ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මැයි 8 පි.
  • “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා . . . ”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා . . . ”
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘දෙවි එක් කළ’ දේට ගෞරව කරන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දික්කසාදයද විසඳුම?
    2004 පිබිදෙව්!
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මැයි 8 පි.
පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අත් අල්ලාගෙන

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා . . . ”

දෙවි මෝසෙස්ට දුන්න නීතියේ සඳහන් වුණා කෙනෙක්ට දික්කසාද වෙන්න ඕනෙ නම් එයා නීතිමය ලියවිල්ලක් හදන්න ඕනෙ කියලා. ඒ නිසා මිනිසුන්ට හිතුමනාපෙට දික්කසාද වෙන්න පුළුවන් වුණේ නැහැ. ඒ වුණත් යේසුස්ගේ කාලේ හිටපු ආගමික නායකයන් පුංචි පුංචි හේතු මතත් දික්කසාද වෙන්න අවසර දීලා තිබුණා. (nwtsty මාක් 10:4 “අත්හැරීමේ පත්‍රයක්” යන සටහන; nwtsty මාක් 10:11 “තම බිරිඳව දික්කසාද කර,” “ඇයට ද්‍රෝහි වෙමින් අනාචාරයේ යෙදෙන බවයි” යන සටහන්) ඒ නිසා යේසුස් එයාලට මතක් කළා විවාහ සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවි කියලා. සැමියා සහ බිරිඳ “එක් කෙනෙකු මෙන්” කටයුතු කරයි කියලත් මැරෙන කල්ම එයාලා එකට ජීවත් වෙයි කියලත් දෙවි බලාපොරොත්තු වෙනවා. දික්කසාද වෙන්න තියෙන එකම පදනම “වේශ්‍යාකම” කියලයි බයිබලයේ සඳහන් වෙන්නේ.—මතෙ 19:9.

අද ඉන්න හුඟක් අය විවාහය දිහා බලන්නේ පරිසිවරු ඒ දිහා බලපු විදිහට. ප්‍රශ්නයක් ඇති වුණ ගමන් එයාලා ඉක්මනින්ම දික්කසාද වෙනවා. හැබැයි අපි ඊට වඩා වෙනස්. අපි විවාහ පොරොන්දුව කොහොමටවත් සැහැල්ලුවට ගන්නේ නැහැ. ප්‍රශ්න ඇති වෙද්දී අපි බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන ඒවා විසඳගන්න ලොකු වෑයමක් දරනවා. ‘පවුල් බැඳීම ශක්තිමත් කරන ආදරයයි, ගෞරවයයි’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • බයිබලය කියවමින්; බිරිඳ කතා කරද්දී ඇහුම්කන් දෙන සැමියෙක්; දෙකට ඉරා ඇති මංගල ඡායාරූපයක්

    හිතෝපදේශ 15:1 විවාහ ජීවිතයට අදාළ කරගන්න ඔයාට පුළුවන් කොහොමද? ඒක වැදගත් වෙන්නේ ඇයි?

  • හිතෝපදේශ 19:11 කියන දේ ප්‍රශ්න විසඳගන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

  • විවාහය දෙකඩ වෙන තරමටම ප්‍රශ්න ඇති වෙද්දී දික්කසාද වෙන එක ගැන හිතනවා වෙනුවට ඔයා කල්පනා කරන්න ඕනෙ මොනවා ගැනද?

  • මතෙව් 7:12 කියන දේ හොඳ සැමියෙක්, හොඳ බිරිඳක් වෙන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න