ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp20 අංක 3 13 පි.
  • අනිත් අයට උදව් කරලා ආශීර්වාද ලබන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනිත් අයට උදව් කරලා ආශීර්වාද ලබන්න
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ශුද්ධ ලියවිල්ලේ මෙහෙම කියනවා
  • අවශ්‍යතාව තියෙන අයට උදව් කරන්න පුළුවන් කොහොමද?
  • “කාරුණික සමරිතානුවරයෙක්” කියන්නේ කාටද?
    බයිබලයෙන් උත්තර
  • ඔබ යෙහෝවාගේ උපකාර පිළිගන්නවාද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජනවාර්ගික භේදවලට විසඳුම කුමක්ද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ඔබ දෙවි ඉදිරියෙහි පොහොසත්ද?’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp20 අංක 3 13 පි.
මිනිසෙක් සිතියමකින් තව කෙනෙක්ට පාර පෙන්වනවා.

ජාතිය, ආගම, වයස බලන්නේ නැතුව හැමෝටම උදව් කරන්න ඔයාටත් පුළුවන්ද?

අනිත් අයට උදව් කරලා ආශීර්වාද ලබන්න

ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක්ට හරි හමං කෑමක්වත් ඉන්න හිටින්න තැනක්වත් නැහැ. තවත් අයට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේ අයට උදව් කරද්දී දෙවියන්ගේ ආශීර්වාද අද්දකින්න අපිට පුළුවන්. ඒ කොහොමද?

ශුද්ධ ලියවිල්ලේ මෙහෙම කියනවා

“දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි. ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.”—හිතෝපදේශ 19:17.

අවශ්‍යතාව තියෙන අයට උදව් කරන්න පුළුවන් කොහොමද?

කොල්ලකරුවන්ගෙන් හොඳටම ගුටි කාලා සිහි නැතුව පාරේ වැටිලා හිටපු මිනිසෙක් ගැන යේසුස් උපමාවක් කිව්වා. (ලූක් 10:29-37) හොඳටම අසරණ වෙලා හිටපු ඒ මිනිසාව දැක්ක කෙනෙක් එයාගේ උදව්වට ආවා. තුවාල වෙලා හිටියේ තමන්ගේ ජාතියට අයිති කෙනෙක් නොවුණත් ඒ මිනිසාට උදව් කරන්න එයා ඒක බාධාවක් කරගත්තේ නැහැ.

එයා ඒ අසරණ කෙනාට පුළුවන් උපරිමයෙන් සාත්තු කරලා අවශ්‍ය දේවල් ලබා දුන්නා විතරක් නෙවෙයි එයා වැටිලා හිටපු තත්වයෙන් ගොඩ එන්නත් එයාට උදව් කළා.

ඒ උපමාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? යේසුස් උගන්වමින් හිටියේ අවශ්‍යතාව තියෙන අයට උදව් කරන්න අපි අපේ උපරිමයෙන් වෑයම් කරන්න ඕනෙ කියන එක ගැනයි. (හිතෝපදේශ 3:27) දෙවියන් ළඟදීම දුප්පත්කමට, දුක් කරදරවලට නිමාවක් ගේනවා කියලා ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. ඒත් දෙවියන් ඒ දේ කරන්නේ කොහොමද? කොයි කාලේදීද? ඔයාට ගොඩක් ආදරය කරන ඔයාගේ නිර්මාතෘ දෙන්න යන ආශීර්වාද මොනවාද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

“දෙවියන් මාව කවදාවත් තනි කළේ නැහැ”

ගැම්බියාවේ ඉඳන් වෙන රටක පදිංචියට ගිය කෙනෙක්

“යුරෝපයට ආවාම මට කිසිම දෙයක් තිබුණේ නෑ. අඩුම ගානේ ඉන්න තැනක්වත් කරන්න රස්සාවක්වත් අතේ සල්ලිවත් තිබුණේ නෑ. හැබැයි අනිත් අය මට උදව් කරන කල් බලන් ඉන්නේ නැතුව තත්වයට අනුව හැඩගැහෙන්න, මහන්සි වෙලා වැඩ කරන්න, අනිත් අයට උදව් කරන්න ශුද්ධ ලියවිල්ලෙන් ඉගෙනගත්ත දේවල් මට ගොඩක් උදව් වුණා. දෙවියන් මාව කවදාවත් තනි කළේ නැහැ. ඔහු මට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න