ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මාර්තු 7 පි.
  • “සෝදිසියෙන් සිටින්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සෝදිසියෙන් සිටින්න”
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සෝදිසියෙන් සිටීම ගැන පාඩමක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • අනතුරු ඇඟවීම් ඔයා හිතට ගන්නවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘විශ්වාසවන්ත දාසයා’ පරීක්ෂණයෙන් සමත් වෙයි!
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මාර්තු 7 පි.
යේසුස් යේසුස් කිව්ව උපමාවේ අවිවාහක තරුණියන් දහදෙනා

දේවවචනය නිධානයක් | මතෙව් 25

“සෝදිසියෙන් සිටින්න”

25:1-12

අවිවාහක තරුණියන් දහදෙනා ගැන උපමාව යේසුස් මූලිකවම කිව්වේ අභිෂේක ලත් අයට වුණත් ඒකෙන් දීපු මේ පණිවිඩය සියලුම ක්‍රිස්තියානීන්ට අදාළ වෙනවා. (w15 3/15 12-16) “එමනිසා සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.” (මතෙ 25:13) ඔයාට පුළුවන්ද ඒ උපමාවේ අර්ථය පැහැදිලි කරන්න?

  • මනාලයා (1වෙනි පදය)—යේසුස්

  • සූදානම්ව සිටින නුවණ ඇති තරුණියන් (2වෙනි පදය)—තමන්ගේ පැවරුම විශ්වාසවන්තව ඉටු කරමින් අන්තිමය දක්වාම දැල්වෙන පහන් මෙන් බැබළෙන අභිෂේක ලත් අය (ෆිලි 2:15)

  • “මෙන්න මනාලයා ඇවිත්!” කියා ඇහෙන හඬ (6වෙනි පදය)—යේසුස් පැමිණ සිටින කාලය ආරම්භ වෙලා කියලා තේරුම්ගන්න තියෙන සාක්ෂි

  • නුවණ නැති තරුණියන් (8වෙනි පදය)—මනාලයාව බලන්න පිටත් වුණත් දිගටම සෝදිසියෙන් සහ විශ්වාසවන්තව ඉන්නේ නැති අභිෂේක ලත් ක්‍රිස්තියානීන්

  • නුවණ ඇති කන්‍යාවන් තෙල් දෙන්න කැමති වුණේ නැහැ (9වෙනි පදය)—අවසන් මුද්‍රාව ලැබුණාට පස්සේ විශ්වාසවන්ත අභිෂේක ලත් අයට පුළුවන් වෙන්නේ නැහැ අවිශ්වාසවන්ත වුණු කිසි කෙනෙකුට උදව් කරන්න. මොකද ඒ වෙනකොට ප්‍රමාද වැඩියි

  • “මනාලයා පැමිණෙනවා” (10වෙනි පදය)—යේසුස් විනිශ්චය කරන්න එන්නේ මහත් පීඩාව අවසන් වෙන්න කිට්ටු වෙද්දියි

  • සූදානම්ව සිටි තරුණියන් මනාලයා සමඟ විවාහ උත්සවයට යනවා. ඊටපස්සේ දොර වහලා දානවා (10වෙනි පදය)—යේසුස් ඇවිත් විශ්වාසවන්ත අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරනවා. ඒත් අවිශ්වාසවන්ත අයට ඒ අවස්ථාව අහිමි වෙනවා

මේ උපමාවෙන් කියන්නේ අභිෂේක ලත් අයගෙන් වැඩිදෙනෙක් අවිශ්වාසවන්ත වෙනවා කියලවත් එයාලා වෙනුවට වෙන අයව තෝරාගන්නවා කියලවත් නෙවෙයි. ඒ වෙනුවට යේසුස් ඒ උපමාව කිව්වේ අනතුරු ඇඟවීමක් විදිහට. සූදානමින්, සෝදිසියෙන් ඉන්නවාද නැත්නම් අනුවණ විදිහට වැඩ කරමින් අවිශ්වාසවන්ත වෙනවාද කියන එක ගැන අභිෂේක ලත් හැම කෙනෙක්ටම තේරීමක් කරන්න වෙනවා. “ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න” කියලා යේසුස් කිව්වා. (මතෙ 24:44) අපිට තියෙන බලාපොරොත්තුව මොකක් වුණත් අපි දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න සූදානමින් ඉන්න එකත් සෝදිසියෙන් ඉන්න එකත් යේසුස් අපි හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා.

සෝදිසියෙන් ඉන්න මට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න