ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/15 3 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2015 අපගේ රාජ්‍ය සේවාව
2015 අපගේ රාජ්‍ය සේවාව
km 12/15 3 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2015 දෙසැම්බර් 28න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.

  1. 1 ලේකම් 20:3 කියවලා සමහරු නිගමනය කරන්නේ දාවිත් ඔහු අල්ලාගත් මිනිසුන්ට කුරිරු ලෙස සැලකුවා කියලයි. ඒක ඇත්තද? [නොවැ. 2, w05 2/15 27 පි.]

  2. ත්‍යාගශීලී ස්වභාවයක් පෙන්වන්න දාවිත් පෙලඹුණේ ඇයි? ඒ දේ කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (1 ලේක. 22:5) [නොවැ. 9, w05 10/1 11 පි. 8 ඡේ.]

  3. ‘මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගන්න’ කියලා දාවිත් සලමොන්ට කිව්වේ ඇයි? (1 ලේක. 28:9) [නොවැ. 16, w10 11/1 30 පි. 3, 7 ඡේ.]

  4. 2 ලේකම් 1:10 සලමොන් කිව්ව දෙයින් ඔහු ගැන හෙළි වුණේ මොකක්ද? අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරන්නේ මොන වගේ දේවල් ගැනද කියලා හිතලා බලන්න ඕන ඇයි? (2 ලේක. 1:11, 12) [නොවැ. 23, w05 12/1 19 පි. 6 ඡේ.]

  5. 2 ලේකම් 6:29, 30ට අනුව යෙහෝවා දෙවිට තියෙන්නේ මොන විශේෂ ගුණාංගයද? අපි යාච්ඤා කරද්දී හිතේ තියෙන හැම දෙයක්ම කියන්න ඕන ඇයි? (ගීතා. 55:22) [නොවැ. 30, w10 12/1 11 පි. 7 ඡේ.]

  6. බලවත් සතුරු සේනාව පරාජය කරන්න ආසා රජ දෙවිගෙන් උපකාර ඉල්ලුවේ ඇයි? අද අපි කරන සටන ගැනත් කියන්න පුළුවන් මොකක්ද? (2 ලේක. 14:11) [දෙසැ. 7, w12 8/15 8 පි. 6 ඡේ.–9 පි. 1 ඡේ.]

  7. යෙහෝෂපාට් රජ වරදක් කරපු අවස්ථාවේ යෙහෝවා දෙවි ක්‍රියා කරපු විදිහෙන් ඔහුගේ ප්‍රේමය පිළිබිඹු වුණේ කොහොමද? අපිත් අනිත් අය දිහා බලන්න ඕන කොහොමද? (2 ලේක. 19:3) [දෙසැ. 14, w03 7/1 17 පි. 13 ඡේ.; cl 244 පි. 12 ඡේ.]

  8. අපි ‘ඉදිරියට යන්නත්’ ‘නිශ්චලව බලා සිටින්නත්’ ඕන ඇයි? ඒක කරන්නේ කොහොමද? (2 ලේක. 20:17) [දෙසැ. 21, w05 12/1 21 පි. 3 ඡේ.; w03 6/1 21 පි. 15-16 ඡේ.]

  9. යෙහෝරම්ගේ මරණය ගැන 2 ලේකම් 21:20 තියෙන දෙයින් අපිට මතක් කරන්නේ මොකක්ද? [දෙසැ. 21, w98 11/15 32 පි. 4 ඡේ.]

  10. 2 ලේකම් 26:5 කියන විදිහට තරුණ උසියාට යහපත් බලපෑමක් වුණේ කාගේ ආදර්ශයද? සභාවේ ඉන්න අවබෝධයෙන් ක්‍රියා කරන වැඩිහිටි අයගෙන් යෞවනයන්ට ප්‍රයෝජන ලබාගන්න පුළුවන් කොහොමද? [දෙසැ. 28, w07 12/15 10 පි. 2, 4 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න