දේවවචනය නිධානයක් | උත්පත්ති 6-8
“නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය”
නවීන උපකරණවත් දියුණු ඉදි කිරීම් ක්‍රමවත් නොතිබුණු කාලෙක නෝවාටත් එයාගේ පවුලේ අයටත් නැව හදන්න කොයි තරම් වෙහෙසක් දරන්න සිද්ධ වුණාද කියලා හිතලා බලන්න.
අඩි 437ක් (මීටර 133ක්) විතර දිග, අඩි 73ක් (මීටර 22ක්) විතර පළල සහ අඩි 44ක් (මීටර 13ක්) විතර උස විශාල නැවක් හදන්න සිද්ධ වුණා
ගස් කපලා හදන තැනට අරන් එන්න සිද්ධ වුණා
නැවේ පිටතිනුත් ඇතුළතිනුත් තාර ගාන්න සිද්ධ වුණා
නෝවාගේ පවුලේ අයටත් සතුන්ටත් අවුරුද්දකට ඇති තරම් ආහාර රැස් කරන්න වුණා
පේන විදිහට නැව හදලා ඉවර කරන්න අවුරුදු 40ක් 50ක් අතර කාලයක් ගත වුණා
දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන ඕනම අමාරු දෙයක් වුණත් ඉටු කරන්න මේ වාර්තාව අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?