ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 පෙබරවාරි 5 පි.
  • විවාහ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විවාහ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔයාගේ විවාහය රැකගන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • විවාහය රැකගන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • විවාහය දෙවිගෙන් ලද දීමනාවක්
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 පෙබරවාරි 5 පි.
ආබ්‍රම් සහ සාරයි ඌර් දේශයෙන් පිටත්ව යන්න සූදානම් වෙමින්. ලොකු මල්ලක් අතේ තියන් ඉන්න ආබ්‍රම් කූඩයකට බඩු දමමින් ඉන්න සාරයිව දිරිගන්වමින්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

විවාහ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?

විවාහ යුවළක් වුණු ආබ්‍රහම් සහ සාරා එකිනෙකාට ආදරෙන්, ගෞරවෙන් සැලකීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. (උත් 12:11-13; 1පේතෘ 3:6) ඒත් ඒ දෙන්නා අතරෙත් ප්‍රශ්න මතු වුණා. අභියෝගවලට මුහුණ දෙන්නත් එයාලට සිද්ධ වුණා. ඒ දෙන්නාගෙන් විවාහ යුවළයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

හොඳ අදහස් හුවමාරුවක් පවත්වගන්න. සැමියා/බිරිඳ කේන්තියෙන් කතා කරද්දී ඔයා කේන්ති ගන්නේ නැතුව එයාව තේරුම්ගන්න උත්සාහ කරන්න. (උත් 16:5, 6) දෙන්නා එකට කාලය ගත කරන්න සැලසුම් කරන්න. කතාවෙනුත් ක්‍රියාවෙනුත් ඔයාගේ ආදරේ එයාට දැනෙන්න සලස්වන්න. ඒ හැම දේටම වඩා යුවළක් විදිහට යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව පවත්වගන්න වෑයම් කරන්න. (දේශ 4:12) දෙන්නා එකතු වෙලා බයිබලය අධ්‍යයනය කරන එක, යාච්ඤා කරන එක සහ නමස්කාර කටයුතුවල නිරත වෙන එක ඒකට උදව් වෙනවා. ශක්තිමත් විවාහ බැඳීමක් පවත්වගද්දී විවාහය කියන පරිශුද්ධ සැලැස්මේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙනවා.

‘විවාහ බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ෂාන් සහ කියාරා ටිකෙන් ටික ඈත් වෙනවා කියලා පේන්න තිබුණේ මොන වගේ දේවල් නිසාද?

  • විවාහ යුවළක් අතරේ අවංක අදහස් හුවමාරුවක් පවත්වගන්න එක වැදගත් ඇයි?

  • ආබ්‍රහම් සහ සාරාගේ ආදර්ශය ෂාන්ටයි, කියාරාටයි උදව් වුණේ කොහොමද?

  • විවාහ බැඳීම ශක්තිමත් කරගන්න ෂාන් සහ කියාරා කළේ මොනවාද?

  • යුවළක් එකිනෙකාගෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වෙන්න හොඳ නැත්තේ ඇයි?

පින්තූරවල අදහස: ‘විවාහ බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද?’ කියන වීඩියෝ එකේ දර්ශන. ෂාන් සහ කියාරා විවාහ බැඳීම ශක්තිමත් කරගන්න අවශ්‍ය පියවර ගනිමින්. 1. එයාලා දෙන්නා සැටියක දෙපැත්තට වෙලා ඉඳගෙන ඉන්නවා. 2. ඒ දෙන්නා එකිනෙකාගේ අත් අල්ලාගෙන ඉන්නවා. 3. දෙන්නා සතුටින් සේවයේ හවුල් වෙනවා.

විවාහ බැඳීම ශක්තිමත් කරගන්න ඔයාටත් පුළුවන්

පවුල් බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන තවත් තොරතුරු දැනගන්න ‘පිබිදෙව්!’ සඟරාවේ සහ jw.org® වෙබ් අඩවියේ පළ වෙලා තියෙන පහත සඳහන් ලිපි බලන්න.

  • “දරුවන් කැදැල්ලෙන් ගිය දාට”—g17.4 10-11

  • “ප්‍රශ්න විසඳගන්න උදව්වක්”—g16.3 10-11

  • “විවාහයෙන් මේකද මං බලාපොරොත්තු වුණේ?”—g 3/14 14-15

  • “හොඳ සවන් දෙන්නෙක් වෙන්නේ කොහොමද?”—g 12/13 12-13

  • “බහින් බස් වීමෙන් වළකින්නේ කොහොමද?”—g 2/13 4-5

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න