අගෝස්තු 10න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 130 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” උපග්‍රන්ථය 246-249 පිටු (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 21-22 (විනා. 8යි)
අංක 1: 1 රාජාවලිය 22:13-23 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවියන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?—igw 28 පි. 1-4 ඡේ. (විනා. 5යි)
අංක 3: යුග දිවිය සතුටින් ගත කරන්නේ කොහොමද?—w13 9/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.”—යොෂු. 24:15.
විනා. 10: “මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.” මාසයේ තේමාව මත පදනම් කතාවක්. ද්විතීය කතාව 6:6, 7, යොෂුවා 24:15 සහ හිතෝපදේශ 22:6 කියවලා අදාළ කරන්න. නමස්කාර කටයුතුවලදී සැමියන්ටත් පියවරුන්ටත් මූලිකත්වය ගැනීමට තියෙන වගකීම ගැන පෙන්වන්න. පවුල්වලට සංවිධානයෙන් දීලා තියෙන දේවල් ගැන කියන්න. මේ මාසයේ සේවා රැස්වීමේ සමහර කොටස් මාසයේ තේමාවට අදාළ වෙන විදිහ කෙටියෙන් කියන්න.
විනා. 20: “සේවයේ දක්ෂ වීමට අලුත් අයව පුහුණු කරන්න.” සාකච්ඡාවක්. මේ ලිපියේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගෙන දරුවන්ට සත්‍යය තුළ දියුණු වෙන්න උදව් කරන්න දෙමව්පියන්ට පුළුවන් විදිහ ගැන සබයෙන් අහන්න. පුතා හරි දුව හරි එක්ක තාත්තා ඉදිරිපත් කිරීමකට සූදානම් වෙන විදිහ නිරූපණය කරන්න.
ගීතිකා අංක 93 සහ යාච්ඤාව