ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අප්‍රියෙල් 2-3 පි.
  • අප්‍රියෙල් 6-12

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 6-12
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • යේසුස් යෙරුසලමේදී අවසන් වරට කළ සේවය
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අප්‍රියෙල් 2-3 පි.

අප්‍රියෙල් 6-12

2020 අප්‍රියෙල් 7වෙනි අඟහරුවාදා - යේසුස්ගේ මරණය සිහි කිරීම

යෙහෝවා දෙවියන් සහ යේසුස් ආදරය පෙන්නලා තියෙන උතුම්ම විදිහ ගැන හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරන කාලේදී ක්‍රිස්තියානීන් හිතලා බලනවා. (යොහ 3:16; 15:13) යේසුස් මේ පොළොවේ ගත කරපු අවසන් දවස් කීපයේදී කරපු සේවය ගැන සුවිශේෂ පොත්වල තියෙන තොරතුරු පහත සඳහන් වගුවෙන් ඔයාට දැනගන්න පුළුවන්. ඒ ගැන ‘මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්’ කියන පොතේ 6වෙනි පරිච්ඡේදයේ තවත් විස්තර සඳහන් වෙනවා. යෙහෝවා දෙවියන් සහ යේසුස් පෙන්වපු ආදරය ගැන හිතද්දී ඔයා පෙලඹෙන්නේ මොනවා කරන්නද?—2කොරි 5:14, 15; 1යොහ 4:16, 19.

යේසුස් ස්වර්ගයට යන ආකාරය දිහා පුදුමයෙන් බලන් ඉන්න ඔහුගේ ගෝලයන්.

පවුලේ නමස්කාරයට යෝජනාවක්

‘යේසුස්, දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු - 1වෙනි සහ 2වෙනි කොටස්’ කියන වීඩියෝ බලලා සාකච්ඡා කරන්න.

යේසුස් යෙරුසලමේදී අවසන් වරට කළ සේවය

කාලය

ස්ථානය

සිද්ධිය

මතෙව්

මාක්

ලූක්

යොහන්

33, නීසාන් 8 (2020 අප්‍රියෙල් 1-2)

බෙතානිය

පාස්කුවට දවස් 6කට කලින් යේසුස් පැමිණෙයි

11:55–12:1

නීසාන් 9 (2020 අප්‍රියෙල් 2-3)

බෙතානිය

මරියා යේසුස්ගේ හිසේ සහ පාදවල තෙල් ආලේප කරයි

26:6-13

14:3-9

12:2-11

බෙතානිය-බෙත්පාගය-යෙරුසලම

බූරු නාම්බෙක් පිට නැඟී යේසුස් තේජවත් ලෙස යෙරුසලමට ඇතුල් වෙයි

21:1-11, 14-17

11:1-11

19:29-44

12:12-19

නීසාන් 10 (2020 අප්‍රියෙල් 3-4)

බෙතානිය-යෙරුසලම

අත්තික්කා ගසට ශාප කරයි. දෙවෙනි වතාවට දේවමාලිගාව පවිත්‍ර කරයි

21:18, 19; 21:12, 13

11:12-17

19:45, 46

යෙරුසලම

යේසුස්ව මරා දැමීමට නායක පූජකයෝ සහ ආගමික නායකයෝ කුමන්ත්‍රණය කරයි

11:18, 19

19:47, 48

යෙහෝවා දෙවිගේ හඬ ඇසෙයි. තම මරණය ගැන පවසයි. යුදෙව්වන්ගේ අවිශ්වාසවන්තකම මගින් යෙසායාගේ අනාවැකිය ඉටු වෙයි

12:20-50

නීසාන් 11 (2020 අප්‍රියෙල් 4-5)

බෙතානිය-යෙරුසලම

මැලවුණ අත්තික්කා ගස ගැන පාඩම

21:19-22

11:20-25

යෙරුසලමේ දේවමාලිගාව

ඔහුගේ අධිකාරියට අභියෝග කරයි. පුත්‍රයන් දෙදෙනා ගැන උපමාව

21:23-32

11:27-33

20:1-8

දුෂ්ට වැවිලිකරුවන් සහ විවාහ උත්සවය ගැන උපමා

21:33–22:14

12:1-12

20:9-19

දෙවි සහ සීසර්, නැවත නැඟිටීම, උතුම්ම ආඥාව ගැන ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු

22:15-40

12:13-34

20:20-40

ක්‍රිස්තුස් දාවිත්ගේ පුත්‍රයාද කියා අසයි

22:41-46

12:35-37

20:41-44

ආගමික නායකයන්ට, පරිසිවරුන්ට දරුණු ප්‍රතිඵල ලැබෙන බව පවසයි

23:1-39

12:38-40

20:45-47

වැන්දඹුවක් සම්මාදම් කරනවා බලා සිටියි

12:41-44

21:1-4

ඔලීව කන්ද

ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයට ලකුණ දෙයි

24:1-51

13:1-37

21:5-38

කන්‍යාවන් 10දෙනා, තලෙන්ත, බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමා

