දේවවචනය නිධානයක් | ලූක් 6-7
ත්‍යාගශීලී කෙනෙක් වෙන්න
ත්‍යාගශීලී කෙනෙක් තමන්ගේ කාලය, ශක්තිය සහ තමන් සතු දේවල් අනිත් අයට උදව් කරන්නත් දිරිගන්වන්නත් කැමැත්තෙන්ම යොදාගන්නවා.
“දීමට පුරුදු වන්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයෙන් කාවද්දන්නේ දිගටම කරන ක්‍රියාවක්. ඒ කියන්නේ අනිත් අයට දෙන එක අපි දිගටම කරන්න ඕන දෙයක් කියන එකයි
පුරුද්දක් විදිහට අපි අනිත් අයට දෙද්දී අනිත් අයත් අපිට දෙන්න පෙලඹෙයි. බයිබලයේ කියන්නේ ‘ඔවුන් දෙන විට දෙන දේ සොලවා, තද කර, පිරී ඉතිරී යන විදිහට ඔබේ ඔඩොක්කුවලට මැන දෙයි’ කියලයි. ඒ කාලේ සමහර වෙළෙන්දන් යම් දේවල් මිල දී ගන්නා අයගේ පිටත වස්ත්‍රයේ සකස් කරපු මල්ල පිරී ඉතිරී යන කල්ම ඒ දේවල් දාන්න පුරුදු වෙලා හිටියා. මේ පදයේ යොමු දක්වලා තියෙන්නේ ඒ පුරුද්ද ගැන වෙන්න ඇති