ජූලි 20න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 130 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 7වෙනි පරි. 1-9 ඡේ. සහ 88, 90වෙනි පිටුවල කොටු (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 12-14 (විනා. 8යි)
අංක 1: 1 රාජාවලිය 12:21-30 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: හැමදාටම ජීවත් වෙන්න නම් අපි මොනවද කරන්න ඕන?—w13 7/1 16 පි. (විනා. 5යි)
අංක 3: ස්වාමිපුරුෂයන්ට හා පියවරුන්ට බයිබලයේ තියෙන මඟ පෙන්වීම් මොනවාද?—igw 26 පි. 1- 2 ඡේ. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “ගොස් . . . ගෝලයන් වෙන්න උපකාර කරන්න.”—මතෙ. 28:19, 20.
විනා. 20: බයිබල් චිත්‍ර කතා යොදාගෙන ඔබේ දරුවන්ට ගෝලයන් වෙන්න උදව් කරන්න. “දෙවියන් මෝසෙස්ව ඊජිප්තුවට යවයි” කියන බයිබල් චිත්‍ර කතාව මත පදනම් සාකච්ඡාවක්. (jw.org/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න.) චිත්‍ර කතාවේ දෙබස් පේන විදිහට තිරයක දිස් වෙන්න සලස්වන්න. හැකි නම් එක් එක් චරිතයට අදාළ කොටස් කියවන්න කියලා දරුවන්ට කලින්ම බාර දෙන්න. ඊටපස්සේ දෙමව්පියන්ගේ අනුමැතිය ඇතුව දරුවන් කීපදෙනෙක්ව වේදිකාවට කැඳවලා “මේ කතාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?” කියන කොටස සාකච්ඡා කරන්න. චිත්‍ර කතා පාවිච්චි කරලා දරුවන්ට ගෝලයන් වෙන්න උදව් කරන්න කියලා දිරිගන්වමින් අවසන් කරන්න.
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. සාකච්ඡාවක්.
ගීතිකා අංක 66 සහ යාච්ඤාව