දේවවචනය නිධානයක් | ගීතාවලිය 45-51
බිඳුණු සිත් ඇති අයව යෙහෝවා දෙවි හෙළා දකින්නේ නැහැ
දාවිත් 51වෙනි ගීතිකාව රචනා කළේ බැත්-ෂෙබා එක්ක කරපු පාපය ගැන අනාගතවක්තෘ නාතන් එයාට පෙන්වලා දුන්නාට පස්සෙයි. ඒ ගැන දාවිත්ගේ හිත හුඟක් වධ දුන්නා. එයා කරපු වරද නිහතමානීව පිළිගත්තා.—2සාමු 12:1-14.
දාවිත් පාපයක් කළත් දෙවි එක්ක තිබුණු බැඳීම ආයෙත් ඇති කරගන්න එයාට අවස්ථාව තිබුණා
පසුතැවිලා තමන් කරපු වරද ගැන කියන කල් දාවිත්ගේ හිත හුඟක් වධ දුන්නා
දෙවිගේ අනුමැතිය අහිමි වුණු එක ගැන එයා කොයි තරම් දුක් වුණාද කියනවා නම් එයාට හැඟුණේ එයාගේ ඇඟේ ඇට බිඳලා දාලා වගෙයි
සමාව සහ එයා කලින් අද්දැක්ක සතුට ලබාගන්නත් දෙවි එක්ක තිබුණු බැඳීම ආයෙත් ඇති කරගන්නත් එයාට ලොකු උවමනාවක් තිබුණා
දෙවි කැමති විදිහට ජීවත් වෙන්න තමන් තුළ ආසාවක් ඇති කරන්න කියලා එයා යෙහෝවා දෙවිගෙන් බැගෑපත්ව ඉල්ලුවා
යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම සමාව දෙයි කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණා