මැයි 25න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 63 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 4වෙනි පරි. 52-55 පිටු (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 සාමුවෙල් 13-15 (විනා. 8යි)
අංක 1: 2 සාමුවෙල් 13:34–14:7 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: වැඩ කිරීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?—igw 20 පි. 1-3 ඡේ. (විනා. 5යි)
අංක 3: බයිබලේ තේරුම්ගන්න පුළුවන්ද?—w13 4/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: හැම තරාතිරමකම ඉන්න අයට සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබා දෙන්න.—1 තිමෝ. 2:3, 4.
විනා. 10: කණ්ඩායම භාර සහෝදරයා එක්ක කරන සාකච්ඡාවක්. ඔබේ පැවරුමට ඇතුළත් වෙන්නේ මොනවාද? කණ්ඩායමේ ඉන්න අයව රැක බලාගන්නේ හා දේවසේවය සඳහා ඔවුන්ට උදව් කරන්නේ කොහොමද? ප්‍රචාරකයන්ගේ ලිපිනය හරි, දුරකථන අංකය හරි වෙනස් වුණොත් ඒ ගැන ඔබට දැනුම් දෙන එක වැදගත් ඇයි? සභාවම එක තැනක රැස් නොවී කණ්ඩායම් හැටියට වෙන වෙන තැන්වල රැස් වෙන්න වැඩිමහල්ලන් සැලසුම් යොදන්නේ ඇයි?
විනා. 20: “අන්ධ අයට උදව් කරමු.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. නිරූපණයක් කරන්න.
ගීතිකා අංක 96 සහ යාච්ඤාව