අප්‍රියෙල් 20න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 77 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 3වෙනි පරි. 8-15 ඡේ. සහ 34වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 23-25 (විනා. 8යි)
අංක 1: 1 සාමුවෙල් 23:13-23 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අනාගතය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?—igw 16 පි. 1-3 ඡේ. (විනා. 5යි)
අංක 3: යේසුස්ව දෙවිගේ පුත්‍රයා කියලා හඳුන්වන්නේ ඇයි?—w13 3/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ඥානවන්තව “ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆී. 5:15, 16.
විනා. 15: “පොත් පත් ප්‍රදර්ශනය කරලා සාක්ෂි දරන විදිහ.” සාකච්ඡාවක්. නිරූපණයක් කරන්න. ප්‍රචාරකයන් දෙන්නෙක් පුවරුවක් හෝ මේසයක් ළඟ ඉන්නවා. ප්‍රචාරකයෙක් එතනින් යන කෙනෙක් එක්ක හිනා වෙලා නිකම් ඉන්නවා. අනිත් ප්‍රචාරකයා ඊළඟට එන කෙනා එක්ක හිනා වෙලා ළඟට ආවම ප්‍රශ්නයක් අහලා හොඳ සාකච්ඡාවක් පටන්ගන්නවා. මේ ක්‍රමයට සාක්ෂි දරන්නේ නැති වෙලාවලත් දෙවෙනි ප්‍රචාරකයා කළ දේ අත්හදා බලන්න පුළුවන් කොහොමද?
විනා. 15: පෞද්ගලික අධ්‍යයනය අවබෝධයෙන් ක්‍රියා කරන්න අපිට උපකාර කරයි. ‘සේවා පාසැල්’ පොතේ 27-32 දක්වා පිටු මත පදනම් සාකච්ඡාවක්. හොඳ අධ්‍යයන පුරුදු ඇති ප්‍රචාරකයෙක්ව සාකච්ඡාවකට කැඳවන්න.
ගීතිකා අංක 75 සහ යාච්ඤාව