යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘පැති නොගැනීම වැදගත් ඇයි?’ (මීකා 4:2)
යෙහෝවා දෙවි හැමෝටම සලකන්නේ එකම විදිහට. (ක්‍රියා 10:34) ජාතිය, ආගම, දුප්පත් පොහොසත් භේද බලන්නේ නැතුව අපිත් ‘සියලුදෙනාටම යහපත් දේවල් කරයි’ කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. (ගලා 6:10) කාරුණික සමරිතානුවරයා ගැන යේසුස් කියපු උපමාවෙන් ඒ කරුණු දෙක අපිට හොඳින්ම තේරුම්ගන්න පුළුවන්.
‘පැති නොගැනීම වැදගත් ඇයි?’ (මීකා 4:2) කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
මීකා 4:2 සඳහන් වෙන්නේ මේ කාලේදී සිද්ධ වෙන දෙයක් ගැන කියලා අපි දන්නේ කොහොමද?
පැති නොගෙන ඉන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒක වැදගත් වෙන්නේ ඇයි?
මිනිස් ආණ්ඩු අපිව දේශපාලනයට පටලවාගන්න හදනවා කියලා එළිදරව් 13:16, 17 පදවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?
පැති නොගෙන ඉන්න එක අභියෝගයක් වෙන්න පුළුවන් මොන දේවල් තුන නිසාද?