අප කළ සේවය
මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමට සමහර සභාවලින් යෙදුව සැලසුම් සාර්ථකයි. හලාවත ප්‍රදේශයේ ජංගම පුවරුවක් ළඟට ආව රෝහල් සේවකයෙක් අපේ සහෝදරයන්ගෙන් මෙහෙම ඇහුවා. “දේවරාජ්‍යය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?” ලැබුණ පැහැදිලි උත්තරය අගය කරපු ඔහු බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. දැන් ඔහු දිගටම බයිබලය පාඩම් කරනවා විතරක් නෙමෙයි රැස්වීම්වලටත් එනවා.