දේවවචනය නිධානයක් | යොහන් 11-12
යේසුස් වගේ දයානුකම්පිත කෙනෙක් වෙන්න
යේසුස් දයානුකම්පාව පෙන්වපු විදිහ හරිම විශේෂයි කියන්නේ ඇයි?
මිනිසුන් මුහුණ දෙන හැම තත්වයක්ම යේසුස් අද්දැකලා තිබුණේ නැතත් එයාලගේ හැඟීම්, දුක, වේදනාව ඒ හැම දෙයක්ම ඔහු හොඳින් තේරුම්ගත්තා
තමන්ගේ හැඟීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න යේසුස් ලැජ්ජා වුණේ නැහැ
අවශ්‍යතාව තියෙන අයට උදව් කරන්න ඔහු මුල් පියවර ගත්තා