ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ඔක්තෝබර් 7 පි.
  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන අරමුණෙන් ජීවත් වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන අරමුණෙන් ජීවත් වෙන්න
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • තලෙන්ත ගැන උපමාවෙන් ඉගෙනගමු
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් වෙනුවෙන් ඔයාගේ උපරිමය කරලා සතුටු වෙන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔබව පොලඹවන්නේ කුමක්ද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ ‘සතුටු වෙන්න’ හේතුව මොකක්ද?
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ඔක්තෝබර් 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන අරමුණෙන් ජීවත් වෙන්න

ජීවිතය දෙවිගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. ගත වෙන දවසක් ගානේ අපි ජීවත් වෙන විදිහෙන් අපි ඒක කොච්චර අගය කරනවාද කියලා පෙන්වන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපි අපේ හැකියාවන් පාවිච්චි කරන්නේ අපිට ජීවිතය දුන්න යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නයි. (ගීතා 36:9; එළි 4:11) ඒත් එදිනෙදා ජීවිතේ අපි අද්දකින ප්‍රශ්න නිසා දෙවිට මුල් තැන දීලා වැඩ කරන්න අපිට තියෙන අධිෂ්ඨානය දෙවෙනි තැනට වැටෙන්න පුළුවන්. (මාක් 4:18, 19) ඒ නිසා මේ ගැන හිතන්න: ‘මං යෙහෝවා දෙවිට මගේ හොඳම දේ දෙනවාද? (හොෂෙ 14:2) මං කරන රස්සාව දෙවිට කරන සේවයට බාධාවක්ද? නමස්කාරය පැත්තෙන් මට තියෙන්නේ මොන වගේ ඉලක්කද? මගේ සේවය තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?’ ඒ දේවල් ගැන හිතලා වෙනස්කම් කරගන්න ඕනෙ කියලා තේරුණොත් දෙවිට යාච්ඤා කරලා ඒ වෙනස්කම් කරගන්න. අපි දෙවිට ප්‍රශංසා ගෙන දෙන විදිහට ජීවත් වෙනවා නම් සතුටින් පිරුණු තෘප්තිමත් ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන්.—ගීතා 61:8.

එඩ්ගාඩෝ ෆ්‍රැන්කෝ වේදිකාවේ; එඩ්ගාඩෝ ෆ්‍රැන්කෝ සේවයේ හවුල් වෙමින්

ඔයාගේ හැකියාවන් ඔයා යොදවන්නේ කවුරු වෙනුවෙන්ද?

‘ඔයාගේ දක්ෂතා යෙහෝවා දෙවි වෙනුවෙන් පාවිච්චි කරන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:

  • ඔයාගේ හැකියාවන් සාතන්ගේ ලෝකය වෙනුවෙන් යොදවන එක මෝඩ දෙයක් වෙන්නේ ඇයි? (1යොහ 2:17)

  • හොඳම දේ යෙහෝවා දෙවිට දෙන අයට ලැබෙන ආශීර්වාද මොනවාද?

  • ඔයාට ඉදිරිපත් වෙන්න පුළුවන් යෙහෝවා දෙවිගේ සේවයේ මොන වගේ දේවල් කරන්නද?

පවුලේ නමස්කාරයට යෝජනාවක්:

  • අවුරුදු ගාණක් පුරා යෙහෝවා දෙවිට සේවය කරන ප්‍රචාරකයෙක්ව හරි පූර්ණකාලීන සේවකයෙක්ව හරි පවුලේ නමස්කාරයට හවුල් කරගන්න. යෙහෝවා දෙවිට එයාගේ හොඳම දේ දෙන්න එයා කළේ මොන වගේ කැප කිරීම්ද, යෙහෝවා දෙවි එයාට ආශීර්වාද කරලා තියෙන්නේ කොහොමද කියලා අහන්න.

  • JW බ්‍රෝඩ්කාස්ටිං එකට ගිහින් අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා. ජීවිත කාලෙන් වැඩි හරියක් පූර්ණකාලීන සේවය කරපු අයගේ අද්දැකීම් එතන තියෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න