දේවවචනය නිධානයක් | ගීතාවලිය 34-37
යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා යහපත් දේ කරන්න
“අධර්මිෂ්ඨකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න”
දුෂ්ට මිනිසුන් තාවකාලිකව දියුණු වෙනවා දකිද්දී ඒ ගැන කේන්ති අරන් යෙහෝවා දෙවිට සේවය කරන එක නතර කරන්න එපා. අනාගතයේදී ඔයාට ලැබෙන ආශීර්වාද ගැනත් ඔයාට කරන්න පුළුවන් දේවල් ගැනත් හිතන්න
“යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න”
සිත්තැවුලක් හරි සැකයක් හරි ඇති වෙන ඕනම වෙලාවක යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා කියලා විශ්වාස කරන්න. දිගටම විශ්වාසවන්තව ඉන්න දෙවි ඔයාට උදව් කරයි
දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය අනිත් අයට කියන්න ඔයාගේ උපරිමය කරන්න
“යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න”
යෙහෝවා දෙවිව තවත් හොඳින් දැන හඳුනා ගැනීමේ අරමුණින් බයිබලය කියවලා ඒ ගැන හිතන්න වෙලාව වෙන් කරගන්න
“ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න”
ඕනෙම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන්න යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා කියලා විශ්වාස කරන්න
විරුද්ධවාදීකම්, පීඩා සහ බොරු චෝදනා මැද වුණත් ඔයාගේ හැසිරීම යහපත්ව තියාගන්න
“යෙහෝවා දෙවි ක්‍රියා කරන තෙක් නිහඬව, ඉවසිලිවන්තව බලා සිටින්න”
හිතුවක්කාර විදිහට හැසිරෙන්න එපා. ඒකෙන් අපි අද්දකින ප්‍රීතියත්, දෙවිගෙන් ලැබෙන රැකවරණයත් නැති වෙනවා
“නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය”
ඔයා අද්දකින හැම අසාධාරණයකටම යෙහෝවා දෙවි විසඳුමක් දෙන කල් නිහතමානීව, මෘදුකමින් කටයුතු කරන්න
ළඟදීම අපිට ලැබෙන්න නියමිත පාරාදීස පොළොව ගැන කතා කරලා මානසික පීඩනයෙන් ඉන්න අයවත් අපේම සහෝදර සහෝදරියන්වත් දිරිගන්වන්න
දෙවිගේ රාජ්‍යයෙන් අපිට ආශීර්වාද ගොඩක් ලැබෙනවා