ඔක්තෝබර් 12න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 73 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 10වෙනි පරි. 16-24 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 5-7 (විනා. 8යි)
අංක 1: 1 ලේකම් 6:48-60 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: බයිබලය ලිව්වේ කොහොමද?—w14 2/1 16 පි. (විනා. 5යි)
අංක 3: යේසුස් දිවි පිදුව නිසා ලැබෙන ආශීර්වාද මොනවාද?—w14 3/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘මුල් ඇද, ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න.’—කොලො. 2:6, 7.
විනා. 10: ‘මුල් ඇද, ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න.’ මාසයේ තේමාව පදනම් කරගත් කතාවක්. මාසයේ තේමාවේ කියන දෙයින් අදහස් කරන්නේ මොකක්ද? ඒක කරන්න පුළුවන් කොහොමද? (1998 ජූනි 1 ‘මුරටැඹ’ 10-12 පි. බලන්න.) කොලොස්සි 2:6, 7; හෙබ්‍රෙව් 6:1 සහ යූද් 20, 21 කියවලා සාකච්ඡා කරන්න. මේ මාසයේ සේවා රැස්වීමේ සමහර කොටස් තෝරගෙන මාසයේ තේමාවට ඒවා අදාළ වෙන විදිහ කියන්න.
විනා. 20: “සේවයේ දක්ෂ වීමට හොඳ අධ්‍යයන පුරුදු ඇති කරගන්න ශිෂ්‍යයන්ව පුහුණු කරන්න.” සාකච්ඡාවක්. අද්දැකීම් ලත් ප්‍රචාරකයෙක් සහ ශිෂ්‍යයෙක් කරන නිරූපණයක් ඇතුළත් කරන්න. ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකට ගිහින් ප්‍රශ්නයකට බයිබලයෙන් උත්තර හොයාගන්න විදිහ ප්‍රචාරකයා ශිෂ්‍යයාට පෙන්වනවා.
ගීතිකා අංක 116 සහ යාච්ඤාව