාසන හැදුවේ යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් අනුවයි. ඒ වගේම ඒ එක් එක් පූජාසනයෙන් විශේෂ දෙයක් අර්ථවත් වුණා.
දක්ෂ විදිහට මිශ්‍ර කරලා හදලා තිබුණු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරද්දී යෙහෝවා දෙවියන් සතුටු වුණා වගේ ඔහුගේ සේවකයන් ඔහුට පිළිගන්න පුළුවන් විදිහේ යාච්ඤා ඉදිරිපත් කරද්දිත් දෙවියන් සතුටු වෙනවා
දවන පූජා ඔප්පු කළ පූජාසනය මත ඔප්පු කරපු පූජා යෙහෝවා දෙවියන් පිළිගත්තා. ඒ පූජාසනය ශුද්ධස්ථානය ඉදිරියේ තිබුණු එකෙන් අපිට මතක් කරලා දෙනවා දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න නම් යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියෙන එක අවශ්‍යයි කියලා.—යොහ 3:16-18; හෙබ්‍රෙ 10:5-10
සුවඳ ද්‍රව්‍ය වගේ අපේ යාච්ඤාත් දෙවියන් පිළිගන්න විදිහට ඉදිරිපත් කරන්න අපිට පුළුවන් කොහොමද?—ගීතා 141:2