‘ඔබට නොසැලෙන විශ්වාසයක් තිබෙනවාද?’
යෙරුසලම වටලලා විනාශ කරන්න ටික කාලෙකට කලින් යහපත් හේවායන් වන ක්‍රිස්තියානීන්ට දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා කියලා පාවුල් කිව්වා. ඒ වගේම තමන්ගේ සැප පහසුව ගැන අවධානය දෙන්න එපා කියලත් කිව්වා. (2 තිමෝ. 2:3, 4) මේ දුෂ්ට ලෝකය ළඟදීම විනාශ වෙනවා. ඒ නිසා අපි නමස්කාරයට සම්බන්ධ දේවලට හොඳ අවධානයක් දීලා අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න ඕනේ. (2 කොරි. 4:18; 5:7) ‘ඔබට නොසැලෙන විශ්වාසයක් තිබෙනවාද?’ කියන වීඩියෝ එක බලන්න. (jw.org/si වෙබ් අඩවියේ ප්‍රකාශන > වීඩියෝ යටතේ බලන්න.) තමන් සතු දේවල්වලට ලොකු ආශාවක් ඇති කරගත්ත එක නහම්ටයි අබිටල්ටයි මාරාන්තික උගුලක් වුණේ කොහොමද කියලා දැනගන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න.
(1) පළවෙනි සියවසේදී ශුද්ධස්ථානයේ තිබුණ “විනාශය සිදු කරන පිළිකුල් දෙය” මොකක්ද? යෙරුසලමේ හිටිය ක්‍රිස්තියානීන්ට ගන්න සිද්ධ වුණේ මොන තීරණයද? (මතෙ. 24:15, 16) (2) නගරයෙන් පලා යන්න විශ්වාසය අවශ්‍ය වුණේ ඇයි? (3) පලා යන්න මොන වගේ කැප කිරීම් කරන්න වුණාද? (4) නහම් සහ අබිටල් ප්‍රමාද වුණේ ඇයි? (මතෙ. 24:17, 18) (5) යෙරුසලමෙන් පලා යද්දී රාකෙල්ගේ විශ්වාසය අභියෝගයට ලක් වුණේ තවත් මොන හේතුවක් නිසාද? (මතෙ. 10:34-37; මාක් 10:29, 30) (6) විශ්වාසය තැබීම සම්බන්ධයෙන් ඒතන් කදිම ආදර්ශයක් වුණේ කොහොමද? (7) පෙලාවලදී ක්‍රිස්තියානීන් අද්දැක්කේ මොන වගේ දුෂ්කරතාද? (8) නහම්ගෙයි අබිටල්ගෙයි විශ්වාසය ටිකෙන් ටික අඩු වුණේ කොහොමද? (9) පෙලාවලදී යෙහෝවා දෙවි ක්‍රිස්තියානීන්ව බලාගත්තේ කොහොමද? (මතෙ. 6:33; 1 තිමෝ. 6:6-8) (10) අවසාන කාලයේ ඉන්න අපිට ආබ්‍රහම් සහ සාරාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (හෙබ්‍රෙ. 11:8-10) (11) යෙරුසලමට ආපහු යන්න නහම් සහ අබිටල් මවාගත්තේ මොන වගේ හේතුද? ඔවුන් හිතුව විදිහ වැරදි ඇයි? (ලූක් 21:21) (12) ආපහු නහම් සහ අබිටල් ගියාම යෙරුසලමේ තිබුණේ මොන වගේ තත්වයක්ද? (13) අවසානය එන්න කලින් අපි දැන්ම අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕන ඇයි?—ලූක් 17:31, 32; 21:34-36.
නොසැලෙන විශ්වාසයක් ඇතුව ඉන්න නම් (1) දෙවිගේ මඟ පෙන්වීම් විශ්වාස කරන්නත් (2) ඒවාට අනුව වැඩ කරන්නත් (3) අපි සතු දේවලට වඩා දෙවි එක්ක තියෙන බැඳීම වටිනවා කියලා පෙන්වන්නත් ඕනේ. “මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය” කියලා අපි දන්න නිසා නොසැලෙන විශ්වාසයක් ඇතුව ඉන්න අදිටන් කරගමු.—1 යොහ. 2:17.