ජූනි 15න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 31 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 5වෙනි පරි. 7-15 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 සාමුවෙල් 22-24 (විනා. 8යි)
අංක 1: 2 සාමුවෙල් 22:21-32 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සමාව ලබාගන්න කරන්න ඕනේ මොනවද?—w13 5/1 15 පි. (විනා. 5යි)
අංක 3: ප්‍රේමය හා කීකරුකම මගින් සතුට ලැබෙයි—igw 22 පි. 4-6 ඡේ. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “අතීත දවස් සිහි කරන්න.”—ද්වි. 32:7.
විනා. 12: ඔයා කැමතිම බයිබල් චරිතය කවුද? සම්මුඛ සාකච්ඡාවක් සහ කතාවක්. කුඩා දරුවන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් කැඳවන්න. කැමතිම බයිබල් චරිතය කවුද කියලා අහන්න. ඔහු හෝ ඇය කෙරුවේ මොනවාද? ඒ කෙනාව ආදර්ශයට ගන්න කැමති කොයි වගේ පැතිවලින්ද? jw.org වෙබ් අඩවියේ තියෙන බයිබල් චරිතවලින් දරුවන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහ පැහැදිලි කරන්න. (බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න.) හැම බයිබල් චරිතයකම තොරතුරු, පින්තූරේ, ඔහු හිටිය තැන පෙන්වන සිතියමක්, හිටිය කාලය වගේම ඔහු ගැන ප්‍රශ්න තුනක් සහ උත්තරත් සටහන් කරලා තියෙනවා. හැම එකක්ම ප්‍රින්ට් කරලා එකතු කරගන්න පුළුවන්. දරුවන්ට “අතීත දවස්” ගැන කියලා දෙන්න මේවා උදව් කරගන්න කියලා දෙමව්පියන්ව දිරිගන්වන්න.—ද්වි. 32:7.
විනා. 18: “අද්දැකීම් ඇති ප්‍රචාරකයන්ගෙන් ඉගෙනගන්න.” සාකච්ඡාවක්. දෙවෙනි ඡේදය සලකා බලද්දී අද්දැකීම් ඇති ප්‍රචාරකයෙක් එක්ක සේවයේ යෑමෙන් ලැබුණු ප්‍රයෝජන ගැන සබයෙන් අහන්න.
ගීතිකා අංක 4 සහ යාච්ඤාව