25:1-46

නීසාන් 12 (2020 අප්‍රියෙල් 5-6)

යෙරුසලම

ආගමික නායකයන්ගේ කුමන්ත්‍රණය

26:1-5

14:1, 2

22:1, 2

පාවා දීමට යූදස් සැලැස්මක් යොදයි

26:14-16

14:10, 11

22:3-6

නීසාන් 13 (2020 අප්‍රියෙල් 6-7)

යෙරුසලමේදී සහ ඒ අසල අවසන්

පාස්කුවට සූදානම් වෙයි

26:17-19

14:12-16

22:7-13

නීසාන් 14 (2020 අප්‍රියෙල් 7-8)

යෙරුසලම

නියෝජිතයන් සමඟ පාස්කුව සමරයි

26:20, 21

14:17, 18

22:14-18

නියෝජිතයන්ගේ පාද සෝදයි

13:1-20

පාවා දෙන්නේ යූදස් බව හඳුනාගෙන ඔහුව පිටත් කරයි

26:21-25

14:18-21

22:21-23

13:21-30

ස්වාමින්ගේ සන්ධ්‍යා භෝජනය මුල් වරට පවත්වයි (1කොරි 11:23-25)

26:26-29

14:22-25

22:19, 20, 24-30

පේතෘස් ඔහුව නාඳුනනවා කියා පවසන බවත් නියෝජිතයන් ඔහුව අත්හැර යන බවත් කලින්ම පවසයි

26:31-35

14:27-31

22:31-38

13:31-38

උපකාරකයෙක් එවන බවට පොරොන්දුව. සැබෑ මිදිවැල ගැන උපමාව. එකිනෙකාට ප්‍රේම කරන්න දුන් ආඥාව. නියෝජිතයන් සමඟ අවසන් වරට කළ යාච්ඤාව

14:1–17:26

ගෙත්සෙමනය

උයනේදී දැඩි වේදනාවෙන්. යේසුස්ව පාවා දීම. අත්අඩංගුවට ගැනීම

26:30, 36-56

14:26, 32-52

22:39-53

18:1-12

යෙරුසලම

අන්නස් ප්‍රශ්න කරයි. කායෆස් සහ සැන්හෙඩ්‍රිනය ඉදිරියේ නඩු විභාගය. පේතෘස් ඔහුව නාඳුනන බව කියයි

26:57–27:1

14:53–15:1

22:54-71

18:13-27

යූදස් එල්ලී මැරෙයි (ක්‍රියා 1:18, 19)

27:3-10

පිලාත් ඉදිරියෙත් හෙරොද් ඉදිරියෙත් නැවතත් පිලාත් ඉදිරියෙත් පෙනී සිටියි

27:2, 11-14

15:1-5

23:1-12

18:28-38

යේසුස්ව නිදහස් කිරීමට පිලාත් උත්සාහ කළත් නිදහස් කරන්න කියා යුදෙව්වන් ඉල්ලා සිටින්නේ බරබ්බස්වයි. වධකණුවක මරා දමන්න නියම කරයි

27:15-30

15:6-19

23:13-25

18:39–19:16

(ප.ව. 3:00ට පමණ)

ගොල්ගොතා

වධකණුවක මිය යයි

27:31-56

15:20-41

23:26-49

19:16-30

යෙරුසලම

යේසුස්ගේ සිරුර වධකණුවෙන් ගෙන සොහොන් ගෙයක තැන්පත් කරයි

27:57-61

15:42-47

23:50-56

19:31-42

නීසාන් 15 (2020 අප්‍රියෙල් 8-9)

යෙරුසලම

පූජකයෝ සහ පරිසිවරු සොහොන් ගෙය වසා මුරකරුවන්ව යොදයි

27:62-66

නීසාන් 16 (2020 අප්‍රියෙල් 9-10)

යෙරුසලම සහ ඒ අවට, එම්මාවුස්

යේසුස්ගේ නැවත නැඟිටීම. ගෝලයන් ඉදිරියේ පස් වතාවක් පෙනී සිටියි

28:1-15

16:1-8

24:1-49

20:1-25

නීසාන් 16ට පසු

යෙරුසලම, ගලීලය

යේසුස් ගෝලයන් ඉදිරියේ පෙනී සිටි තවත් අවස්ථා (1කොරි 15:5-7; ක්‍රියා 1:3-8). මඟ පෙන්වීම්. මිනිසුන්ට ගෝලයන් වීමට උදව් කරන්න දුන් ආඥාව

28:16-20

20:26–21:25

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න