යහපත් ක්‍රිස්තියානීන් වෙමු
පොළොව “ගංගාව ගිල දැම්මේය”
අතීතයේ විවිධ අවස්ථාවලදී බලධාරීන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පක්ෂව කටයුතු කරලා තියෙනවා. (එස්රා 6:1-12; එස්ත 8:10-13) “පොළොව” විසින් ඒ කියන්නේ සාධාරණව කටයුතු කරන මිනිස් සමාජයේ ආයතන හෝ සංවිධාන විසින් “මකරා” තම කටින් පිට කරන පීඩා නමැති “ගංගාව” මේ කාලේදීත් ගිල දාලා තියෙනවා. (එළි 12:16) “අපේ ගැලවුම්කරු” වන යෙහෝවා දෙවියන් සමහර අවස්ථාවලදී තමන්ගේ සෙනඟට උපකාර කරන්න මිනිස් පාලකයන්ව පොලඹවනවා.—ගීතා 68:20; හිතෝ 21:1.
දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න නිසා ඔයාට හිරදඬුවම් විඳින්න වුණොත් නැත්නම් දැනටමත් ඔයා හිරදඬුවම් විඳිනවා නම් අධෛර්යය වෙන්න එපා. මොකද යෙහෝවා දෙවියන් ඔයාව අත්හරින්නේ නැතුව ඔයාත් එක්කම ඉන්නවා. (උත් 39:21-23; ගීතා 105:17-20) ඔයාගේ විශ්වාසවන්තකමට දෙවියන් අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලත් ඔයාගේ විශ්වාසය අනිත් සහෝදරයන්ට ලොකු හයියක් කියලත් මතක තියාගන්න.—ෆිලි 1:12-14; එළි 2:10.
‘කොරියාවේ සහෝදරයන්ව සිරෙන් නිදහස් කරයි’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
අවුරුදු ගාණක් තිස්සේ දකුණු කොරියාවේ සහෝදරයන්ට හිරදඬුවම් විඳින්න වුණේ ඇයි?
අපේ සමහර සහෝදරයන්ට නියමිත කාලයට කලින් හිරෙන් නිදහස් වෙන්න පුළුවන් වුණේ අධිකරණවලින් ලැබුණු මොන තීන්දු නිසාද?
සමහර රටවල දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න නිසා හිරදඬුවම් විඳින අපේ සහෝදරයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
මේ කාලේදී අපි අද්දකින නිදහසින් උපරිම ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද?
නඩු විභාගවලදී අපි ලබන හැම ජයග්‍රහණයක් සම්බන්ධයෙන්ම ප්‍රශංසාව ලැබෙන්න ඕනෙ කාටද?
මට තියෙන නිදහස මං පාවිච්චි කරන්නේ කොහොමද?