සැප්තැම්බර් 28න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 36 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 10වෙනි පරි. 1-8 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 රාජාවලිය 23-25 (විනා. 8යි)
අංක 1: 2 රාජාවලිය 23:8-15 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යේසුස් රජ හැටියට ඇවිත් මොනවාද කරන්නේ?—w13 12/1 16 පි. (විනා. 5යි)
අංක 3: දෙවි පියාණන් මොන වගේ කෙනෙක්ද?—w14 1/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දෙන්න.’—ක්‍රියා 20:24.
විනා. 10: පාවුල් සහ ඔහු සමඟ ගමන් කළ අය ෆිලිප්පියේදී ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දෙයි. සාකච්ඡාවක්. ක්‍රියා 16:11-15 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තාව සේවය සඳහා උදව් වෙන විදිහ සාකච්ඡා කරන්න.
විනා. 20: “‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවෙන් උගන්වන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. 3වෙනි ඡේදයෙන් පස්සේ ප්‍රචාරකයෙක් ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව දීලා 1වෙනි ඡේදය සාකච්ඡා කරන විදිහ හොඳින් සූදානම් කළ නිරූපණයකින් පෙන්වන්න.
ගීතිකා අංක 114 සහ යාච්ඤාව